IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ජල ගැලීම් නිම්නයට හෙනහුරා ලබලා‘

කිසියම් සංවිධානාත්මක පිරිසක් පොළොන්නරුව ජලගැලිම් නිම්න වනෝද්‍යානයට ඇතුළු වි එහි ඉපැරණි කුඹුක් ගස්වලට ගිනි තබා  වනසතුන්ට මෙන්ම පරිසරයටද හානි සිදුවන පරිදි අක්කර දෙදහසකට වැඩි බිම් ප‍්‍රමාණයක් විනාශ කර එහි මේ දිනවල වී වගා කිරිමට පටන්ගෙන ඇති බව පරිසරවේදිහු හා  ප‍්‍රදේශවාසිහු පෙන්වා දෙති.

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ වන සත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ එහි  වගා කිරිම, ඇතුළු වීම, ගිනි තැබීම, සතකුට හෝ පැලෑටියකට හානි කිරිම, කැලැවක් අලූතින් එළිකිරිම නිතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

සිය දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායක් විසින් සිදු කරන මෙම නිති විරෝධි පරිසර විනාශය වගකිව යුත්තන්ගේ අවධානයට ලක් විය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.

පොළොන්නරුව වනජිවි  දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසිමකදි ඔහු පැවසූයේ ‘මේ භුමිය ලංකාවේ හොදම පරිසර සංවේදි කලාපයක්. විල්පත්තුවට වගේ මේ වනෝද්‍යානයෙත් 100 කට වැඩි පිරිසක් වාඩි ගහගෙන මහා පරිමාණයෙන් වී වගාව කරනවා. මේ අයට වෙනත් ප‍්‍රදේශවල නිත්‍යානුකුල කුඹුරුත් තියෙනවා. සමහර අය මේකේ කුඹුරු හදලා විකුණලත් තියෙනවා. දැනට අක්කර 2000 ක් විතර විනාශ කරලා. මේ විල්ලූවේ තිබ්බ පැරණි කුඹුක් ගස් විනාශ කළා. මේ අය දැන් සෝමාවතිය පුජාභුමියටත් වනෝද්‍යානයටත් ඇතුළු වෙලා අලූතින් කුඹුරු අල්ලනවා. ඒ අය කියන්නේ මේ පළාතේ සමහර මන්ත‍්‍රීවරුන්ගෙත් වනජිවි අයගෙත් සහාය ඇතුව මේවා කරනවා කියලා. ඉතින් අපිට මේවට නීතිය ක‍්‍රියාත්මක කරද්දි හැම අතින්ම බලපැම්.‘ යනුවෙනි.

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු කරන මෙම විනාශය පිළිබදව පොලොන්නරුව වන සත්ව අඩවි ආරක්ෂක ආර් එම් රත්නායක මහතාගෙන් කළ විමසිමකදි ඔහු මෙසේ කීය.

‘ඕක අද ඊයේ එකක් නෙමේ. ඒ අය අවුරුද්දකට එක කන්නයක් වගා කරනවා. ඒ අය කියන්නේ ඒවට ඔප්පු තියනවා කියලා. ඉස්සර අක්කර විස්සක් විතර තමයි වී වගාව කළේ. දැන් නම් වැඩි වෙලත් ඇති. කොහොම නමුත් අපි ඒ අයට විරුද්ධව නිතිය ක‍්‍රීයාත්මක කරනවා‘  

polonnaruwa20160402_131032 polonnaruwa20160402_131033jpg polonnaruwa20160402_131034 polonnaruwa20160402_131035 vlcsnap-2016-04-05-10h05m40s69 vlcsnap-2016-04-05-10h07m09s193



අදහස් (0)

‘ජල ගැලීම් නිම්නයට හෙනහුරා ලබලා‘

ප්‍රසන්න Tuesday, 05 April 2016 06:38 AM

දන්නෝ දනිති (ම)

:       0       0

මහින්ද Tuesday, 05 April 2016 07:04 AM

මේක ලොකු විනාශයක්.වගකිවයුතු බලධාරින්ගේ ඇස් වැහිලද?(හේ)

:       0       0

නිලන්ත Tuesday, 05 April 2016 07:11 AM

දේශපාලන ගෝලොයෝ ටිකක් වෙන්න ඇති ..... (ර)

:       0       0

සනිදු Tuesday, 05 April 2016 07:50 AM

පරිසරය රැකීමට අපි වග බලාගතයුතුය. (ර)

:       0       0

දිල්ෂාන් Tuesday, 05 April 2016 09:27 AM

මේවා නිකම් සිද්දවෙන දේවල් නොවේ. රජයේ ඇමති කෙනෙක් මීට පිටුපසින් ඇති. දේශගුණය වෙනස් වී මෙතරම් කාෂ්ටක වෙන්නේ මේ මැති ඇමැතින් ගස් කපන නිසා. අන්තිමේ අපිට කාන්තාරයක දේශගුණය තමයි ලැබෙන්නේ. (ර)

:       0       0

අමල් Tuesday, 05 April 2016 09:28 AM

පරිසරය රැක ගැනීම අපේ යුතුකමක්. (ර)

:       0       0

සදිස්මා Tuesday, 05 April 2016 09:43 AM

මේ ගැන සොයාබැලීම වැදගත්. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 05 April 2016 09:48 AM

කුඹුරු කොටන්නේ හම්බ කරන්න නොවේ. ජීවත් වෙන්න. ජල ගැලීම් නිම්නය යනු නිකම්ම හිස් බිමක් පිට්ටනියක් ඒක වගා කරලා රටේ නීෂ්පදනයට ටිකක් හරි දායක වෙන අහිංසකයෝ. (ර)

:       0       0

දිල්ශාන් Wednesday, 06 April 2016 02:23 PM

තේරෙන්නේ නැද්ද ජලගැලීම් වෙනකොට වතුර යන්න තැනක් නැතිවෙන බව මේ ප්‍රදේශය ගොඩ කලාම ?මේක කරන්නේ ඉඩම් අල්ලාගන්න. වවන කුඹුරක් නැහැ. ගෙවල් නම් හදා ගනීවි. (හේ)

:       0       0

බන්දුල Tuesday, 05 April 2016 06:07 AM

කෝ ලොක්කෝ නිදිද?(හේ)

:       0       0

ඇන්ජලෝ Tuesday, 05 April 2016 06:26 AM

වාහම නතර කළ යුතුයි.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 April 2016 01:27 PM

ගහකොළ සතාට කරදරයක් නොකර මෙවැනි වගාවන් කරන එකේ ඇති වරදක් නැහැනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site