පොදු අපෙක්ෂකයා ලෙස ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමත් සමග ඊට සහාය දක්වා කළුතර මගගෝන හන්දියේදී අද සවස 6.40ට පමණ රතිඤ්ඤා පත්තු කළ පිරිසක් අතර සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වෙඩි වැදීමෙන් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ චමිල රණසිංහ නම් අයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදීකගේ මොනවද අනේ ජනාධිපති තුමා ගත්තේ...පුදුමයි..එතුමා ඔය මොකුත් අපෙන්නම් අරන් නැහැ..අපිට දෙයක් දීල මිසක්..නිදහසේ ජිවත් වෙන්න පාරක බැහැල යන්න කර්මාන්තයක් කරගන්න ඉඩ ප්‍රස්තා විවර කරලා දුන්නේ එතුමා..මර බියෙන් සලිත වුනු රටක මර බිය නැති කලේ එතුමා..ඔයාල වගේ ගුණමකුවන්ට එතුමාගේ මයිල් ගහක් හොලවන්න බැහැ නදිකෝ..ඔයා නාල ඇවිත් කොපි එකක් බිල නිදා ගෙන තව හින දකින්න.මේ රටේ කලගුණ දත් සහ එතුමා කල මෙහෙවර දත් බහුතර ජනතාවක් තාම ඉන්නවා..ජනවාරියෙන් පස්සේ බලන්න සිරිසේන මහත්තයට වෙන දේ..වැලේ වැල් නැතුව ඉන්න ඔයාලට මේවා සම්භාව්‍ය කෘති කියල පෙනුනට අපි දන්නවා මේ පෙන්නන්නෙත් තුට්ටු දෙකේ ටෙලි නාට්‍යයක් කියල..ඔයා ඒක බලල හිතේ සතුටින් ඉන්න ජනවාරි වෙනකම්..අනේ මෙහෙමත් ගුණමකු ගැණු..(ස)
මහින්ද මහත්තයා වටේ අන්තිමට ඉතුරු වෙන්නේ මෝඩයෝ ටිකයි මැරයෝ ටිකයි විතරක් බව පේනවා (නදී)
අපිට නම් පෙන්නේ පොදු අපේක්ෂකයාට තියෙන්නේ රටේ ප්‍රශ්න වලට වඩා තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක්..(හේ)
පැනලා සිපගන්නවා. (ස)
පව් තාමත් ඉන්දික වගේ අය ඉන්නවනේ (නදී)
අර හයි වේ, සුපිරි පදික වේදිකා, අහස් කුලූනු, මහා නෙළුම් පොකුණු හරහා යමි. ඒ යන ගමනේදී මුණගැහෙන ඒවා මට සිනාසෙනවාද මම ඒවාට සිනාසෙනවාද යන්න මටම අපහැදිලිය. තමාට සිදුවී ඇති දේ නොදන්නා මැට්ටෙකුට, පිස්සෙකුට ඒවායෙන් ද රසයක් ලැබිය හැකි මුත් මට දැනෙන්නේ ඒ සියල්ල විසුළු විකාර කඩදාසි පුරවරයක් බව පමණි. ඒවා මට කවුරු සමග කුමක් බෙදා ගැනීම සඳහාද? මේ හොඳටම ඇති ජනාධිපතිතුමනි, මා හිතන්නේ ඔබතුමා විවේක ගත යුතු කාලය දැනටමත් ඉක්මවා ඇති බවයි. එසේම අපටද විවේකයක් දැන් අවශ්‍යයි. අප කිසිවකුටත් තවදුරටත් මෙසේ යා නොහැක. ඔබ අප සතු බොහෝ දේ අරගත්තේය. තවත් අරගැනීමට යමක් ඉතිරි වී ඇත්නම් අරගන්න. ඔබේ දරුවන්ට තවත් යමක් අඩු නම්, ඔබේ නෑදෑයන්ට ගමේ අසල්වැසියන්ට ගෙනිහින් දීමට යමක් ඇත්නම් කරුණාකර ඉක්මනින් අරගන්න. අන්න, ඔබ හැදූ අර සුවිසල් හම්බන්තොට අධිවේගී මාවත ඔබ එනතෙක් මග බලා සිටී! (නදී)
ජයපැන් බොන්න සිරිසේන මහත්තයා දිනුවද ? (හේ)
අහසින් වැටෙන්න ඇති වෙඩි. (ර)
අවරුදු 2 කකට කලින්ම ගෙදර යනවා කියන්නේ මොන දුකක්ද මල්ලියේ?(නදී)
චමිල අයියට ඉක්මන් සුවය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!
