බස්නාහිර පළාත් සභාවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී යූ. ජොර්ජ් පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.
ප‍්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.
බස්නාහිර පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් වන පෙරේරා මහතා මීට පෙර ද එම පදවියට පත් වී සිටියි.
ඔහු ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරයා ද වේ.
කැලණිය ප‍්‍රාදේශීය සභාවට 1991 වසරේ පත්වීමෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇතිි යූ.ජෝර්ජ් පෙරේරා මහතා ඉන් පසු හිටපු පළාත් සභා මන්ත‍්‍රී යූ. එස් පෙරේරා මහතාගේ පුතණුවන් ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආණ්ඩුවේ ප්‍රතිපල මේවයි ජම්බෝ කැබිනට් එකයිද? (අ)