ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තුවේ පනත් කිහිපයක් සම්මත කර ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයලලිතා ජයරාම්ගේ නිවසට ගිය අවස්ථාවේ එම ඉල්ලීම කර ඇති බව "ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.
මෝදි සහ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.ජයලලිතා ජයරාම් එහිදී අග්‍රාමාත්‍යවරයාට දිවා ආහාරය ද පිළිගන්වා ඇත.
ශ්‍රී ලංකාවේ සුළුතරයක් වූ දමිල ජනතාව ආරක්ෂා කිරීම සදහා ඉන්දියාව කැපවී ඇති බව ජයලලිතා මෝදිට සිහිපත් කර ඇති බව සඳහන්ය.
දෙමළ ජනතාවට සුවිශේෂී අනන්‍යතාවක් සහ සංස්කෘතියක් ඇති බව පෙන්වා දී ඇති තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය 1987 වසරේ ඉන්දු - ලංකා ගිවිසුම තුළින්ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ බව පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඉන්දියාවේ දේපලක් නොවන බව සිහි තබාගන්න. අපේ ප්‍රශ්න තව කල්නොයවා විසඳීමට කාලයයි. (නි)
මෝඩ ගෑනියේ ලංකාව ඉන්දියාවේ කැල්ලක් නෙමෙයි. මේ ගෑනී හොරකම් කළා මිසක් අධ්‍යාපනයක් ඇති ගෑණියෙක් නෙමෙයිනේ (බ)
මේ නෝනා හිරේ ගිහිනුත් පාඩමක් ඉගෙනගෙන නැහැ නේද? (නි)
ලංකාව ගැන දේශපාලන තීරණ ගන්න මොකටද මෙයාලා කලබල වෙන්නේ. ලංකාවේත් පාර්ලිමේන්තුවක් කියලා එකක් තියෙන්නේ... (නි)
ඔන්න ඕක තම අපේ රටට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඕන, ලංකාව ඉන්දියාව කියල හිතාගෙන අැත්තේ. (බ)