
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය.
එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ.
විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජූලි චංග් අගමැතිනි හමුවෙයි
Suneth Friday, 23 May 2025 09:15 AM
මේක තව අවුරුදු පහක් විතර තියෙයි. ඇමරිකාව කාල, ලෝකෙ තව රටවලුත් විනාශ කරල ට්‍රම්පච්චි රට ගොඩනගල යනකන් ඉන්න වෙනවා. ඊට පස්සේ ඩිමොක්රට්ස්ල දිනල මේ වැඩසටහන් වගේම ආර්ථිකේත් හදනවා.
අරවින්ද මොණරවිල Friday, 23 May 2025 09:26 AM
මෙතෙක් කලක් ලංකාව සිටි ඇමරිකානු තානාපති වරුන්ට වැඩිය වෙනසක් ජුලි චං ගෙන් දැක ගන්නට පුළුවන්, ඇය ඇත්තටම ලංකාවට ආදරය කරන බවක් පෙනෙනවා. නමුත් ඇයට වැඩ කිරීමේදී ඇමරිකානු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන්න සිද්ධවෙලා ඇති.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Friday, 23 May 2025 03:14 PM
ගවුමකින් සැරසුණු විදෙස් කාන්තාවක්, සාරියකින් සැරසුණු දේශීය පිරිමියෙක් සමඟ...!
කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Friday, 23 May 2025 03:17 PM
තේ පැන් සංග්‍රහයට තිබුනේ පැණි ආප්පද?