
වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් චන්ග් මහත්මිය පැවැසුවාය.තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය ප්‍රකාශ කළාය.






2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජුලී චන්ග් සිරිපා කරුණා කර ගත් වගයි
Aruna Sunday, 21 January 2024 10:29 PM
මෙයාට යන්න තිබ්බේ කැළණියට
Prabha Monday, 22 January 2024 03:42 AM
පාරේ බස් එකේද ගිහින් තියෙන්නේ
Chaminda Tuesday, 23 January 2024 06:48 AM
ඇමරිකන් තානාපති වෙලා ඇවිත් ශ්‍රීපාදය වන්දනාවේ ගියාම ලංකාවෙ එකෙක් අහනවා බස් එකේද ගිහිල්ලා තියෙන්නෙ කියලා .එයාට ඒ රටින් අවශ්‍යතා සදහා වාහන ඉන්ධන ආදි සියලු දේවල් දෙනවා. ඒත් සමනල කන්ද නගින්න වාහනයක් හදන්න කාටවත් බැහැ කියලා ප්‍රභාට තේරුම් ගන්න බැරි කවදාවත්ම ශ්‍රීපාදස්ථානයට ගිහිල්ලා නැතිනිසා වෙන්නම ඇති
Senarath Monday, 22 January 2024 04:04 AM
මේක හරිම මිහිරියි...සුබ පැතුම්
Perera Monday, 22 January 2024 06:21 AM
අපේ ඇමැතියෙක් එහෙම ගියා නම් එදාට ගාඩ් එකත් දාගෙන යන්නත් බැරිවෙනවා.
H.D.J. Monday, 22 January 2024 12:59 PM
ඇඩම්ස් පීක්, ‘‘සිරිපා‘‘ ලංකාවේ ඉහළම උතුම් ස්ථානයක්.. මට ගොඩක් සතුටුයි... ස්තුතියි මැඩම්...!
Chinthaka Monday, 22 January 2024 02:29 PM
අහන්නත් සන්තෝෂයි , ආඩම්බරයි මැඩම් ඔබ ගැන
Nimal R Monday, 22 January 2024 02:36 PM
බොරු සෝබනේට... මොනවා හරි ඔත්තු බලන්න යන්න ඇත්තේ...!
Muthukumara Monday, 22 January 2024 04:54 PM
ඔබ විසින් ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝකයටම ලබාදුන් ඔබගේ ශ්‍රේෂ්ඨ නායකත්වය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ මිනිසත්බවට තෙරුවන් සරණ සහ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි...!
L. P weerakkody Monday, 22 January 2024 10:21 PM
ඇමරිකන් තානාපතිනිය ශ්‍රී ලංකාවේ අනික් තානාපතිවරුන්ට ආදර්ෂයක්... ඔබ අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වනවාට සැක නැහැ.
Sena Alwis Tuesday, 23 January 2024 08:37 AM
දුර බලන දූර දර්ශකයුත් අරන් ගියාද ඔත්තු බලන්න.