යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට වෙඩි තබා මරා, පෙම්වතියගේ පියාට ද වෙඩි තැබීය. ඔහුට ද වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි. ඔහු වෙඩි තබාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. තුවාලකරුවෝ මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේ තුන්වැනි වසර සැමරුම අදට (19) යෙදී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ දේවල් වලින් වෙන්නේ හමුදාවට සම්බන්ධ අයත් එක්ක ජීවත් වෙන්න කෙල්ලො බය වෙන එකයි
පිසිසෙක්
ඉගනීමෙන් අඩු සදාචාරය ගැන වැටහීමක් නොමැති මානුෂිකත්වය ගැන නොහදුනන බොලද පෙමකට මැදිහත්වු මන්දබුද්ධික පිරිස්ද ආරක්ෂක අංශවල සේවය කරති. ඔවුන් සිතන්නේ ආයුධයක් අතට පත්වු පමනින් ඔවුන් වීරයන් කියාය. එවැන්නන්ගේ ක්‍රියාවන් ත්‍රිවිධ හමුදාවට පමණක්නොව අප ලක් භුමිතලයටම විශාල කැලලකි. නිදන් කොල්ල කෑමි, ස්ත්‍රී දුෂන, මංකොල්ල, සොරකමි, මිනීමැරීමි, මේ සියල්ලන්ගෙන්ම ඉදිරියෙන් සිටින්නේ හමුදාවේ සේවය කරන හෝ හමුදාවෙන් පැනගිය පිරිස් බව නිතර නිතර පුවත්පත් වාර්තාවන් අනුව අප දකින දෙයකි. සියල්ලට ප්‍රථමයෙන් මෙම අයගේ සදාචාරාත්මක මානුසිකත්වය ගොඩනැගීමේ වැඩපිලිවෙලක් ආරමිබ කිරීම රටේ නායකයා සේනාධිනායක ලෙස ජනාධිපතිතුමා සතු කාර්යයකි. එසේ නොවුන හොත් හමුදාවේ කියාගන්නා පුද්ගලයන් විසින් සාමාන්‍යය ජනතාව වෙත එල්ලකරන්නාවු ගිනි අවියම අනාගතයේදී ඔබ වෙතද එල්ලවීමට ඇති ඉඩකට ඉතා විශාලය. එම නිසා ස්ථානෝචිත ප්‍රඥාවෙන් මේ ගැන සිතා කටයුතු කිරීම කාගේ කාගේත් වගකීම වන්නේය.
ත්‍රිවිධ හමුදා වල ඉන්න සාමාජිකයින්ෙගන් බහුතරයක් ඉතාම ස්වල්ප දෙනෙක් හැරෙන්න ඔවුන් හිතාෙගන ඉන්නේ අපි තමයි කෙරුමෝ කියලා. සමාජෙ ඉන්න අනිත් සිවිල් ජනතාව ඔවුන්ට යටත් වෙලා ඉන්න ඕනේ කියලා ඔවුන් හිතාගෙන ඉන්නේ. අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් 99%ක්ම ත්‍රිවිධ හමුදා වල හෝ ඉන් පලා ආ පුද්ගලයන්. ත්‍රිවිධ හමුදාවේ කිසිම සාමාජිකයකු වැටුප් ලබා නොගෙන යුද්‍ධෙට ගියේ නෑ.
යුද හමුදාවේ ඉන්නේ ඉවසීම විනය පුරුදු පුහුණු කල විරෝදාර රණ විරුවන් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදිවලට මුළු හමුදාවේම ඉන්න අයව හෙලා දකින්න තරම් කෙල්ලෝ බොලද නෑ. ඒ වගේම හමුදාවේ ඉන්නෙත් මිනිස්සු. මේ වගේ දේවල් සිද්ද වෙන්නත් කුමන හෝ වරදක් ඇති. රටේ කොතරම් දාමරිකයෝ ඉන්නවද. ඒ මිනිස්සුන්ට කෙල්ලෝ ආදරේ කරන්නේ නැද්ද
ආදරයේදී හා යුද්ධයේදී කරන සියළු දේ සාධාරන ද?
යුද්ධය නිමවිමෙන් පසු රටේ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ විනය බරපතල ලෙස පිරිහී ඇත. රජය සම්පූර්ණ වගකීම භාරගත යුතුය.
