ආරක්ෂා කාරි ලෙස රිය පෑදවීමේ විශේෂ එක්දින පාඨමාලාවක් ඉතාලි රජයේ අනුබද්ධිත ආයතනයක් විසින් රෝමයේදී පැවැත්වීමට නියමිතය.
ලෝක ප්‍රසිද්ධ වාලේ ලුන්ගා ෆෝමියුලා ධාවන පථයේදී ඔක්තොබර් 27 නොවැම්බර් 03 10 ,17, 24 හා දෙසැම්බර් මස 01 ,15 යන දිනයන් හීදී මෙම පාඨමාලාව පැවැත්වේ. අධික හිම පතනයකදි සුලි කුණාටුවකදී අදික වෑසි සහිත දෙශගුණයකදී හා ඕනෑම බිහිසුණු අවස්ථාවකදී මානසික එකාග්‍රතාවය නිවෑරදිව තබා ගනිමින් රිය හෑසිරවීමේ ක්‍රම වේදය මෙහිදි කියාදෙන අතර පාඨමාලාව අවසානයේදී විශේෂ සහතිකයක්ද පිරිනෑමිමට නියමිතය.
ඉතාලි රියෑදුරු බලපත්‍රය හිමි අයෙක් මෙ සදහා සභාගි වන්නේ නම් 3498668087-3393977509-3278186702 යන දුරකථන අංකයන් මගින් මෙහි සම්බන්ධීකාරක වසයෙන් කටයුතු කරනා මොහාන් මාරම්ඹේ මහතා ඇමතිය හැකි බව ලක් හිරු සේවක අජිත් ටේටිආරච්චි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට යන්න ගුවන් ගමන් බලපත්‍රත් මේ විදියට ජංගම දුරකථන අංක පමණක් භාවිතා කරමින් සමහරු විකුණනවා. මේ අයගෙන් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වෙන්න. (නි)
මේ රජයේ ආයතනයට දුරකතන, වෙබ් අඩවි හෝ විද්‍යුත් ලිපිනයක් නැද්ද? (නි)
සම්පූරණයෙන් නොමිලයේ පවත්වන මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට දුරකථන අංකයන් සහතව නමකුත් සඳහන් කර ඇත. පිටිගල වැනි සියල්ල දත් නොවන අයටත්, මෙයට සහාභාගි විය හැකියි. රාජ්‍ය ආයතනය හරහා ඍජුවම සම්බන්ධ වීමට උත්සාහ ගනු ලබන්නේ ලාංකිකයෙක් සම්බන්ධ වෙලා නිසාදෝ කියා සැකයක් තිබෙනවා. මොහාන් මාරඹේ මහත්මයා තමා මෙම අවස්ථාව ලාංකිකයන්ට ලබාදීමට කටයුතු කරන ලද්දේ. පිටිගල වැනි පුද්ගලයො ඉන්න රටක මෙවන් උත්තමයන් සිටින බවත් දැනගත යුතුවේ. (නි)
තමා හැමදේම දන්නවා කියා හිතන පිටිගල නම් පුදුමාකාර පුද්ගලයෙකි (නි)
මෙය කරන ආයතනයේ නම කරුණකර සඳහන් කරන්න. එම රජයේ ආයතනය මේ කටයුත්ත පිළිබඳව ප්‍රසිද්ධ දැනුම්දීමක් කර ඇද්ද? ඒ කොතැනකද? මේ කටයුත්තට යම් මුදල් අය කිරීමක් කරනවාද? (නි)
පිටිගල මහතාණෙනි,ඔය කියන විදිහට කාලගුණය යථා තත්ත්වයට පත් වෙනකම් හිටියොත් කොහොමත් මාස 3ක් විතර යනකම් වාහන පදවන්නේ නැතුව තමා ඉන්න වෙන්නේ. මොනම කාලගුණික හේතුවක් නිසාවත් වාහන පදවන්නේ නැතුව ඉන්නේ නැහැ.පාර අවහිර නැත්නම් වාහන පැදවිය හැකියි.මට පෙනෙන්නේ මේ පිටිගල ඉන්නේ මිලානෝ වල නම් නෙමෙයි (නි)
අපිට මෙම රාජ්‍ය ආයතනයේ තොරතුරු ලබාගෙන ඔවුන් සමග ඍජුවම සම්බන්ධ වෙන්න බැරිද? ගාස්තු මුදලුත් අපි ඔවුන්ටම බැංකුව හරහා ගෙවන්නම්. (නි)
ජරමර අස්සේ රිය පදවලා කීයක්හරි හොයාගන්න ගිය එකත් මේ පිටිගල නැති කරලා දැම්මනේ. (නි)
වැඩේ 'අප්සට්' වගේ ෆෝන් එක උස්සන්නේ නැහැ. කට්ටිය බනිනවා කියලයි මට හිතෙන්නේ. (අ)
ප්‍රායෝගික පුහුණුවට නම් අපේ පුද්ගලික බස් රියදුරෙක් තමයි හොඳ. (නි)
මෙම පුවත දකින කොට හැම අවයවයකින්ම හිනා යනවා. රටක් යම් ක්‍රම වේදයකට සහ ප්‍රමිතියකට අනුව රියදුරු බලපත්‍රයක් ලබා දෙන්නේ වියලි කාලයේ හෝ සුළං නැති අවස්ථා වල පමණක් රිය පැදවීමට නොවෙයි. ඔය කියන විදියේ හිම පතනයක් සහ කුණාටු තිබෙන විට අනුගමනය කලයුතු බුද්ධිමත්ම දෙය නම් 'ජේම්ස් බොන්ඩ්' ලා නොවී කාලගුණය යතා තත්වයට එන තෙක් වාහනය නවතා තැබීමයි. අපේ අයට නම් කියා දිය යුතු වැදගත්ම දෙය නම් බීමත්ව රිය පදවන්න එපා කියන එකයි. (ස)