
(අංජුල මහික වීරරත්න)
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක නිරත විය.
සිය ධූරකාලයේ දී ඉන්දියාව සමඟ පැවති ශක්තිමත් සබඳතාවය නව රජය එලෙසම ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාන්ඩේ, හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී මෙම හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් එවන විෂබීජ තමයි.
මම හිතාගෙන හිටියට මට අපේ රටේ මිනිස්සු මගේ ගෑස් ටැංකිය බ්ලාස්ට් කළා. කුජීත වුණා මචන්... කියන්න මෝදිටත් මම දුකින් ඉන්නේ කියලා...