ශ්රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වු කරුණාදාස සුරියආරච්චි මහතා (69) අභාවප්‍රාප්ත විය.
සිළුමිණ උපදේශක කර්තෘවරයා වු ඔහු කසුරි නම්න් තීරු ලිපි ලියුවේය.2005-2013 සමයේ ඔහු සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා විය.ඔහු සිළුමිණට එක් වුයේ දිවයින පුවත්පතෙනි.
ඔහු සම්මානනීය නව කතතාකරුවෙක්ද විය.දේහය ගම්පහ බණ්ඩාරවත්තේ ඔහුගේ නිවසේ තැන්පත් කැර ඇත.
සූරියආරච්චි මහතා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුරි කියන නම මම පොඩි කාලෙදිත් දැකලා තියනවා පත්තර වල. මම හිතන්නේ ඔහු මාධ්‍යවේදියෙක් වගේම කවියෙක්. ඔබට නිවන් සුව! (නි)
ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබට නිවන් සුව පතමි! (නි)
'වටරවුම' ඇතුළු ඔබේ ලිපි සිය දහස් ගණනක් කියවා තිබෙනවා. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
වටිනා මනුස්සයයෙක්.රටට හරි පාඩුවක්. කසුරි, ඔබට නිවන් සුව පතනවා (නි)
තවත් එක් සැබෑ මනුෂ්‍යයෙක් නික්ම ගියේය. අතීතයේ රසවත් සාර සම්පන්න සමාජය ඇසුරේ ජීවත්ව ඒ උත්තුංග අදහස් නිර්ලෝභීව අප සැමට බෙදාදුන් ඔබතුමන්ට අමාමහ නිර්වාණ සම්පත්තියම පතමු...!!! (නි)
කසුරි, ඔබ අපිට සදා මතකය (නි)
ඔබ වැනි එඩිතර මාධ්‍යවේදියෙක් රටට අහිමිවීම විශාල පාඩුවකි..ඔබට නිවන්සුව. (නදී)
දයාබර කසුරි, ඔබට නිවන් සුව! (නි)
හරිම කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
හදබැඳි ඔබට නිවන් සුව පතමි! (නි)
මුවඟ රැඳි සිනහව සමඟින් සුන්දර මිනිසකු නිහඬ වුවද ඔබ නම ගලහිටියාව මැදි විදුහල් මෑණියන්ගේ ආදි සිසු හදවත් තුළ සදා ලැගුම්ගනු ඇත. සොයුර, ඔබට නිවන් සුව! (නි)
සිළුමිණේ පහන් සිළුව වූ ඔබ අප හැරයාම වේදනාසහගතයි. ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව මහත්මයාණෙනි! (නි)
කසුරි, ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව! (නි)
කසුරි, ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාගේ නිසදැස් හරිම ලස්සනයි.හැඟීම්බරයි,ඒ අඩුව අපිට දිගටම දැනෙයි.ඔබට නිවන් සුව .(හේ)
කසුරි, අපි ඔබට සැමදා ආදරය කළෙමු. (නි)
ඒ වගේම තමා " ජනතා පුත්‍රයාගේ විකාරරූපී සිහිනය"... කියවන්න ආශා හිතෙන දේවල් ලියපු නියම මාධ්‍යවේදියෙක් මෙතුමා. රට ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම දේශපාලනය ගැනත් හසල දැනුමක් තිබුණ නිරහංකාර මනුස්සයෙක්. (නි)
මගේ ගුරු පියාණනි, ඔබට නිවන් සුව අත්වේවා!! (නි)
හදවත් ඇති මිනිසුන් අතර ඔබට තිබුනේ මිනිස්කම පිරි මනුස්ස හදවතකි. එය මා දුටුවේ ඔබගේ තීරු ලිපි වලිනි. ඔබට නිවන් මඟ යාමට එම පින හේතු වාසනා වේවා! (නි)
'සයුරි' යනු අතිශයින් ජනප්‍රිය පුවත් තීරයකි. ඔබට නිවන් සුව! (නි)
