විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිය.රජයේ වාහන අවභාවිතා කළැයි ඔහුට එරෙහිව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණු සහ තියන ආණ්ඩු දෙකේම ලොකු ලොකු හොරකම් යට ගිහින් මෙවැනි වාහන අවභාවිත වගේ සුළු දේවල් ඉස්මතු කරලා මෙහෙම ආණ්ඩුවට විරුද්ධව හඬනගන අය හිරේ දාල එයාල ආපහු සති 2 කින් විතර එලියට ආවම සාමාන්‍ය මිනිස්සුත් වීරයෝ වෙනවා. ආ(අ)
රජයේ වාහන අවභාවිතය වරදක්. ඒකට දඬුවම් දීම දේශපාලන පලිගැනීමක් නෙමෙයි. නමුත් බොහෝ අයට එහෙම පෙනෙන්නේ මීට වඩා අය නිදහසේ ඉද්දි, මේ වගේ පොඩි පොඩි ඒවා පස්සේ දුවන නිසා. (ම)
මේ චෝදනා ඔප්පුවෙලා දඬුවම් නියම වුණොත් ඒ අයට අනුකම්පාවෙන් ලියන අය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවද? මට පෙනෙන්නේ වංචා චෝදනා වලට විරුද්ධ අය බොරු කුහකකමක් කරන්නේ. (නි)
කවුරු වුණත් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගත්තාට කිසිවෙකු විරුද්ධ නැහැ. නමුත් මේ කරන්නේ දේශපාලන දඩයමක් කියලා මුළු මහත් පොදු ජනතාවට තේරුම් යනවා නම් ඒකයි වැරැද්ද ?මට දුක මේ නිසා මේ රජය කිසියම් දවසක පරාජය වූ දවසකට මොනවාගේ තත්වයක් ඇතිවේවිද යන්නයි. අපට බලාගන්න පුළුවන් එදාට හොඳ සෙල්ලම්. මේවා ගැනත් පාලක පන්තිය හිතුවොත් හොඳයි කියලයි මට හිතෙන්නේ (නි)
කරන කලට පවු මිහිරිය මී සේ (නි)
60% ශ්‍රී ලාංකිකයිනේ, ඔබට සතුටුයිද දැන්? (නි)
අපේ දේශපාලන සංස්කෘතිය ඉතාමත් නොදියුණුයි. මැතිවරණයකින් පාලකයකු පත් වූ පසු ඔහු සියල්ලන්ගේම පාලකයා ලෙස විශ්වාසය ගොඩනගා ගැනීමට සමත් විය යුතුය. ඔහු පක්ෂ දේශපාලනය කළ යුත්තේ මැතිවරණයකදී පමණි. එහෙත් අපේ රටේ ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලකයින් ඡන්දයෙන් පසුවත් මෙම බෙදීම දිගටම පවත්වාගෙන යයි. (ම)
"වෛරයෙන් වෛරය නොසන්සිඳේ" යහපාලකයිනි (නි)
වෙලා තියෙන්නේ මේකයි. හොරු කවුද , දේශප්‍රේමියෝ කවුද , හොර දේශපාලකයෝ කවුද කියලා බැලුබැල්මට අඳුනගන්න බැරුව වගෙයි ඉන්නේ. හැබැයි තමන්ට අයිති හෙලිකොප්ටර් තියෙන්නේ මහන්සිවෙලා හරිහම්බ කරපු ඒවායින්, නැත්නම් තම දෙමවුපියන්ගේ ධනයෙන්. ඒ ගැන කවුරුත් කතා කරන්න එපා. (නි)
කොහොම නමුත් ලංකා දේශපාලනයේ යෙදීසිටින බහුතරයක් දුෂිතයෝය. මොවුන් මෙම බලය උපයෝගී කරගනිමින් අතීතයේ කළ වංචාවන් විමර්ශනය කරන්න තියා ඒවා ගැන කතාකරන්නවත් සමත් කෙනෙක් එදා හිටියේ නැහැ. කෙසේ නුමුත් අද තත්වය මෙලෙස වෙනස් වී තිබීම වෙනුවෙන් විරුද්ධ වන්නේ හොරකම් නොකරම ඉන්න බැරි අයයි (නි)
