ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට ජල ගාස්තු 30%කින් ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලජපවහන මණ්ඩලය කියයි.
සාමාන්‍යයෙන් වසර තුනකට වරක් සිදුවන ජල ගාස්තු සංශෝධනයට අනුව මෙවර ජල ගාස්තු ඉහළ නැංවීම සිදුකළ බව එම මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා පැවසීය.
ආගමික ස්ථාන,පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම ජල ගාස්තු වැඩිවීම බලනොපාන බව ද කියයි.
මේ හේතුවෙන් බේකරි හා හෝටල් නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා!(රේ)
රට දියුණු කරන්නනේ කට්ටිය මහන්සි ගන්නේ. සුරපුරයක් කරනකල් තව ටිකක් ඉවසල ඉන්න.හාද? (අ)
ඔබට සතුටුයිද දැන්! (නි)
ප්‍රභාකරන් වතුර සිමා කලේ මවිල්අරුවල. නමුත් මෙයාල වතුර සිමා කරන්නේ කොළඹ?(අ)
නව ලිබරල් ආර්ථිකය ටික ටික එළියට එනවෝ... (නි)
අද මොනවද ඉහළයන්නෙ නැත්තේ? තව ටික දවසකින් හුස්ම ගන්න එකටත් නහය යටින් මීටරයක් සවිකරලා යුනිට් ගාණට අයකරන්න පටන්ගනීවී! (නි)
තිලක්-ඩුබායි, ටිකිරි බණ්ඩා-නුගේගොඩ, තිලකසිරි ඊට කලින් හොඳ නැද්ද මහා බැංකුව හොරාකාපු අයගේ ධනස්කන්ධය රාජසන්තක කරන්න. තව අවුරුදු ගානකට බදු නොගහා රට හදන්න පුළුවන්. (නි)
ගහපු බදු මදිවාට දුප්පත් මිනිසුන්ටම තමා ගාස්තුත් වැඩි කරන්නේ. දේශපාලුවෝ හොරාකන ඒවා අහිංසක මිනිසුන්ට තමා ගෙවන්න වෙලා තියෙන්නේ. ඡන්දෙට එන්නකෝ එදාට දෙන්නම් (නි)
පුළුවන් කෙනෙකුට මුදල් ඇමතිකම දීලා යන්න. රට කරන්න බැහැ නුඹලාට (නි)
හොරාකාපු සල්ලි ටිකත් ගෙවන්න වෙලා තියෙන්නේ අපටමයි. (නි)
මොකක්ද වෙන්නේ මේ අපේ රටට? පින් අයිතිවෙයි රට කන්නේ නැතුව පුළුවන් කෙනෙකුට දීලා යන්න. යහපාලනයට ඡන්දෙ දුන් අයගෙන් අහන්නේ. ඔබට සතුටුයිද දැන්? (නි)
යහපාලන ආණ්ඩුව "ජලභීතිකා" රෝගයෙන් පෙළෙනවා වගේ පේන්නේ. වැඩේ අවසන් වුණාම අපි කියන්නම් පිස්සු බල්ලන්ට වුණේ මොකද කියලා. (නි)
බලන් යද්දී ලැබෙන සහනයක් නැහැ. එහෙන් අඩු කලයි කිව්වට අනෙක් පැත්තෙන් ඒක කපාගන්නවා.ඔක්කොම රැවටිලි තමයි. (හේ)
මොහාන්, මහා බැංකුව හොරාකාපු අයගේ ධනස්කන්ධය රාජසන්තක කරන්න ඕනෑ කියන එකේ කතා දෙකක් නැහැ. යහපාලනය ගේනවා කියලා දහ අතේ පොරොන්දු දුන් අයම ගසා කනකොට පුදුම වේදනාවක් තියෙන්නේ.ඒ නිසයි ප්‍රතිපත්තියක් හැටියට යහපාලන නායකයන්ගේ කතා බලන්නේවත් ඒ අයගේ කතා වලට අදහස් දාන්නේවත් නැත්තේ. (නි)
ඔබලාගේ සුර සැප වෙනුවෙන් අපි බදු ගෙවමු. පාලකයිනි ! මේවා ගැන සොයා බලා ගාස්තු අඩු නොකළහොත් යහපාලනයට 2017 අබසරණයි.(හේ)
මේ රජය වෙනුවෙන් අපගේ වටිනා චන්දය ලබාදීම ගැන දැන් අපි පසුතැවිලි වෙන්වා මේ ආණ්ඩුවේ යහ පාලනයත් නැහැ ජනතවට සහනත් නැහැ අන්තිමට වුනේ අපි දුක්මහන්සියන් හම්බකරලා බැංකුවට දාලා තියන් අපේ මුදල් ගන්න රජයට බදු ගෙවන්න වුන එක, රටේ ජනතාව තලා පෙළා මේකාරන දෙයින් අපි නම් අයේ ඔයාලට ඡන්දය නම් දෙන්නේ නැහැ දන්නා කියන යට දෙන්නේ දෙන්නෙත් නැහැ (හේ)
තව ටිකක් කල් යද්දී විදුලි ගාස්තුත් නඟීවි (නි)
වතුර බීලත් ඉවරයි වගේ (නි)
කුම්බලා කටු කෑවා නම් දුක විඳපන් (හේ)
ඉන්දියාවේ කලා වගේ කිසිම ප්‍රසිද්දියක් නොකර දවසින් දෙකින් දැනට ලංකාවේ තියෙන රුපියල් 5000 සහ 2000 නෝට්ටු ඉවත් කරලා අලුත් නෝට්ටු දාන්න.මාසයක් ඇතුලත හැදුනුම් පත සමග පරණ නෝට්ටු බැංකු වලින් පමණක් අලුත් කරන්න පුලුවන්නම් හංගලා තිබෙන දනස් කන්දය සොයාගැනීමට පුළුවනි.(හේ)
තව විඳවන්න වුණේ නැහැ හරියට (නි)
රටේ මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා ලෝකයේ හංගලා තියෙන ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න වැඩපිළිවෙලක් සොයා ගන්න බැරුව අසරණ මිනිසුන්ටම බදු/දඩ ගහන එක නම් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. (නි)
අයවැය පරතරය පියවන්න හිටපු රජ පුතෙකුගේ ලෝකයේ තිබෙන ගිණුම් වල තිබෙන මුදල් හොඳටම ප්‍රමාණවත් නේද? (නි)
යහපාලන රජය බිහිකරන්න මමත් දායකවුණා. එය වෙනස් කරන්නටද ඉදිරියේදී දායක වෙමි. යහපාලන ආණ්ඩුවෙන් දුන්න පොරොන්දුවක්ද මේ? මේක දැනෙන්නේ දුප්පත් කම්කරුවට. මේ කිසිවක් රට හදන අයට අදාළ නැහැ නේද (නි)
රටේ අහිංසකයන් රවටා ඡන්ද ලබාගෙන ජනතාව සූරාකනවා. දිනෙන් දින අපිටම බදු ගහලා දේශපාලුවෝ යන්නේ උඩින්. අපි හැමදාම රැවටෙනවා. යහපාලනය කියලා තමයි අපිව රැවැට්ටුවේ ....!!! (නි)
යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් වැලේ වැල් නැතුව දුක් විඳින මිනිසුන්ට බදු/දඩ ගහලා තවත් අසරණ කරන්නේ නැතුව, රාජපක්ෂලා ගසාකාලා ලෝකයේ පුවරපු ධනස්කන්ධය රාජසන්තක කරන්න (නි)