කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද අපේකෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනඥයන් ඇතුළු පිරිසකට පසුගිය දා එන්තරවාසි යැවීය. ජිප්සිස් නායක ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරාගෙන් ද කෝටි පනහක් ඉල්ලා එන්තර වාසි යවා තිබිණි.
සුනිල් පෙරේරා පසුගිය දා හිටපු ජනපතිගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීය. ඒ පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.
ඔහු මෙවර බයිලා කිව්වේ නැත.
‘වෑන් එවා උස්සාගෙන ගොස්, අතපය නොකඩා ගැටළුවක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යනුකූලව විසඳා ගැනීමේ පිළිවෙත මහින්ද රාජපක්ෂ මහත්මයා අනුගමනය කරනවා නම් හරිම ෂෝක්. නඩු කියලා උසාවියෙන් තීන්දු කරයිනේ වැරදිද නැද්ද කියා.‘ යැයි සුනිල් පෙරේරා කීවේය.
‘ඊයේ පෙරේදත් දෙහිවල පැත්තේ ඡන්දෙ ඉල්ලන චන්ඩියෙක් කියා තිබුණා ඡන්දෙ දිනුවට පස්සේ මට ගහන බව. මට නම් දුක ගහන පුද්ගලයා ගැන නොවෙයි. ජනතාව ගැනයි. මොකද ඔවුන් පත් කළේ ජනතාවයි. ජනතාව අසරණ නිසා වෙන්න ඇති ඔවුන් පස්සේ යන්නේ. මං කියන්නේ යන්න. ගිහින් දෙන දේවල් ඔක්කොම ගන්න. හැබැයි ඡන්දෙ දෙද්දි මැරවරයන් නම් පාර්ලිමේන්තුවට එවන්න එපා. අපට ගහනවා.
බුද්ධාගමට ගෝඩාක් ආදරේ ගායකයෙක් කියනවා අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන බව. බුදු හාමදුරුවො එහෙම කියලා නෑ. මමත් බුද්ධාගම ගැන ඉගෙන ගත්තා. මං කියපු පොත්වල නම් එහෙම නෑ. අනික කඩන්න කලින් රනිල් මහත්තයා යයි. 94 ගියේ. ෆොටෝ එක මතකනේ.‘
ඡන්දය ගැන හා ජනතා නියෝජිතයන් ගැන ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කතාව "පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...", "බෝට්ටුවෙන් යන්නට...", "හේතු වාසනා වේවා"(ම)
ජයවේවා! (නි)
ජයවේවා! (නි)
කලාකාරයෙක් වුණු තරමට බුද්ධිමතෙක් වෙන්නේ කොහොමද? ජනප්‍රිය හැම පුද්ගලයාම ඇත්තද කියන්නේ. (නි)
ඔබ හරි. මම 2000 පස්සේ කිසිම කෙනෙකුට ඡන්දය දීලා නැහැ. හේතුව මෙයාලා මිනිසුන්ගේ ඡන්දය අරගෙන මිනිසුන්ටම ගහනවා (නි)
නියම කතාව 100% කම ඇත්ත (බ)
ගයාන්, ඔයාට සතුටු ඇති. කියපු දේ දේශපාලනයෙන් තොරව අහගෙන ඉන්න. ඔබට ජය! (නි)
හැමදාම මම දේශපාලනේට නැහැ කියලා තමයි කිව්වේ නම්. මෙයාගේ පසුගිය කාල වල සාකච්ඡා අරගෙන බලන්න. ඔබට තේරේවි. (නි)
සමාජ අසාධාරණත්වය ලංකාව තුළ වර්ධනයට ඉඩ දියයුතු නෑ අහිංසක ජනතාවට මෙය නොතේරීම ජාතියේ අවාසනාව මේක කවදා ඉවර වෙයිද? ජාතියට පින පහළ වේවා කියල පින් දහම් කිරීම ඇර වෙන කළයුතු දෙයක් තියෙනවද (ම)
කෙලින් මිනිසෙක් (නදී)
18 රනිල් අගමැති වෙනවා. ඒක වෙන්න ඕනෑ දෙයක්. සමස්ත ජනතාව බුද්ධිමත් (නි)
සුනිල් අයියා පැත්ත ගියත් ඇත්ත කියනවා (නි)
කෙලින් කතාකරන මිනිසෙක් (නි)