සරත්, ඔය විදිහිට ජනතාවගේ දේපොළ අවභාවිතා වෙන්නේ ජනතාව නිවට නිසයි. මේ අපේ දේවල්. කාටවත් හොරකම් කරන්න දෙන්න බැහැ ජනතාව කොන්ද කෙළින් තියාගෙන හිටියා නම්. (නි)
දැන් කාලේ දේශපාලකයෝ හරි ආසයි මාංචු විලංගු දමාගෙන තමන්ගේ පින්තූරේ පත්තරේ දම්මවා ගන්න. ඊළඟ මැතිවරණයේදී මේවා හැම හන්දියක් ගානේම කටවූට් දාලා රට වෙනුවෙන් හිරබත් කෑ අපේ දේශප්‍රේමීයා කියා ඡන්දය හිඟාකන්න පුළුවන්නේ (නි)
මම නම් දැනගත්තා මෙතුමා රජය උප ඇමති කෙනෙකුට අභියෝග කළ වෙලාවේම. තව බැංකු අපරාධය ගැන ප්‍රශ්න කළ විදියට මම දැනගත්තා මෙතුමාට මේක වෙන බව. යහපාලනය අකුරටම වැඩ. (නි)
ජයන්ත අවභාවිත කරලා තියෙන්නේ ලක්ෂ 54යි. තවත් සමහරු බිලියන 5යි. සමහරුන්ට තවම ලෙඩ. එෆ්සීඅයිඩී එකට එන්න වෙලා නැහැ. මම අහන්නේ මේක යහපාලනයද කියලා. ජයන්ත පසුගිය දවස් වල උතුරේ සිංහල පන්සල් සහ මිනිස්සු ගැන කතාකළා. මේකද ප්‍රතිඵලය. ඔබ සියලු දෙනාට තේරෙයි තව ටික දවසකින් සිංහල අපිට රිදෙනකොට. (නි)
එක දෙයක් පෙනෙනවා. මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් මීට කලින් ලංකාවේ තිබුණු කිසිම ආණ්ඩුවකටත් වඩා ප්‍රතිවාදී මර්දනයට යොමුවෙලා. මෙය භයානක තත්ත්වයක පෙරනිමිත්තක්. මේ අත්අඩංගුවට ගන්න සහ රිමාන්ඩ් කරන සියලු දෙනාම මේ රජයට කෙළින් හෝ වක්‍රව සහය පළකරන දෙයට විරුද්ධව කතාකරන අයයි. (නි)
මහා බැංකු වංචාව, මංතීරු ගැළවීම වගේ දේවල් වලට කිසිම දෙයක් නොකරපු ආණ්ඩුව තමන්ට අභියෝග කරන හැමෝටම කරන්නේ මේකයි. මෝඩ මිනිසුනේ, දැන්වත් මේවා තේරුම් ගනිල්ලා. (නි)
මට තියෙන ප්රශ්නය මේක, දේශප්‍රේමියෝ ඔක්කොම හොරුද? නැත්නම් හොරු ඔක්කොම දේශප්‍රේමියොද? (ර)
මොහාන් ඔය දෙකෙන් ඕනේ එකක් ගැලපෙනවා මේ කට්ටියට. (අ)
ඇත්ත මොහාන් ඔබ නගන ප්රශ්නය අපි හැමෝටම තියෙනවා වරදක් කර ඇත්නම් දඩුවම් දෙන්න එක හොදි එහෙත් පාලකයන් හිතන්න ඕන ඇත්තටම රටක් විදියට දැන් මොනවද වෙන්නේ කියල තමන්ට අවශ්‍ය දේවල් විතරද වෙන්න ඕන ජාතියක් විදියට නැගී සිටිනවා වෙනුවට ආරාවුල් හදනවා විතරයි වෙලලි ගියපු කුණු ඇද අැද ඉන්නවා මිනිස්සු රජයෙන් වගේම ස්වභව ධර්මයෙනුත් පීඩා විදිනවා මන් අහල තියෙනවා රජෝවද කියල ජතක් කතාවක් එකෙන් කියන්නෙත් මේකමයි රටක පාලකයෝ නරක වෙන කොට ඒ රටේ ඉන්න මිනිස්සු වගේම තිරිසනුන්ටත් කටුක වේදනා විදින්න වෙනව කියල බොහොම ස්තුති (අ)
මට තියෙන ප්රශ්නය මේක, ආණ්ඩුවට සම්බන්ද වුන කට්ටිය ඔක්කොම සුද්දවන්ත අයද?