සුන්දර හදවතක් තිබුන මද්‍යවේදියෙක්. ඔබට නිවන්සුව.!!.(හේ)
කසුරි කියන්නේ තවත් එක යුග පුරුෂයෙක් කියලා කියන්න අපි පැකිළෙන්නේ නැහැ. බලයට, ධනයට ඔහු හිසනැමුවේ නැහැ. දුෂණයට, සමාජද්‍රෝහීකමට විරුද්ධව ඔහු නිර්භීතව පෑන මෙහෙයවුවා. සිංහල භාෂාවට නව පණක් දෙමින් ඉතාමත් අලංකාර භාෂා ශෛලයක් අනුගමනය කරමින් ඔහු පීඩිතයින්ගේ හදවත් වලට නිරායාසයෙන්ම ඇතුලු වුණා. ඒ නිසාම ඔහු දුප්පතාගේ හදවත් තුළ සදාකාලයටම ජීවත්වෙනවා. (නි)
ඔබට නිවන් සුව! (නි)
හදබැඳි ඔබට නිවන් සුව පතමි! (අ)
මෙවන් මාධ්‍යවේදියෙකුගේ නැතිවීම මුළු ජාතියටම පාඩුවක්. කසුරි, ඔබට නිවන් සුව! (නි)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි. (අ)
ගම්පහ බණ්ඩාරනයක විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වූ ඔබ තුමාට සියලුම බණ්ඩාරනයක වරුන් වෙනුවෙන් නිවන් සුව ප්‍රර්ථනා කරමු !!(අ)
උදේ පාන්දරම ඇස් වලට කඳුළු එන පුවතක්.පත්තරයක් කියවන්න තේරෙන කාලේ ඉඳලා මම ඔබතුමාගේ ලිපි හරිම ආශාවෙන් කියෙව්වා.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙතුමා නිහතමානී,නිරහංකාර කෙනෙක්. මෙවැනි මාධ්‍යවේදීයෙකුගේ අඩුව පුරවන්න අපිට ලෙහෙසි නැහැ.ඔබතුමාට නිවන් සුව අත්වේවා! (නි)
කසුරි ඔබට නිවන් සුව. ඔබ සුන්දර කවියෙකි. ඔබගේ කවි සිත සදා අමරණීයයි (නදී)
කසුරි, ඔබට නිවන් සුව!(හේ)
පණපිටින් නොදැක්කත් කිසි දිනක ඔබව මා කියෙව්වෙමි ඔබේ කොලම කසුරි නම් සිත රැදුනු.. ලොව දහම මෙහෙම මයි යන්න වෙයි යම් දිනක... පවතින්නේ නම පමණි කල හොදත් නුගුණ මත.. ඔබේ ගිය සුවදම තව කෙනෙක් බිහිවේවි.. ඔබෙ නමට ඔවුන් මතු දිනයකදී බැබලවී... ගත දිරා ගිය නමුත්, නාමයම බැබලේවි.! (ර)
කසුරි, ඔබට අජරාමර නිවන් සුව පතමු! (නි)
ඔබ වැනි රටක් වටින, රටට සහ ජනතාවට සැබෑ ආදරයක් ඇති පිය වරුන් මිලාන වී යන්නේ ඇයි? ඔබට නිවන් සුව අත්වේවා!.(හේ)
ඔබේ වටරවුමෙන් ලැබුන එක අත්වැලක් නිසා ජනමාධ්‍යට යම් දායකත්වයක් දක්වන්නට හැකිවුණා. ඔබ අමරණීය මාධ්‍යවේදියෙකි. ඔබට නිවන් සුව! (නි)
වටිනාම කේෂේත්‍රයක හිඳ, රටටම මහඟු සේවයක් කළ, බොල් මිනිසුන්ට සැබෑ මිනිසත්බව පසක් කරදුන් උතුම් මනුෂ්‍ය රත්නයක් වන ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දයාබර කසුරි මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)
වට රවුමේ බොහෝ ලිපි අප හැඩවූ බව මතක ඇත. ඉතා සංවේදී ලෙස පෑන මෙහෙයවූ ළබැදි සහෘදයාණනි, ඔබට නිවනේ රුවන්දොරටු විවරවේවා! (බ)