දැන් දැන් කලාකරුවෝ බුද්ධිමතුන් බයනැතුව ඇත්ත කියන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ ඉදිරි පියවරක්. ජනතාවට් තමන්ගේ ගැලවුම්කාරයෝ කවුද කියලා වටහාගෙන කටයුතු කළොත් අපේ රට හොඳ තැනකට ගන්න පුළුවන් (නි)
නියම කථාව. කියන්න තියෙන ඇත්ත කෙලින්ම කිව්වා. ලංකාවේ නියම යථාර්ථය ඕකයි. දේශපාලනඥයින්ටත් මේ වගේ අවංක අදහස් තියනෙවා නම් රට හොඳ තැනකට ගන්න පුළුවන්. ඒත් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයින් මේ වගේ අවංක නැහැ. (නදී)
මම සුනිල්ගේ සින්දු වලට හරි ආසයි (නි)
මෙතුමා ගැන අපි දන්නවා ... (නි)
මම ගොඩක් ගරුකරන ඇත්ත කියන කෙනෙක් (නි)
මොහුගේ කතාව හරි. මැරයන්ට බලය ලැබුනොත් ඔවුන් අපිට ගහයි. මේ විදිහට බෙදන්න සල්ලි කොහෙන්ද කියන එක ගැනත් අපි කල්පනා කළයුතුය (නි)
මම කැමතිම චරිතයක් (නි)
එතුමා කොහොමත් ඇත්ත කියනවා (නි)
කාගෙ කාගෙත් කෙරුවාව අපි නම් දන්නවා (නි)
බුදුබණේ හැටියට ඕනෑම දෙයක් උපරිමයකට ඇවිල්ලා නැවතත් එය යථා තත්වයට පත්වෙනවා. දැන් ලංකාවේ දේශපාලනයට වෙලාතියෙන්නේ ඒකම තමයි. මේ වගේ මිනිස්සු නැවතත් යථා තත්වයට පත්කරන්නට මේ රටේ මිනිසුන්ට පාර කියනවා. මිනිසුන් හරි දෙය තේරුම් ගතයුතුයි. මේ තමයි අවස්ථාව. (නි)
දැන් සුමනදාසගේ ජොබ් එක බාර අරන්ද ? (නදී)
දුම්න්ද ඒ ෆිගර් ස්පීච්. අවසානයේ ඔහු නැවත කියනවා මේගොල්ලා ආවොත් අපිටත් ගහයි කියලා. (නදී)
අපේ සංස්කෘතිය දිහා බැලුවොත් මෙයා ගැන මොනවද කියන්න තියෙන්නේ? හැබැයි මේ මනුස්සයා කියන්න කියන දේ කෙලින් කියනවා (නදී)
අනේ මගේ කට මොකටද? අබුද්දස්ස කාලේ... (නි)
94 අගමැති රනිල්ට උන ඉරණම 2015 වෙන බවද නොකියා කියන්නේ ? (නදී)
මෙතුමා කතාවකින් හරි, සිංදුවකින් හරි කියන්නේ තිත්ත ඇත්ත. පක්ෂග්‍රාහී නොවී බැලුවොත් ඇත්තම ඇත්ත කියන යථාර්ථවාදී මනුස්සයෙක්. මෙතුමා ඇත්ත කිව්වට චණ්ඩින්ට මැරයන්ට හරිම බයයි. ඒ වගේම රටට ආදරෙයි.ඒකනේ හොරු, මැරයෝ, කුඩුකාරයෝ පාර්ලිමේන්තු එවන්න එපා කියන්නේ. අපෙත් පැතුම ඒකම තමා. (නි)
අපි බලමුකෝ අගෝස්තු 18 (නි)
දියේ ගිලෙන්න යන කෙනාට පිදුරු ගහත් ලොකු දෙයක්ලුනේ නේද (ම)
ජීවිතේ අහපු හොඳම කතාව (නි)
අපි ඔබ සමඟයි (නි)
හිතට එකඟව ඇත්ත කතා කරන පුද්ගලයෙක්. (ම)
සරත් ෆොන්සේකාට කරදේ මතක නම් මහින්ද ඇහැ පියගෙනද හිටියේ? (නදී)
හොඳයි හොඳයි... (නි)
මෙතන තියෙන්නේ සමාජ සතර 2ක් අතර ගැටුමක්. සතර 2 මොකක්ද කියල අඳින ඇඳුම් වලින්ම තේරෙනවා. (නදී)
කොහෙන් හරි වචනයක් අල්ලාගෙන පොඩි චුන් එකක් ගන්නවා (නදී)
රහත් වුණ අය නෙමෙයිනේ දේශපාලනය කරන්නේ. ඉතින් ඔය මොන පක්ෂවලත් හොරමැරකම් අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් රටේ සමස්ත ජනතාවගේ යහපතත්, රටේ ඒකීයභාවයත් උදෙසා මම නම් මහින්ද මහත්තයටම මගේ ඡන්දය දෙනවා. (නි)
මේ කියන්නෙ මෙයාලව විතරක් පාර්ලිමේන්තු යවන්න කියලද පිරිසිදුයි කියන අය ගාවත් මැරයො ඉන්නව නේද ආයුබෝවන්ඩ (බ)
ඔබගේ කතාව නියමයි (නි)
ඔබ රටට ආදරය කරන නියම පුතෙක් (නි)