මොහාන් ඔබගේ දෙවෙනි කියමන ගොඩක් දුරට හරි. මොකද යහපාලනේ අයට මේගොල්ලෝ දැන් දොස් කියනවා ඒගොල්ලොත් එක්ක කලින් හිටපු මෙගොල්ලොත් එක්ක දැන් ඉන්න අය හොරුලු ඒගොල්ලොත් අල්ලන්න කියල. එහෙම නම් අවුරුදු ගානක් දැනන් ඉදල ඒගොල්ලෝ ෆයිල් වගේම මේවත් දැනන් ඉදල තියෙන්නේ. (අ)
කතාව නම් වීර පුරන් අප්පුගේ බාප්පා වාගේ (බ)
පුෂ්පකුමාර ඔයාට වැරදිලා ලොකුම වැරදි කළ අය තමයි ආණ්ඩුවට එකතු වෙලා තියෙන්නේ. එතකොට නඩුත් නෑනේ (බ)
රජයේ වාහන අවභාවිතය නම් ඉතින් ඩිපෝවේ ඉඳල තියෙනවා.මේ ආණ්ඩුව යටතේත් වෙනවා.එයලා රුපවාහිනී නාලිකාවක් කතා කල හැටි මතක් වෙනවා. එහිදී ආණ්ඩුවේ ඇමතිට කට උත්ත්තර නැති වුණා මොහුගේ තර්කත් එක්ක. මහබැංකුව ගිල්ල එක්කෙනා නිදහස් ද ? (අ)
මෙහෙමනේ, මොහාන් ඔය වැඩිපුරම කෑ ගහන්නේ කරපු හොරකම් ටික වහ ගන්නනේ. අනිත් එක මෙයාලට ඕන හොරකම් කරන්න ඉඩදෙන හා ඒ කරන හොරකම් යටපත් කරන්න උදව් කරන සංවේදී නායකයෙක්. (අ)
දේශප්රේමීකම් මාවල ඉන්න අපිටනම් කියන්න එපා පහුගිය අවුරුදු කීපයේදී ඔහුගේ ක්‍රියා කලාපය අපි හොදින් බලාගෙන් හිටියේ . පසුගිය ඡන්දෙට ඔහු විසි කරපු සල්ලි ඔහුට ලැබුණේ කොහොමද කියල නිකම් හිතල බලන්න (ම)
අජිත් . ජයන්තගේ දැ හිතකාමී , දේශප්රේමීකම් මාවල ඉන්න අපිටනම් කියන්න එපා . පහුගිය අවුරුදු කීපයේදී ඔහුගේ ක්‍රියා කලාපය අපි හොදින් බලාගෙන හිටියේ . (බ)
හිරේ යන එකින් බේරෙන්න මුන් ආණ්ඩු පෙරලන්න හදනවා අනේ පවු (බ)
ජයන්ත සමරවීර වැනි දේශප්‍රේමී දෑ හිතකාමී අවංක දේශපාලඥයන්ටත් යමපාලන ආන්ඩුව සලකන්නේ මෙහෙමනම් අනෙකුත් අත්අඩංගුවට ගැනීම් හා පළිගැනීම් ගැන කවර කථාද?. හැබැයි යහපාලන මහ හොරුනේ දැනගනින් මහින්ද මහත්තයට නැවත බලයට පත් වුණාට පසුව උබලට ඉතිර ජීවත කාලයම හිරේ තමයි ළගින්න වෙන්නේ. (අ)
ඇමති පරාජිත සේනාරත්නට විරුද්දව අල්ලස් කොමිසමේ නඩු දැම්මේ මොහු. එකලොස් වතාවක් කැදෙව්වා නමුත් ඇමති ගියේ නැහැ. යහපාලයය මෙයයි (අ)