අල් නක්බා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරම්භක පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා (18 වැනිදා) පැවති පළමු තරගයේදී ජෝර්දානය හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබීය.
මෙම පරාජය නිසා තරගාවලිය ආරම්භයේදීම පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඊයේ (20) පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ දෙවැනි තරගය අවම වශයෙන් ගෝල තුනක පරතරයක් සහිතව ජය ගත යුතුව තිබුණි.
ශ්‍රී ලංකාවට එරෙහිව පෙරේදා පැවති තරගයේ මුල් භාගය ජෝර්දානය ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
තරගයේ දෙවැනි අර්ධයේ 47 වැනි විනාඩියේදී ජෝර්දාන් පිලට හිමි වූ දඬුවම් පහරකින් සාර්ථක ප‍්‍රයෝජන ගත් මුසාබ් අල් ලේමාන්, තම පිල ඉදිරියට ගෙන ගියේය.
ශ්‍රී ලංකාව සහ ටියුනීසියාව අතර ඊයේ පැවැත්වීමට තිබූ තරගයේදී ටියුනීසියාව වෙනුවෙන් 20 න් පහළ කණ්ඩායමක් යෙදවීමේ සූදානමක් තිබුණු බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
263
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෝර්දානය හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්