දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවේ හයවැනි අදියරේ සිහින තාරකාවක් වුණු ඇය ලංකාවේ රියැලිටි කලාවේ ඇයටම අනන්‍ය වූ හ`ඩ පෞර්ෂයක් තුළින් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගැනීමට සමත් වුණා. ඇය චිත්රූ පාඨලී. පසුගියදා ඇය ඇගේ සංගීත මාවතේ අලූත් පිටුවක් පෙරලූවා. ඒ ඇගේ පළමු ගීතමය නිර්මාණය පේ‍්‍රක්ෂකයා වෙත තිළිණ කරමින්.
සුන්දරයි ආදරේ
මිහිරි ගීයක් වගේ
රළ පෙලක් සේ සාගරේ
නිමක් නෑ ආදරේ............
මේ දවස්වල ඔබේ කුළුඳුල් ගීතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
හ්ම්. ප‍්‍රතිචාර නම් හිතුවටත් වඩා ගොඩාක් හොඳයි. මේ මගේ පළවෙනි සිංහල ගීතය. මීට කලින් මම ඉංග‍්‍රීසි ගීතයක් කරලා තියෙනවා. ඉෆ් අයි කියලා. මේ සිංහල ගීතය මාව වෙනස්ම මාවතකට ගෙනගියා කියලා හිතෙනවා.
වෙනස්ම මාවතකට ගෙනියපු ගීතය චිත්රූට ලැබෙන්නේ කොහොමද?
ඒක හරි අපුරු තෑග්ගක්. මම ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවේ එක් තරග වටයකට ඕයේ ඔජායේ ගීතය ගායනා කළා. එදා මට හරි අපූරු චරිතයක් කථා කරලා සුබ පැතුවා. ඒ තමයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා. ඒ වෙලාවේ දී ඔහු කිව්වා කවදා හරි අපි සින්දුවක් කරමු කියලා. ඞී‍්‍රම් ස්ටාර් අවසන් වුණ ගමන් ඔහු කථා කරලා කිව්වා අපි ඇල්බම් එකට කරන්න හදපු ගීතයක් තියෙනවා. ඒ ගීතයට අපේ හඬට වඩා ගැළපෙන්නේ ඔයාගේ හඬ කියලා, මමත් ඒ ගීතයට කැමති වුණා. මට ඕන විදිහට සංගීතයේ වෙනස්කම් කළා. ඒ සඳහා ජිප්සීස් කණ්ඩායම මට පූර්ණ නිදහස ලබාදුන්නා. මම හිතනවා ඒ ගීතයට මගේ හඬ සාධාරණයක් ඉෂ්ඨ කළා කියලා.
නවකයෙක් විදිහට ඔබට ජිප්සීස් වැනි ලංකාවේ පෙරළියක් ඇතිකළ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් සමග වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මට මේ ලබාදීපු අවස්ථාවට මුලින්ම මට මගේ ගෞරවනීය ස්තූතිය සුනිල් පෙරේරා මහතාට පුදනවා. ඞී‍්‍රම් ස්ටාර් තරගය දින්නටත් වඩා ජිප්සීස් කණ්ඩායමේ ගීතයක් ගායනා කරන්න ලැබීම කලා ජීවිතේ විශාල ජයග‍්‍රහණයක් විදිහට මම දකිනවා. වසර 40 වඩා වැඩි කාලයක් ලංකාවේ පෙරළියක් ඇතිකරපු කණ්ඩායමක් සමග මම නවකයෙන් විදිහට ඒ අයගේ ගීතයක් ගායනා කරන්න ලැබීමට වඩා ගීතයක් කරමු කියලා ඔහු කරපු ආරාධනාවම මගේ ජීවිතේට ගොඩක් වටිනවා.
ජිප්සීස් කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා, ඔහුගේ පුත් සජිත් පෙරේරා, ශබ්ද පරිපාලන ගයාන් උඩවත්ත, පියල් පෙරේරා මහතා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. මේ ගීතයේ පද රචනය චන්ද්‍රදාස ප‍්‍රනාන්දු මහතාගේ. මා ඒ අය ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
මේ ගීතයත් බූට් රැල්ලට බිහිවෙච්ච ආදර ගීතයක්ද?
නැහැ. ආදර ගීතයක් වුණාට වෙනස් ආරෙකට ගැයුණු ගීතයක්. වර්තමාන රැුල්ලේ ගීත එක්ක ගත්තම මේ ගීතයේ සංගීතය තේරුම මේ හැමදේම වෙනස්. අද ටීවී එක දැම්මත් රේඩියෝ එක දැම්මත් ඇහෙන්නේ අඬන වැළෙපෙන ගීත. ආදරේ කියන දේට පැතිකඩවල් ගොඩක් තියෙනවා. මේ ගීතයෙන් පෙන්වන්නේ ආදරයේ එක් පැතිකඩක් විතරයි. ආදරේ කියන්නේ ඇඬිල්ලක්ම නෙමෙයි කියලා මේ ගීතය ඇහුවොත් ඔබට සිතේවි.