[නි] මහත්මයා කසුරි ගැන මා ලියු ගුණ කථනය ඔබ තුමා පළ නොකලාට ගානක් නැහැ.අවසාන වශයෙන් මෙයත් කිව යුතුයි.කසුරිගෙ අහලකින්වත් ඔබ වැනි මාද්‍යවේදීන් තිබිය නොහැකි බව. එය කිසිදා සිදු නොවෙන්නක්.මින් පසුව වත් සහෝදර මාද්‍ය වේදීන්ට ගැරහීමෙන්,කුහකකම් කිරීමෙන් වලකින්න..මාගේ ඊළග අදහස් වලට ඔබ තුමාගේ ප්‍රතිචාර කෙසේදැයි මා ව්මසිලිමත් වන බවත් සලකන්න. (බ)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා! ඔබ සැබෑ නියමුවෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යවේදියෙකි. එයට අපගේ ගෞරවනීය ආචාරය. ඔබ නැති අඩුව අප සැමට දැනේවි. (දිල්)
ආදරය කරුණාව පිරුණු ගුරු කරු ට නිවන් සුව පතමු අපි පොතුපිටිය මිතුරෝ සංසදය (අ)
අපට මනුස්සකම ඉගැන්නුවේ ඔබේ වටරවුමයි පියාණෙනි ඹබට නිවන් සුව පතමු (අ)
ඔබගේ "කසුරිගේ කොලම " මගින් අපේ දේශපාලන මඩ ගොහොරුව කදිමට එළිදැක්කුව . ඔබට මේ මඩ ගොහොරුවට නොඇවිත් සදාකාලික නිර්වාණ සුවය අත් වේවා !! (අ)
කසුරිගෙ කොලම නිහඬ විය. ඔබට නිවන් සුව......! (අ)
අපේ සහෘදයාණනි ඔබට නිවන් සුව.(අ)
ඔබට නිවන් සුව මහත්මයාණෙනි . ඔබ කළ සේවය සදා අමරණීය වේ. ඔබ නැති හිඩැස පුරවන්න කාට යදින්නද , කව්රුන් අසත්ද? ජීවිතය හැගෙන්නට , විදින්නට , තුරුලුකරන් දිවුරන්නට , මේ අප උගන්නේ ඔබ ලියු අකුරු නෙත උදුරාගත් පසු මයි, ඉදින් මේ අරුත් අපට දනවන්නේ ................. ඔබයි, රම්‍ය සඳ කිරණ ඝන අන්දකාරේ, ඔබයි සෞම්‍ය තරු එලිය ගිම්හාන කාලේ,(අ)
මම ඔබව දැකල නෑ. නමුත් ඔබ කසුරි නමින් ලියපු හැම ලිපියක්ම මම කියවල තියනවා ඔබ ගොඩක් කරුණාවන්ත හදවතක් තිබුන කෙනෙක් මම ඔබට අම මහා නිවන් සුව පතමි. (අ)
කසුරි , ඔබට නිවන් සුව.....(අ)
ඔබට නිවන් සුවය ලැබේවා.(හේ)
රටින් බැහැරව සිටින නිසා ඔබට අවසන් ගෞරව දැක්වීමට පැමිණීමට නොහැකිවීම ගැන ආදි ශිෂ්‍යයෙක් ලෙස අතිශය කණගාටු වෙමි. ඔබට නිවන් සුව පතමි. (නි)
සදාකල් ඔබ සිත් තුල ජීවත් වේවි.ඔබට නිවන් සුව!.(හේ)
කසුරි, ඔබට නිවන් සුව! මා හිත් ගත් ලේඛකයින් අතර ඔබ අංක එකෙහි සිටි බව නිහතමානීව කියමි. ඔබ තැබු සමහර සටහන් මා ඉතා අගය කෙළෙමි. රස වින්ඳෙමි. ජීවිතයේ හැටි මෙහෙමයි. (නි)
නොදුටුවද ඔබ, කතා නොකළද ඔබට මා, ඔබේ සිත මම නිති හැඳින්නෙමි. සොහොයුරාණෙනි, නිහඬ වුවද ඔබේ පන්හිඳ කියා දෙනු ඇත තවත් බෝ කලක් යා යුතු මඟ නොමඳ ඒ එළියෙන්. සොයුර, ඔබට නිවන් සුව. (නි)
පහුගිය දවස් කිහිපයේදී අපේ රටේ හිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ ,කලාකාරියෝ කිහිප දෙනෙක් අපිට අහිමිවුණා. මෙතුමාගේ නමත් මෙතරම් ඉක්මනින් ඒ අතරේ ලියැවේවි කියලා නිකමටවත් කව්ද හිතුවේ? මොනවා වුණත් කසුරි, ඔබ අමරණීයයි! (නි)
පෙර පුරුද්ද, ලද පුරුද්ද, කළ පුරුද්ද සහ පළපුරුද්ද තුළින් විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ "කසුරි" සොයුර, ඔබට අජරාමර නිවන් සුව!!! (නි)
හරිම කණගාටුවක් දැනෙනවා (නි)
ලබැඳි මාධ්‍යවේදියාණෙනි, ඔබට නිවන් සුව පතමු ! (නි)
ඔබට නිවන් සුව! (නි)