සුරංගනී එල්ලාවල මහත්මියගෙන් හිස්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර පදවියට නිලූකා ඒකනායක මහත්මිය පත්කරනු ලැබ සිටී.

ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශ කර්තෘවරියක වන නිලූකා ඒකනායක මහත්මිය වත්තල කෙරවලපිටිය විද්‍යාලෝක විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ද මාතලේ විජය විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ද ලැබුවාය. 

පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා සිටින ඇය එක්දරු මවකි.

නව ආණ්ඩුකාරවරිය ජනාධිපති නිල නිවසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

governer1-4138-87b8-79127938f1a9