පොදු විපක්ෂය හදන්න යන අලුත් පක්ෂය දොරට වැඩිල්ල ටිකක් පමා වෙනවලු.
ඒකට හේතුව ජ්‍යොතිෂ ප්‍රශ්නයක් කියලයි තතුදත් අය කියන්නෙ.
පසුගිය කාලෙ ලියාපදිංචි කරපු පක්ෂයක් හිටපු ලොකු මහත්තයගෙ හිතවත්තු අරගෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නමින් ඉස්සරහට ගෙනියන්න තීන්දුවක් අරන් තිබුණා.
ඒත් අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ කිව්වම ඒ නමේ ගණ හොඳ නැහැයි කියල මේ රටේ ප්‍රබලම ජ්‍යොතිෂවේදීන් විතරක් නෙවෙයි අල්ලපු රටේ ජ්‍යොතිෂවේදියෙකුත් උපදෙස් දීලා කියලා ආරංචියි...
ඒ නිසා මෙතෙක් භාවිත කරපු අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ කියන නම වෙනස් කරලා විපක්ෂ බලවතුන්ගෙ නැකැත් යෝගවලට ගැළපෙන හොඳ නමක් හදන්න ජ්‍යොතිෂ මණ්ඩලේකට භාර දීලලු.
එහෙම හදන නම ඉන්දියාවෙ ඉන්න ඉහළ පෙළේ දෛවඥයකුට පෙන්නලා අනුමැතිය ලබා ගත යුතුයි කියලා තීන්දුවක් අරන්.
ඒ නිසා මේ සතියෙ ප්‍රකාශයට පත් කරන්න තිබුණු අලුත් පක්ෂයෙ නම ඉන්දිය දෛවඥ උපදෙස් ලැබෙන තුරැ පමා වෙනවලු.
විපක්ෂය ලොකු තැනගෙ පක්ෂියා රජවෙන දවසක සුබ නැකතකින් ඒක එළියට දාන්නයි දැනට සැලැසුම් කරලා තියෙන්නෙ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජ්‍යොතිෂ උපදෙසින් නම වෙනස් වෙයි