ජර්මන් ජාතික කාන්තාවක් (29) ප්‍රවේශ පත්‍ර නොමැතිව අද (09) අනුරාධපුර අභයගිරි කෞතුතාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ එහි ආරක්ෂක නිළධාරියා සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවක දී ආරක්ෂක නිලධාරියා එම විදේශීය කාන්තාවට පහර දුන්නැයි කළ චෝදනාවකට දෙදෙනාම අනුරාධපුර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
දෙදෙනාම පොලිස් ඇප මත නිදහස් කළ බවත් අප්‍රේල් 18 අනුරාධපුර අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියොග කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කටත් පොදුයි. මේවා ජර්මනියේත් කරන්න පුළුවන් දෙවල් නෙමෙයි (නි)
එතකොට ඔය ජර්මන් කාන්තාව අප්‍රේල් 18 වෙනකන් ලංකාවේ රැඳී ඉන්න කෙනෙක්ද? (බ)
හොඳ දඩයක් දෙන්න මේ නෝනාට. මෙහෙ අපි මහජන වැසිකිළියට ගියත් රුපියල් විතර ගෙවන්න ඕනෑ. අපේ රටවල් වලට ඇවිල්ලා ඔක්කොම නිකන් ගන්න හදනවා. (නි)
කොහොමත් ජර්මන් ජාතිකයන්ගේ ඔළුව ඉදිමිලා ,,,ආසියාතික රටවලට ගියාම ,,එයාලගේ කලර්ස් පෙන්නවා වැඩියි .(බ)
අපේ රටට ආ අයට අපි සළකන්න ඕනෑ විදියක් අපේ සංස්කෘතියේ තිබෙනවා (නි)
හා ..හා.. පරෙස්සමෙන්! අපිට ෆොක්ස්වැගන් මිස් වෙයි... (නි)
සිද්ධිය මොකක්ද කියලා නම් දන්නේ නැහැ. එ්ත් සංචාරකයින් කියන්නේ රටේ ආදායම් මාර්ගයක් නිසා අපේ නිලධාරීන් මීටවඩා සැළකිලිමත් වෙන්න ඕනෑ, ඔවුන්ට හිත නොරිදෙන විදිහට වැරැද්ද පෙන්වා දෙන්න. (නි)
මේවායින් නැතිවෙන්නේ රටේ නමයි (නි)
සිගිරිය , අනුරාධපුර වැනි ස්ථාන නරඹන්න විදේශීය සංචාරකයන්ගෙන් අය කරන මුදල කලාපයේ අනිකුත් රටවල මෙවැනි ස්ථාන නැරඹීමට අය කරන මුදලට සාපේක්ෂව ඉතා වැඩි බව සහ එහි දී සංචාරකයන්ට ලැබෙන පහසුකම් සහ එවැනි ස්ථානවල ගැවසෙන වෙළෙන්දන්ගෙන් සහ තැරවූ කරුවන්ගෙන් සංචාරකයන්ට නිතර නිතර හිරිහැර සිදුවන බවත් ආරක්ෂාව ගැන සැහීමකට පත්විය නොහැකි බවට යුරෝපිය සංචාරක වෙබ් අඩවි සහ සඟරාවල නිතර නිතර සාකච්ඡා වෙනවා (බ)
සංචාරකයන්ගෙන් විතරක් නෙවෙයි මේ ගොයියෝ අපි වගේ දේශීය නරඹන්නන්ගෙනුත් ලොකු මුදලක් ගසා කනවා ප්‍රවේශ පත්‍රවලට කියලා. වගකිව යුතු අය මේ ගැන සොයා බැලුවහොත් හොඳයි. නැතිනම් සංචාරක ව්‍යපාරයට අර ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් කිව්වා වගේ අබ සරණයි තමයි. අද ඉන්න නිලධාරි වැඩි හරියක් අල්ලස් ගන්නවා කොමිස් කාක්කෝ වැඩ බැරි ටාසන්ලා වෙලා පුලුවන් නම් දඬුවමක් විදිහට මේ වගේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න. (බ)
උණුසුම් වචන හුවමාරුව ඉංග්‍රීසියෙන්ද, සිංහලෙන්ද? අනුරාධපුරේ උණුසුම නිසා වචන උණුසුම්ව දැනුනද දන්නෙත් නැහැ (නි)