වකුගඩු ලෙඩුන්ටත් මොකුත් කරන්න බැරිවුණ සෞඛ්‍ය ඇමති මෛතිපාල කොහොම ජනාධිපති කම් කරන්නද ? මල්ලි ඩඩ්ලිට පුළුවන් වේවි ඉතුරු වී මෝල් ටිකත් වහලදමල වී ගොවියා හුරකන්න, මෛතිපාල දිනුවොත්. ඒ වගේම රනිල් විදායක අගමැතිවෙලා 2004 න් නවතපු තැනින් පටන්ගනිවී. අපි බලාසිටිමු මොකද වෙන්නේ කියල. (අ)
තිවංක, නිකන් ගොන් කතා කියන්න එපා, ඔය වගේ මිනිස්සු මෛත්‍රී ගොයියා වටේ දැනටත් ඉන්නවා, පහුගිය 20 අවුරුද්ද තමයි රටේ තිබුන භයානකම ප්‍රශ්න ගොඩක් විසඳුනේ!කුහක වෙන්න එපා ඔහොම! (අ)
පුදුම ප්‍රවෘත්තියක් ! ජයපැන් බොද්දි වෙඩි වදියි ? ඒ කියන්නේ කවුරුත් වෙඩිතියල නැද්ද ? ජයපැන් බීපු වීදුරුවේ වෙඩි තිබිලද ? එහෙමත් නැත්නම් ජයපැන් බිබී ඇවිදන් යද්දී වෙඩිවල කකුල හැප්පිලද ? (අ)
හොද හොද සෙල්ලම් තව ඉස්සරහට බල ගන්න පුළුවන් වේවි අපි බලන් ඉමු. (ර)
මෙන්න පළමුවන ඡන්ද ප්‍රතිපලය. (ර)
මහින්ද මහත්තය ඔච්චර සදරනම් ඇයි අනේ ඔච්චර බය (අ)
නුවන්-ඔව් ඉන්නවා.අපි වගේ රටට ආදරේ අය. මේ රට කුරුරු යුද්දෙන් බෙර ගත්තේ කවුද කියල පොඩි ළමයි පවා දන්නවා.ඔයාල වගේ අයත් ඉන්නවා ඒ අතරේ කගේ හරි පිහිටෙන් කාව හරි දිනවල පස්සේ දොරෙන් බලයට පත් කරන්න.ලැජ්ජයි. (අ)
1977 දිනපු අය ධර්මිෂ්ට රාජ්‍යය හදන්න පොලිසියට සුමානයක් නිවාඩු දුන්න. මේ පාරත් එහෙම කරොත් කොටිය කෙලින්ම අපිව බාරගනියි. සමහර රටවලුත් කියවී එහෙම හොඳය කියල. ත්‍රස්තවාදය නැති කරපු අයව යුධ අධිකරණයට යාවි. එදාටත් අපි ජය වේවා කියමු. ප්‍රභාකරන් කිව්වා හරිම හරි. අපිට මතක බොහොම ටික කාලයක් පමණි. අද එලියට බැහැල සතුටු වෙන්නේ බෝම්බ නැති නිසා. කවුද එක කරේ කියල මතකද (අ)
කවුරු කිවත් යුද්දය ඉවර කළේ මහින්ද මහත්තයා. අද ලංකාවේ සිතියම වෙනස් පොදු අපේක්ෂකට එකතුවෙලා ඉන්න කට්ටිය රට පාලනය කලානම්. (අ)
මේ ආරම්භය විතරයි. තව ගොඩක් සිදුවීම් වෙන්න තියෙනවා ඉස්සරහට. (අ)
තිවංක, පසුගිය අවරුදු 4 ක සාපය, අවරුදු 35 ක ත්‍රස්තවාදීන්ගේ සාපයට වඩා ප්‍රබලයි කියල කියන්න.(නදී)
මාවතගමත් ඒ ජා ප යේ ආධාරකරුවන්ට පහර දෙනවා (නදී)
මහින්ද තමයි වෙන්න තිබුන හොදම සහ එකම පොදු අපේක්ෂකයා. නමුත් ඔහුගේ මුරණ්ඩු පාලන ක්‍රමය ඔහුගේම ඇමති මණ්ඩලයට කොපමණ එපා වෙලාද කියන එක මේ සිදුවෙමින් තියෙන මහා වෙනස්කම් වලින් දැකිය හැකියි. ඔහු තවමත් හිතනනවා නම් යුද්දේ දිනවපු එකේ නාමයෙන් ජනතාව මුලා කරගෙන ඔහුගේ සහ පවුල් බලය රැකගන්න පුළුවන් කියල එය නිකන්ම නිකන් මිත්‍යාවක් පමණයි. ඇමති මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ ජනපති පවුල් සාමාජිකයන් විසින් කරගෙන යන දුෂණ වංචා සහ රටේ මුල් අයිතිකරුවන් වන සිංහල බෞද්ධයා තෙවනුවට තබා කටයුතු කිරීම මහින්දගේ පරාජයට මුලික හේතුව වී ඇත. ඔහුට වෙනස්වෙන්න කිව්වට ඔහු ඇසුවේ නැහැ දැන් මේක තමයි ප්‍රතිපලය (නදී)
