සිදුහත් කුමාරයා වසර 2500කට පෙර බුද්ධත්වයට පත්වූ ජයශ්‍රී මහා බෝධිය දිලීර ආසාදනයකට ලක්වී ඇතත් එහි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් කණස්සල්ලට කිසිම හේතුවක් නැති බවත් ඉන්දියාවේ උද්භිද විද්‍යාඥයෝ කියති.
ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාවේ මෙම ජය ශ්‍රී මහා බෝධිය වැඩසිටී.
දිලීර ආසාදනය පිළිබඳ තොරතුරු ලැබීමත් සමග ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනයේ උද්භිද විද්‍යාඥයෝ බෝධීන් වහන්සේ පිරික්සූහ. දිලීර හටගැනීම සාමාන්‍ය දෙයක් බවත් ඒ සඳහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ප්‍රතිකර්ම යොදා ඇති බවත් ඔවුහු කියති. බෝධීන් වහන්සේගේ දිලීරයට ප්‍රතිකර්මයක් වශයෙන් තලපයක් වැනි බෙහෙතක් ආලේප කර ඇති බවත් එම බෙහෙතින් කෘමීන්ගෙන්ද බෝධීන් වහන්සේ ආරක්ෂාවන බව ඔවුහු පවසති.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියනුයේ උද්භිද විද්‍යාඥයන්ගේ නිල වාර්තාවක් මේ සම්බන්ධයෙන් ලැබීමට නියමිත බවයි.
බුද්ධගයාවේ මහා බෝධි විහාරයේ වැඩ සිටිනුයේ ක්‍රිස්තු පූර්ව 288 දී රෝපණය කළ මුල් බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ නමක් බව පුරාවිද්‍යාඥයෝ කියති.
ජය ශ්‍රී මහා බෝධියේ දිරාගිය අතු ඉති කපා ඉවත් කිරීම උද්භිද විද්‍යාඥයන්ගේ සුපරීක්ෂණය යටතේ සිදුවේ. හය මාසයකට වරක් උද්භිද විද්‍යාඥයෝ එම ඵෙතිහාසික බෝධීන් වහන්සේ පරීක්ෂා කරති.
විද්‍යාඥයන්ගේ නිර්දේශයක් වනුයේ මෙම ඵෙතිහාසික බුද්ධ භූමියට පැමිණෙන පිරිස් සීමා කළ යුතු බවයි. එහි පැමිණෙන අයගේ සංඛ්‍යාව වැඩිවීමෙන් ඔවුන්ගේ පාවලට බිම තැලීමෙන් බෝධීන් වහන්සේගේ මුල්වලට පෝෂණය ලැබෙන මාර්ග අවහිර වන බවත් එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැති බවත් දශ ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් එහි පැමිණෙන බවත් වාර්තාවේ.
බුද්ධගයාවේ මුල් බෝධීන් වහන්සේ 7 වැනි සියවසේදී විනාශවන්නට ඇතැයිද ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ පැලයක් එහි රෝපණය කරන්නට ඇතැයිද විශ්වාස කෙරේ. වසර 2500 කට පෙර සිද්ධාර්ථ කුමාරයා දින 49 ක් මෙම බෝධීන් වහන්සේ යට භාවනානුයෝගීව සිට බුද්ධත්වයට පත්වූ බව ඉතිහාසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝ රජුනේ චිරාත් කල් යෙහෙන් වැජඹී ලෝ සතුන් සනසාලුව මැනවි! (ම)
බාමියන් ප්‍රතිමා ගැන හිතන කොට බය හිතෙනවා. දිලීරයක් ආසාදනය කරවලාද කියලා.(ම)
අනේ පින්වත් මහත්වරුනි, ජය ශ්‍රී මහා බෝධීන් වහනෙස් කියනවිටම මතක්වෙන්නේ ,සිංහල බෞද්ධයගේ පරම පුජනීය අයිතිය වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ.එවැනි අනතුරක් සිහිනෙන් හෝ ඇසීමට සිදුනොවේවා! (නි)
මෝධි නැග්ගට පස්සෙද දිලිරය ආවේ? (ස)
අනේ සිතුමිණි...හැම දෙයක්ම දේශපාලන ඇහෙන් දකින්න එපා. අනිත් එක මේ කියන්නේ ලංකාවේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධිය ගැන නෙවෙයි. ඉන්දියාවේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධිය ගැන. (අ)
සියළු දේ අනිත්‍යයි (නි)
බුදුන් වහන්සේ භාවිතා කළ කිසිම දෙයක් නැතිවෙන්නේ නැත.එයයි පරම සත්‍යය. (නි)
සිතුමිණි, ලියන්න පෙර කියවා බලනු! ඕනෑම දෙයකට දේශපාලනය! (නි)
ඕක කලබලවෙන්න දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට සියළුදේම නැතිවන සුළුයි. (නි)
දිලීර අාසාදනය ඉක්මනට නතර වෙලා චිරාත් කාලයක් යෙහන් වැජඹීමට ලැබේවායි පතමි (බ)