දින 21කට පසු තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයරාම් ජයලලිතාට ලබන දෙසැම්බර 18 වැනි දා වන කෙත් අතුරු ඇප නියම කරන බව ඉන්දියා අගවිනිසුරු එච් එල් දත්තු ප්‍රකාශ කළේය.
ජයලලිතාගේ ඇපෑල පමා නොකරන බවට ඇගේ නීතීඥයන් දුන් පොරොන්දුව අනුව දෙසැම්බර 18 වැනි දා තෙක් පමණක් ඇප නියම කරන බවත්, දෙසැම්බර 18 වැනි දා යින් පසු දවසක්වත් ඇප නොදෙන බවත් අගවිනිසුරු සිය තීන්දුවේ දී ප්‍රකාශ කළේය.
ඉන්දියා රුපියල් සිය කෝටියකට වැඩි වත්කම් හිමි කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට නොහැකි වූ නිසා ඇයට වසර හතරක සිර දඬුවමක් නියම විය.
66 හැවිරිදි ජයලලිතා ඇප ඉල්ලා සිටියේ ඇගේ වයස හා සෞඛ්‍ය හේතු මතය.
ඇය දියවැඩියාව, අධි රුධිර පීඩනය, සෛල දාහය නම් ඡර්ම රෝගයකින් හා තවත් රෝග කිහිපයකින් පෙළෙන බව ඇගේ ඇප ඇයදුමේ සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ව ඉන්දියාවේ සංචාරකයට ගෙන්වා ගත්තොත් ජයලලිතාත් නිදහස් වෙයි. තහනම් ඉවත් වෙයි. (නදී)
හිටියත් අනුහසින් කල වරදින් බේරී පසුපස හඹා එයි කර්මය මග නෑරී තිබුනත් දොළොස් දාහක් ලස්සන සාරී ජම්පර අඳිනවා අද නැට්ටුක්කාරී (නදී)
ආනන්ද මහත්තයාගේ කවිය නියමයි. (ස)
මෙතැන නටන ගැහැනු මිනිස්සු දිහා බලපුවහම තේරෙනවා ජයලලිතලා වාගේ අයව බලයට පත් කරන්නේ මොන වගේ අයද කියලා. (අ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලංකාවේ ඉන්න තොදොල් එෆ් එම් බබාලාගේ ගොන් කතා වලට වඩා කොච්චර හරවත්ද අනන්ද මහතාගේ කවිය.(අ)
මොරිස් මහතා කිවා වාගේ , ආනන්ද මහතා කවියෙන් කියපු දෙය ලොකු අගයක් තියෙනවා , එෆ් එම් නාලිකා වල අද අපි අහන්නේ කවි නෙමේ තනිකර කුනුහරුපනේ (නදී)
පොත්ත සුදට තිබුනට බලාගෙන ගිහාම ලෙඩ ගොඩක් නේ. ඔය චර්ම රෝග එහෙම රඟපාන කාලේ හැදිච්ච එව්වා වෙන්න ඇති? (අ)
ඔය රෝග ඔක්කොම තියාගෙනද ලංකාවට විරුද්ධව බොහොම ගාම්භීරව සටන් ප්‍රකාශ කළේ? රෝග නැති වුණා නම් හමුදාවක් අරගෙන ලංකාවට එන්නත් තිබුණා (නි)
අපේ රටට දාපු ලෙඩ වලට තමා ජයලලිතට 98 ක් රෝග වැලදී තියෙන්නේ.කාන්තාවක් ,නිලියක් හැටියට අනුකම්පා කලත් ,මහඇමතිනියක් හැටියට අපේ කිසිදු අනුකම්පාවක් නැහැ ! (ස)