අද වර්ථමාන ලෝකය මුහුණදෙන පූධාන ගැටලුව වශයෙන් බොහෝ දෙනෙක් දකින්නේ පලස්තීනය, කාෂ්මීරය, ඇප්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, ඊජීප්තුව, සිරියාව, වගේ රටවල පවතින දේශපාලන අර්බුදයන් ගැනයි. ඒ වගේම තව අය කියයි. අද ලෝකය මුහුනපාන ආර්ථික අර්බුදය තමයි හේතුව කියල. තවත් අය කියයි ගෝලිය උෂ්ණත්වය වැඩිවීම. දේශගුණික විපර්යාස. ඒ වගේම ස්වාභාවික විපත් ජලහිගය. මෙවත් ප්‍රශ්ණ තමයි. මේවා ඉතා බරපතල ප්‍රශ්න බව ඇත්ත. ඒ උනාට සාපේක්ෂව බලනකොට කවුරුත් නොහිතන අන්දමේ මේවාට වඩා උගු ප්‍රශ්ණයකට අද ලෝකය මුහුණදීලා තියෙනවා. කවුරුත් ඒගැන හිතන්නෑ. ඒක සමාජයට ලෝකයට සාමාන්‍යය දෙයක්වෙලා. ඒ තමයි සදාචාර පරිහානිය කියන ප්‍රශ්නය.හැම එකටම මුලික වී ඇත්තේ මෙයයි. එය මුලු මිනිස් සමාජයටම ප්‍රශ්නයක්. විශාල තර්ජනයක්. මෙවැනි ප්‍රශ්ණයන් තුලදී මිනිස්සමාජයම ප්‍රපාතයට වැටෙමින් තියෙද්දී එය නිවැරදි මාර්ගයට යොමුකිරීමට තරමි බලයක් ශක්තියක් ඒආගමි දර්ශන තුලින් නැතිවෙන ස්වාභාවයක් තමයි අප දකින්නේ. එම නිසා මෙවැනි සිදුවීමි සමාජයක් තුල සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ
මේ පිළිබඳ බුද්ධිමය සංවාදයක නායකත්වයට රනිල් පත්කර ගන්නාමෙන් ඉල්ලා සිටිමි
සිවිල් ජීවිතයට මුහුණ දීමට සෑම සෙබලකුටම මානසික පුහුණුවක් දීම අවශ්‍යය. ආරක්ෂක ලේකම් ගේ වගකීම පාරවල් හදන්නට නොවේ, තමාව වීරයෙක් කල හමුදාවේ සුබ සාදනෙට මුල්තැන දීමය. හමුදාවේ අයගේ පවුල් ජීවිත ප්‍රශ්න වලට උදව් කල හැකි ආයතනයක් වහාම ඇති කල යුතුය
යුද්ධයට සූදානම් කළ යුධ සෙබලාත් දැන් පුනරුත්තාපනය කරන්න වේවිද?
පන්ති විෂමතාව නිසා ජනතාව සැබෑ අරමුණෙන් බැහැර කරවූ ධනවාදී සමාජ ක්‍රමයක එක් සමාජමය ප්‍රකාශනයක්.
කොල්ලෝ රවට්ටන කෙල්ලන්ට හොඳ වැඩේ.
දිනුෂි හමුදාවේ රැකියාව කරන තරුණ පිරිමි දරුවන් පිළිබඳව ද්වේෂ සහගතව අදහස් දක්වන අතර ඉන්දු දුව ඒ අය පිළිබඳ සානුකම්පිත බවකින් අදහස් දක්වා තිබෙනවා.මේ මත දෙක අතරින් වඩාත් යථාර්ථයට කිට්ටු වෙන්නේ ඉන්දු දුව දක්වා ඇති අදහස්බව කියන්න කැමතියි.දිනුෂි අද ඔයා අද ගෙදරට වෙලා කිසිම බයක් සැකක් නැතිව නිවි සැනසිල්ලේ කාලය ගත කරන්නේ ඔයා පරිභව කරලා කතා කරපු හමුදාවේ තරුණ දරුවෝ තමන්ගේ ජීවිතය කැප කරලා කරපු පරිත්‍යාගය නිසාබව අමතක කරන්න තරම් ඔයා කෙළෙහි ගුණ නොදත් ගැහැණියක් වුනේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.ඔයා වගේ කිසිම හිතක් පපුවක් නැති ගෑණු කියන කතා අහන්න මේ සිවිල් සමාජයේ ඉන්නවට වඩා ඒ තරුණ දරුවෝ ඔයාලාව රකින්න ප්‍රභාකරන් කියන මීනීමරුවගේ උණ්ඩයට බිලිවීම සැපක් කියලා හිතනවා ඇති ඔයාගේ මේ කමෙන්ටුව කියෙව්වා නම්.එහෙම කරන්න එපා දරුවෝ ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි
මේවගේ දේවල් වලින් වෙන්නේ හමුදාවට සම්බන්ධ අයත් එක්ක ජීවත් වෙන්න කෙල්ලො බය වෙන එකයි
සංග දරුවා කියන කාරණය හරියටම හරි.ඒ එක්කම මේ කරුණු ඩිංගිත්තත් මේ ප්‍රවෘත්තියට එකතු කරන්න කැමතියි.මේ වගේ සිද්ධි වලින් සිදුවන්නේ යුද හමුදාවෙන් පළා ගිය සෙබලුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි කියන මහජන මතයක් ගොඩනැඟෙන එක.එතකොට කරන්නේ කිසිම ඉවක් බවක් නැතිව නිවාඩු නොමැතිව පැමිණ සිවිල් සමාජයේ රැකියාවක් කරගෙන දරුමල්ලේ හදාගෙන සිය පවුල් කුටුම්භය තුළ ඉතා සාමකාමීව කිසිවෙකුට කරදරයක් නැතිව ජීවත්වන අසරණ තරණ දරුවන් මහ රාත්‍රියේ අළුගෝසුවෝ වගේ යුද හමුදා පොලිසිය නිවාසවලට කඩා පැනලා අත්අඩංගුවලට අරගෙන අර අසරණ තරණ ගැහැණුයි දරුවොයි බයෙන් බිරාන්ත වෙලා ඉද්දී අත්අඩංගුවට අරගෙන කුදලාගෙන යන එකයි. එහෙම ගෙනියලා දින, සති, මාස, අවුරුදු ගණන් හමාදා ෂෙල් ඇතුලට කූඩා කරලා තියාගෙන ඒ මදිවට ඇතැම්විට පොලිස් හිරකූඩුවල ලැගලා පවුල් ජීවිත කඩාප්පල් වෙලා, කර කර හිටපු රැකියා අහිමිවෙලා ඒ ජීවිත සුන්නද්දූලි වෙලා යන එකයි.නමුත් සැබෑවටම මැරකම හා තක්කඩි වැඩ කිරීම සඳහාම හමුදාවෙන් පළා විත් දේශපාලකයින්ගෙන් නිවෙස්වල සුරක්ෂිත රැකවරණය ලබමින් සිටින සැබෑම පාතාල සාමාජිකයින් මෙසේ අත්අඩංගුවට පත්වෙන්නේ නැහැ.සිවිල් සමාජය එකතුවී සිදුකරන මේ අමන තකතීරු මෝඩ ක්‍රියාවළිය නිසා සිදුවන්නේ අසරණ තරුණ ජීවිත තව තවත් අසරණ වෙන එකයි.ඒ අසරණයින් අන්තිමේ කරකියා ගන්න දෙයක් නැතිව සිය දිවි නසා ගන්න හරි වෙනත් භයානක පියවර ගන්න හරි ඉදිරිපත් වෙන එකයි.මොකද වලේ වැටුණු මිනිහා වගෙන්ම ගොඩ එන්න ඕන නිසා අන්තිමේදී සමාජය එකතුවෙලා නූතන අහිංසකලව අංගුලිමාල වගේ දරුණු පුද්ගලයින් බවට පත්කරවනවා. අපට නවත්වන්න ඕන මේ ක්‍රියාදාමයයි. මෙබඳු සිදුවීම් නිකම් මෝඩ විදිහට නෙවෙයි තරමක් බරපතල සමාජ විද්‍යාත්මක පසුබිමක් ඇති කාරණා විදිහට බලන්න ඕන කියන මතයේයි මම ඉන්නේ.ඒ නිසා මම හිතනවා මේ පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ඇතිවෙන්න සුදුසු කාලයයි මේ උදාවෙලා තිබෙන්නේ. මොකද දැන් පවතින්නේ පශ්චාත් යුද සමයක්.ඉතින් මේ කාලය අපි නිවැදිව කළමනාකරණය කරලා යුද්ධය පවතිද්දී අපේ තරුණ දරුවන්ට නොලැබුණු සමාජ රැකවරණය ඔවුන්ට ලබාදිය යුතුයි කියලා මේ ප්‍රවෘත්තියත් එක්ක මට පෞද්ගලිකවම හිතෙනවා.නිකම් බොරුවට හාස්‍ය උත්පාදක කමෙන්ට් පළ නොකරන මේ පිළිබඳ බුද්ධිමය සංවාදයකට එක් වෙලා ඒ තුළින් සමාජ කතිතාවතත් ඇති කරන්න මා සමඟ එක් වෙන්න කියලා මේ කමෙන්ට්ස් කියවන උගත් බුද්ධිමත් විද්වත් මහජනතාවගෙන් මම අවංකව ඉල්ලා සිටින්න කැමතියි