”සුන්දරයි ආදරේ” ගීතය රූප රචනාවක් එක්ක පේ‍්‍රක්ෂකයාට දෙන්නේ කවදද?
තාම වීඩියෝ එක නම් කළේ නැහැ. මේ මාසේ අවසාන වනවිට වීඩියෝ එක රිලීස් කරන්න තමයි බලාපොරොත්තුව. දැනට ගීතය ලබාදීලා තියෙන්නේ එක් මාධ්‍ය ආයතනයකට විතරයි. නමුත් එය ප‍්‍රචාරය කරන්නේ නම් හරිම අඩුවෙන් මොකද මිනිස්සු කොච්චර හොඳ නිර්මාණ ආවත් විරහව, වේදනාව තමයි අහන්න කැමති. ඒක මේ රැුල්ලත් එක්ක නිර්මාණය වුණ දෙයක්. ඒ වුණත් හැමදාම අහන සින්දුවලට වඩා වෙනස් ආරේ ගීතයක් නිසා ගීතය රස විඳපු බොහෝ පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා.
ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවට පස්සේ අලූත් වේදිකාවක අලූත් අත්දැකීම් එක්ක ීඒර ක්‍සඑහ අත්දැකීම චිත්රූට දැනෙන්නේ කොහොමද?
මුලින්ම කියන්න ඕන මගේ හඬට අඩිතාලම දුන්නේ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරින් අවසාන වනතෙක් ඉහළට ඔසවා තැබුවේ ජනතාව. දැන් නැවතත් ීඒර ක්‍සඑහ නිසා මට පේ‍්‍රක්ෂකයා අතරට එන්න අවස්ථාව ලැබිලා. මම තරග කරන්නේ ප‍්‍රවීණ කලාකරුවන් එක්ක. මම නවකයෙක් කියලා කිසිම වෙනසක් නැහැ. ීඒර ක්‍සඑහ මගේ ජීවිතේ අලූත් අත්දැකීමක්. හැබැයි ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව එක්ක බලද්දි මම ගොඩවෙලා ඉන්න මේ වේදිකාව ගොඩක් දැවැන්තයි.
පසුගිය කාලේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චිත්රූට විරුද්ධව විවිධ වූ ප‍්‍රචාරයන් නිර්මාණය වුණා.?
ඒක සංවිධානාත්මක අයුරින් සිද්ධවුණ දෙයක්. එක්තරා මාධ්‍ය ආයතනයක, කිසියම් පිරිසක් ප‍්‍රචාරය කරලා තිබුණා මාත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියන අයට කියන්න කැමතියි මාත් එක්ක වැඩ කරන්න අමාරු නම් රටේ පිළිගත්ත පිිරිස් මට ගීත භාරදෙන්නේ නැහැ. ඞී‍්‍රම් ස්ටාර් සීසන් 6 අදියරේ සිටි අය අතරින් පළමුවෙන්ම ීඒර ජසඑහ වැඩසටහනට තෝරගත්ත එකම තරගකරුවා මම. මම දන්නේ නැහැ. මිනිස්සු ඇයි මේ තරම්ම නපුරු කියලා. මම නිතරම බැලූවේ තව කෙනකුට ඇඟිල්ල දික් නොකර මගේ දෙයක් කරලා පෙන්නන්න. රියැලිටි තුළ මගේ හඬින් වෙනසක් කරන්න හැලහැප්පීම් බාධක එනවා. බාධක එන තරමට චිත්රූ කියන චරිතය තව තවත් නැගිටිනවා මිසක් කවදාවත් වැටෙන්නේ නැහැ.
ඉදිරියේ දී මොනවද අලූත් වැඩ?
මේ වසරේ අවසානයේ දී මගේ දෙවැනි ගීතය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තමයි මූලිකම තැන දෙන්නේ. මේ දිනවල නම් දෙරණ ීඒර ක්‍සඑහ අවසන් අදිරයේ ඉන්නේ, ඒ නිසා වැඩවලට ටිකක් මහන්සි වෙනවා. මට මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන ‘නිම්හිම්’ නමැති චිත‍්‍රපටයේ තේමා ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. එහි සංගීතය සරත් වික‍්‍රම මහතාගේ. පද රචනය වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාලගේ. පසුගියදා එහි පටිගත කිරිම් සිදුකළා.
නදීශා අතුකෝරළ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජිප්සීස් එක්ක ගී ගැයූ චිත්රූ