
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය.
එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ.
විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තව අවුරුදු පහක් විතර තියෙයි. ඇමරිකාව කාල, ලෝකෙ තව රටවලුත් විනාශ කරල ට්‍රම්පච්චි රට ගොඩනගල යනකන් ඉන්න වෙනවා. ඊට පස්සේ ඩිමොක්රට්ස්ල දිනල මේ වැඩසටහන් වගේම ආර්ථිකේත් හදනවා.
මෙතෙක් කලක් ලංකාව සිටි ඇමරිකානු තානාපති වරුන්ට වැඩිය වෙනසක් ජුලි චං ගෙන් දැක ගන්නට පුළුවන්, ඇය ඇත්තටම ලංකාවට ආදරය කරන බවක් පෙනෙනවා. නමුත් ඇයට වැඩ කිරීමේදී ඇමරිකානු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන්න සිද්ධවෙලා ඇති.
ගවුමකින් සැරසුණු විදෙස් කාන්තාවක්, සාරියකින් සැරසුණු දේශීය පිරිමියෙක් සමඟ...!
තේ පැන් සංග්‍රහයට තිබුනේ පැණි ආප්පද?