අල් නක්බා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරම්භක පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා (18 වැනිදා) පැවති පළමු තරගයේදී ජෝර්දානය හමුවේ ගෝල 2-0 ක පරාජයක් ලැබීය.
මෙම පරාජය නිසා තරගාවලිය ආරම්භයේදීම පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඊයේ (20) පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ දෙවැනි තරගය අවම වශයෙන් ගෝල තුනක පරතරයක් සහිතව ජය ගත යුතුව තිබුණි.
ශ්‍රී ලංකාවට එරෙහිව පෙරේදා පැවති තරගයේ මුල් භාගය ජෝර්දානය ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
තරගයේ දෙවැනි අර්ධයේ 47 වැනි විනාඩියේදී ජෝර්දාන් පිලට හිමි වූ දඬුවම් පහරකින් සාර්ථක ප‍්‍රයෝජන ගත් මුසාබ් අල් ලේමාන්, තම පිල ඉදිරියට ගෙන ගියේය.
ශ්‍රී ලංකාව සහ ටියුනීසියාව අතර ඊයේ පැවැත්වීමට තිබූ තරගයේදී ටියුනීසියාව වෙනුවෙන් 20 න් පහළ කණ්ඩායමක් යෙදවීමේ සූදානමක් තිබුණු බව වාර්තා වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd