IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ජයසිරි මහ බෝ සමිඳුට දිලීර ආසාදනයක්‘

සිදුහත් කුමාරයා වසර 2500කට පෙර බුද්ධත්වයට පත්වූ ජයශ්‍රී මහා බෝධිය දිලීර ආසාදනයකට ලක්වී ඇතත් එහි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් කණස්සල්ලට කිසිම හේතුවක් නැති බවත් ඉන්දියාවේ උද්භිද විද්‍යාඥයෝ කියති.

ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාවේ මෙම ජය ශ්‍රී මහා බෝධිය වැඩසිටී.

දිලීර ආසාදනය පිළිබඳ තොරතුරු ලැබීමත් සමග ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනයේ උද්භිද විද්‍යාඥයෝ බෝධීන් වහන්සේ පිරික්සූහ. දිලීර හටගැනීම සාමාන්‍ය දෙයක් බවත් ඒ සඳහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට ප්‍රතිකර්ම යොදා ඇති බවත් ඔවුහු කියති. බෝධීන් වහන්සේගේ දිලීරයට ප්‍රතිකර්මයක් වශයෙන් තලපයක් වැනි බෙහෙතක් ආලේප කර ඇති බවත් එම බෙහෙතින් කෘමීන්ගෙන්ද බෝධීන් වහන්සේ ආරක්ෂාවන බව ඔවුහු පවසති.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියනුයේ උද්භිද විද්‍යාඥයන්ගේ නිල වාර්තාවක් මේ සම්බන්ධයෙන් ලැබීමට නියමිත බවයි.

බුද්ධගයාවේ මහා බෝධි විහාරයේ වැඩ සිටිනුයේ ක්‍රිස්තු පූර්ව 288 දී රෝපණය කළ මුල් බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ නමක් බව පුරාවිද්‍යාඥයෝ කියති.

ජය ශ්‍රී මහා බෝධියේ දිරාගිය අතු ඉති කපා ඉවත් කිරීම උද්භිද විද්‍යාඥයන්ගේ සුපරීක්ෂණය යටතේ සිදුවේ. හය මාසයකට වරක් උද්භිද විද්‍යාඥයෝ එම ඵෙතිහාසික බෝධීන් වහන්සේ පරීක්ෂා කරති.

විද්‍යාඥයන්ගේ නිර්දේශයක් වනුයේ මෙම ඵෙතිහාසික බුද්ධ භූමියට පැමිණෙන පිරිස් සීමා කළ යුතු බවයි. එහි පැමිණෙන අයගේ සංඛ්‍යාව වැඩිවීමෙන් ඔවුන්ගේ පාවලට බිම තැලීමෙන් බෝධීන් වහන්සේගේ මුල්වලට පෝෂණය ලැබෙන මාර්ග අවහිර වන බවත් එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැති බවත් දශ ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් එහි පැමිණෙන බවත් වාර්තාවේ.

බුද්ධගයාවේ මුල් බෝධීන් වහන්සේ 7 වැනි සියවසේදී විනාශවන්නට ඇතැයිද ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ පැලයක් එහි රෝපණය කරන්නට ඇතැයිද විශ්වාස කෙරේ. වසර 2500 කට පෙර සිද්ධාර්ථ කුමාරයා දින 49 ක් මෙම බෝධීන් වහන්සේ යට භාවනානුයෝගීව සිට බුද්ධත්වයට පත්වූ බව ඉතිහාසය කියයි.

      



අදහස් (0)

‘ජයසිරි මහ බෝ සමිඳුට දිලීර ආසාදනයක්‘

දනීෂා Friday, 10 April 2015 09:10 AM

බෝ රජුනේ චිරාත් කල් යෙහෙන් වැජඹී ලෝ සතුන් සනසාලුව මැනවි! (ම)

:       0       1

කුමාර Friday, 10 April 2015 09:11 AM

බාමියන් ප්‍රතිමා ගැන හිතන කොට බය හිතෙනවා. දිලීරයක් ආසාදනය කරවලාද කියලා.(ම)

:       0       1

නිමල් ලාලිත Saturday, 11 April 2015 04:12 AM

අනේ පින්වත් මහත්වරුනි, ජය ශ්‍රී මහා බෝධීන් වහනෙස් කියනවිටම මතක්වෙන්නේ ,සිංහල බෞද්ධයගේ පරම පුජනීය අයිතිය වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ.එවැනි අනතුරක් සිහිනෙන් හෝ ඇසීමට සිදුනොවේවා! (නි)

:       0       1

සිතුමිණි Friday, 10 April 2015 10:06 AM

මෝධි නැග්ගට පස්සෙද දිලිරය ආවේ? (ස)

:       0       1

හරීන්ද්‍රා Friday, 10 April 2015 12:06 PM

අනේ සිතුමිණි...හැම දෙයක්ම දේශපාලන ඇහෙන් දකින්න එපා. අනිත් එක මේ කියන්නේ ලංකාවේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධිය ගැන නෙවෙයි. ඉන්දියාවේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධිය ගැන. (අ)

:       0       0

තමර Friday, 10 April 2015 01:03 PM

සියළු දේ අනිත්‍යයි (නි)

:       0       0

සිල්වා Saturday, 11 April 2015 07:13 AM

බුදුන් වහන්සේ භාවිතා කළ කිසිම දෙයක් නැතිවෙන්නේ නැත.එයයි පරම සත්‍යය. (නි)

:       0       0

චතුරි Friday, 10 April 2015 03:58 PM

සිතුමිණි, ලියන්න පෙර කියවා බලනු! ඕනෑම දෙයකට දේශපාලනය! (නි)

:       0       0

උදිත් Friday, 10 April 2015 07:47 PM

ඕක කලබලවෙන්න දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට සියළුදේම නැතිවන සුළුයි. (නි)

:       0       0

සුදේශ් Friday, 10 April 2015 06:37 AM

දිලීර අාසාදනය ඉක්මනට නතර වෙලා චිරාත් කාලයක් යෙහන් වැජඹීමට ලැබේවායි පතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site