රතිඤ්ඤා පත්තු කරලා වෙඩිවදින තාක්ෂණය ගන්න පුලුවන් නම්... (නි)
පළමු චන්ද ප්‍රතිපලය (අ)
යුද්දය ඉවර උනේ හමුදාව නිසා. යුද්ධය ගැන කියල දුෂිත රටක් වෙන්න ඉඩ දෙන්න එපා. තව වසර දෙකකින් ඡන්දෙ තිබ්බොත් මහින්ද මහත්තයට ඇපත් නැහැ. එ්ක නිසා ඡන්දෙ කලින් තියනවා (නදී)
මල්ලි යුද්ධය විකුණගෙන කාපු යුගය මෙතනින් ඉවරයි. ඔය කියන වීරයින්ගේ කවුද යුද්දෙට ගියේ? ඒගොල්ලන්ගේ කවුද අතපය අහිමි කර ගත්තේ. මැරුණේ කවුද?මේ ගොල්ලන්ගේ පවුල්වලට ගෑවිච්ච එකෙක්වත් ඉන්නවද එහෙම උන? හැම ආණ්ඩුවක්ම යුද්ධ කළා. කොටිත් මලා. අපේ හමුදාවල වීරයොත් මැරුණා. මේ ආණ්ඩුවෙන් යුද්දේ දිනුව කියල කරන හැම දෙයක්ම අනුමත කරන්න පුලුවන්ද? හොඳ වැඩ හොඳයි. එ්ත් දුප්පත් ජනතාවට දරන්න බැරි බරක් පටවන බදු ගැසීම , මුළු ලෝකෙටම ණයවෙලා ඒවා ගෙවන්නට අපේ ඉදිරි පරපුර ණය කාරයින් කිරීම, පුහු සෝභන වැඩ සඳහා කෝටී ගණන් වැය කිරීම ජනතා හිතවාදී මෛත්‍රී මහත්මයා වගේ පිරිසට මේවා උහුලන්න බැරි දවස ඉක්මනට ආපු එක ගැන මම නම් සතුටු වෙනවා. (නදී)
මහින්ද මහත්තයෝ අපි ඔබ සමගයි. (ර)
බන්දුල ලග හිටියා නම් (නදී)
යුද්දය දිනීමේ ගොව්රවය මහින්ද රාජපක්ෂ ජනපතිට විතරක් දෙන්න තරම් කුහක වෙන්න එපා. දිවි පරදුවට තබා යුද බිමට ගිය විරෝදාර හමුදා නායකයන් ඇතුළු අපේ විරෝදාර සෙබළුන් සියලු දේ කැප කලේ රට වෙනුවෙන්. ගොව්රවනීය රතන හිමි ඇතුළු දේශප් ප්‍රේමින් මාවිල් අාරුවට ගියේ රට වෙනු වෙන්. (නදී)
ආණ්ඩුව වග කියන්න ඕනේ මේවට , බල තන්නහජව නැතුව රටට ඕන දේ නොකර අනතුරේ දැම්මට.(හේ)
කරුණාරත්න වගේ අයගේ මොලේ තමා මොලේ. යුද්ද කලේ හමුදාව උනාට එ්කට උපක්‍රමික නායකත්වයක් දුන්නේ කවුද? ඔබගේ අබ ඇටයක් වැනි මොලයට ගැඹුරු මාතෘකා කතා කිරීම සුදුසු නොවේ, කුහක කමත් අයින් කරලා කතා කරන්න. ඔයත් කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියපු ගොන්නුන්ටත් යුද්ද කරන්න පුලවන් කියපු අයෙක් වගේ. (නදී)
අම්මපා,මේ බන්දුල පෙරේරා වැඩි වෙන්නේ මොලේ උඩද?(අ)
නුවන්-රනිල වටේ අන්තිමේ කවුරුත් නෑ, ගිය සැරේ ජනරාල්ට වුනු එකට එහායින් මේක නවතින්නේ.මෛත්‍රීට වෙන්නේ පරණ ග්‍රාමසේවක කමට යන්න. (අ)
