මීට මාස පහකට පෙර ජර්මන් මවක සමග ශ්‍රී ලංකාවට ආ ඇගේ සොළොස් හැවිරිදි දියණිය දින 10ක සිට ආගිය අතක් නැතැයි කොල්ලුපිටිය සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.

තම දියණිය රැගෙන යන්නට ඇතැයි කියන පුද්ගලයකුගේ නමක් ද ඇය පොලිසියට දී ඇත.

එහෙත් දියණිය පිළිබඳ කිසිම තොරතුරක් නැතැයි ඇය පොලිසියට පවතා තිබේ.