ජල ගාස්තු සියයට 30කින් ඉහළ නැංවීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සාමාන්‍ය ජනතාව තලා පෙලන අයුරින් ජල ගාස්තු වැඩි නොකළ යුතු බවට මෛත්‍රීපාල සිරිසේන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.
සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් ජල බිල ඉහළ නැංවීම පිළිබඳ සොයාබැලීමට රවුෆ් හකීම්, රවි කරුණානායක, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ බව ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පා!දැනුයි යාන්තම් හුස්ම වැටුනේ (අ)
මේ විදිහට හරි වැඩේ ගොඩින් බේරගන්න හිතපු එක නම් බොහොම හොදයි. (අ)
අනේ අපේ මැතිඳුන්ට පත්තරයක් ලබාදුන් කෙනාට පින්! (නි)
වැඩේ වකුරු කරගන අන්තිමට දෙන විසැදුමෙන් වෙන්නේ රජය තවතවත් අප්‍රසාදයට පත්වෙනවා.අැයි මේ ගැන දෙවරක් නොසිතන්නේ. ළගදී සිදු වුණු අබාධිත සෙබළ විශ්‍රාමික දීමනාව දීලත් අන්තිමට නරකනාමය. මේවා රජය අපහසුතාවයට පත් කිරීමෙට සැලසුම් සහගතව කරන්නේ දැයි අගමැතිතුමවත් සොයා බලන්න. (අ)
ඇමතිලා වැඩිකරනවා ජනපති අඩුකරනවා. මේකට අපි කියන්නේ මුට්ටිය දාලා බලනවා කියලා. (අ)
කොහොමහරි වැඩිවෙන්නේ නැත්නම් ඒ ඇති (නි)
අර්ජුන, ඔව් ඔව් හොයයි. අර බැඳුම්කරය වගේ (නි)
එළ හරකයි මී හරකයි එක නඟුලේ බැඳලා කෙත හානකොට වෙන දේ දන්නවානේ. මට වෙන කියන්න දෙයක් නැහැ (නි)
සත්‍යා, එළ හරකයි මී හරකයි එක නඟුලේ හොදට හානවා. වෙන හොඳ උපමාවක් කල්පනා කරලා එවන්න. (නි)
ඕවට තමයි කියන්නේ අපේ නාට්‍ය කර්මාන්තය දැන් හොලිවුඩ් වලටත් එහා ගිහින් කියලා! (නි)
මෙි ගමන මෙි ආකාරයෙන් යන්න බැරිබවනම් අපිට තේරෙනවා. කිසිම ස්ථීරබවක් නැති තීරණ. ඇන්දිලා ඇන්දිලා දැන්නම් ඇති වෙලා. (බ)
ජනපතිතුමා, මිල වැඩි කරන්න කලින් දැනුවත් වී එයට පියවර ගැනීම ලොකු දෙයක් (ම)
ගිය පාර වගේ මේ පාරත් අය වැය කතාවේ "ගරු කතානායකතුමනි " කියන කොටස හැර ඉතුරු ටික ඔක්කොම වෙනස් වෙයි වගේ (අ).
ඔබ තුමන්ලා මේවා හොයාබලල නෙමෙයිද තීන්දු තීරණ දෙන්නේ එතකොට. (අ)
මේක පුදුම වැඩක් නේ ජනාදිපති තුමාට විතරද ජනතාවගේ දුක දැනෙන්නේ? (අ)
ජනාධිපති තුමා ජල බිල වැඩි කරන්න එපා කිවුවේ මාධ්‍ය වලින් දන ගත්තට පස්සේ වෙන්න බැහැ.රවී, අය-වැය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල දිනයේදී මේ පුවත ජනපති කනට වැටුන වෙන්නත් බැහැ. මා හිතන් හිටියේ අය-වැය ඉදිරිපත් කිරීමට පෙර, ජනපති, අගමැති, මුදල් ඇමති සහ සමීප ඇමතිවරුන් එකතුවී වට මේස සාකච්චා පවත්වා, "මල් නොතලා රොන් ගන්නා" විදියේ යෝජනා ඉදිරිපත් කරනවා කියලයි. මම වැරදි නම් නිවැරදි කරන්න ! (අ)
ඕක අනුමැතිය දෙනකොට දැක්කේ නැද්ද.? (ර)
ජල ගාස්තුව වැඩිකළේ අයවැයෙන් නොවෙයි. ජනපතිදුන්ට ජනතාවගේ ප්‍රණාමය! (නි)
යන්තම් පත්තරේ බලලා (ර)
ජනතාවට මෙහෙම හරි සහනයක් තියෙන එක හොඳයි. (ර)
හැම එකකම මිල වැඩි නොකර නිෂ්පාදනයක් පටන් ගන්න එතකොට රටත් ජනතාවත් ගොඩ. (ර)
අපේ ජනාධිපතිතමාට අපගේ ප්‍රණාමය ! (ර)
මේවා නිකන් මවාපෑම් , ජනතා විරෝධයක් අවේ නැත්නම් 30% වැඩි කරන්නේ නැද්ද ? (අ)
හොද තීරණයක් .රටේ අනෙකුත් කාරණා ගැන සලකා බලන්න .ඇමති වරු බලන්නේ තමන්ගේ මඩිස්සලේ පුරවා ගන්න මිස ජනතාව ගැන නොවේ (අ)
මේක නැවැත්තුව වගේ බැංකුවල තියන අපි දුක් මහන්සේයෙන් හරි හම්බ කරපු මුදල් කොල්ල කන එකත් නතර කලානම් නේද හොද . (අ)