විසි අවුරුද්දක් තිස්සේ පැවති ශාපයේ නිමාවේ ආරම්භයද? (අ)
අපේ මිනිස්සුන්ට ඉක්මනට අමකන වෙනවා. පවතින රජය සහ ගරු ජනපති තුමන්ගේ පාලන කාලය තමයි මාදුටු ඉතාමත් හොදම නායකත්වය සහ පාලන කාලය. සමහරු උත්සාහ කරනවා භීෂණය මවන්න. ඒත් වැඩිදේනා බුද්ධිමත්. (අ)
මම කවදත් යුක්තියට කරුකරන මිනිසෙක්. අන්න ඒ නිසා මම කියනවා අද අපේ රටට වෙනසක් වියයුතු කාලය එළඹිලා. ඒ නිසා විපක්ෂයට ජය වේවා. ! (ස)
තිවංක- මට බය ආයෙත් 17 අවුරුදු ශාපය නැවත ඒවිද කියල (අ)
ඉන්දික ,මහින්දට කඩේ යනවා වගේ. (අ)
තව කොහොමට තියේවිද සිරිසේන මහත්තය ජනාදිපති වුනානම්.(හේ)
යකඩෝ අවුරුදු 20 ක සාපයක් තිබුන කියන්නේ තිවන්කට වයස කීයද ඇත්තටම .? එතකොට එයිට කලින් කිරි උතුරලා තිබුනද මේ රටට.අනේ යන්න මල්ලි යන්න ..ගිහින් අම්ම තාත්තාගෙන් අහගන්න ඒ කාලෙයි මේ කාලෙයි වෙනස.(අ)
චමිල අයියට ඉක්මන් සුවය ලැබේවා! ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා! සියලු දෙවියන්ගේ නෙත් චමිල වෙත යොමු වේවා! (අ)
තාම පත්තු උනේ එක තුවක්කුවයි (නදී)
කොහොම උනත් මෛත්‍රීට කියන දෙවල් කරන්න අමරුයි. එයා දින 100 යි නායක කමේ ඉන්නේ. ඊට පස්සේ නායකයා රනිල්. රනිල්ගෙ කෙරුවාව අපි දැක්කනේ 2001. මහින්ද පරාදවිය යුතුයි. එ්ත් මහින්ද වෙනුවට පිලිතුර රනිල් නෙවෙයි. (නදී)
ඉවසන්න බැරි මෝඩ මිනිස්සු මේවා කෙරුවට කලබල වෙන්න ඔනනහ.ලගදීම හොද පාලනයක් ඒවි. (අ)
කෝසල-මහින්ද නෙමේ බය.රනිලුයි බය, එකනේ එක එක දාල ඡන්දෙ දිනන්න හදන්නේ.අනික ඉතින් මේක මහින්දද කලේ කියල ඔය දැක්කද? (අ)
සිරිසේන මහතාටත් ෆොන්සේකා මහතාට කරපු දේ කරන්න ගියොත් රටේ ලොකු පිපිරීමක් සිදුවෙයි. (නදී)
රොෂාන්, ඒ කිව්වේ අර 77, 89 කාලේ වගේ පාලනයක්ද? (නි)
යකඩෝ ජයපැන් බොන්න සිරිසේන මහත්තය දිනුවද ? අම්මප ඡන්දෙ කලින්ම තියලානේ අපි දන්නෙත් නැතුව. වැඩේ හරි එහෙනම් දැන් තියෙන්නේ දින 100 බොයිලර් කුකුලගේ බෙල්ල කපන්න. (නදී)
හත් ඉලව්වයි (නදී)
යකඩෝ ජයපැන් බොන්න සිරිසේන මහත්තය දිනුවද ? අම්මප ඡන්දෙ කලින්ම තියලානේ අපි දන්නෙත් නැතුව. වැඩේ හරි එහෙනම් දැන් තියෙන්නේ දින 100 බෝයිලර් කුකුලගේ බෙල්ල කපන්න. අයියෝ සිරිසේන..රනිල් මහත්තයත් දකින හීන අම්මපා. (නදී)
මේ වගේ ප්‍රචණ්ඩ වැඩ කරලා සහ බියවද්දලා තමයි පෙර මැතිවරණ සේරම දිනාගත්තේ.(හේ)
මේවා කෙරුවට කලබල වෙන්න ඕනෑ නැහැ. ලගදීම කොටි පාලනයක් එනවා (නදී)