මහනුවර හන්තාන කන්දට සිකුරාදා ගිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනකු අතරමංවී පැය 24කට පසු බේරා ගත් බව පොලිසිය කියයි. වැස්සත් මීදුමත් නිසා ගමන් මග සොයාගත නොහැකි බව ජංගම දුරකතන මාර්ගයෙන් විශ්ව විද්‍යාලයට දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායෙන් මෙහෙයුම ආරම්භ කර තිබිණි. අද සවස ඔවුන් බේරා ගැනීමෙන් පසු ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් දෙයක් නෙවෙයි. මීට කලිනුත් හන්තාන ගිහින් සරසවි සිසුන් අතරමන් වුන පුවත් දැකලා තියෙනවා. නමුත් පාසල් ළමයිනුත් ඔහේ ගිහින් පාර හොයාගෙන එනවා. විශ්වවිද්‍යාලය අයට තමන් පැමිණි මාර්ගය හැමදාම අමතකයි, එනිසා හැමදාමත් අතරමන්. (අ)
කොහොමටත් ඔය අයගෙන් බහුතරය අතරමං වෙලානේ ඉන්නේ. විශ්ව විද්‍යාලයට අවේ මොකටද කියලවත් වැඩි දෙනා දන්නේ නැහැනේ.(නදී)
හේමන්ත ,දුෂ්කර පළාත්වලින් අඩු ලකුණුවලින් එන අය ද දන්නේ නැහැ .(අ)
අනේ හේමන්ත ල පැටලිලා...පැටලිල්ල ලිහා ගත්තනම්? (අ)
හේමන්ත...සරසවි සිසුන් අතර වැරදිකරන අය වගේම ඔබ කියන විදිහේ පිරිසකුත් ඇති. නමුත් බහුතරය ඉතා යහපත්. මමත් වී.විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා එය හොදින් දන්නවා. අනික සරසවි සිසුන් කියන්නේ මේ සමාජයේම දරුවන් පිරිසක් බව අමතකද.................? (නදී)
හේමන්ත මිනිහෙක් වෙන්නවත් උගතෙක් වෙන්නවත් ලෝකේ තියෙන හැම විශ්ව විද්‍යාලයකම ඉගෙනගන්න ඕනි නැහැ. ඔය ගත්තු එක උපාධියකින්වත් වැඩක් ගන්න ඔයාට බැරි උන හන්දයි තවමත් දඟලන්නේ . ලංකාවේදී පළමු උපාධියම හරියකට කලානම් ඔයත් ගොඩ. එහෙම අය ඕනි තරම් පිටරටවල සාර්ථකව ඉන්නවා. (නදී)
මෙයාලා මේ බොරුවක්ද මන්දා කරලා තියෙන්නේ? (නි)
සරසවියට යන්න වරම් ලබන්නේ සියයට දෙකක් වගේ සුළු පිරිසක්. සරසවි යන්න නොහැකි වුණ අය නිතරම ගිය අයව විවේචනය කරනවා. ගොඩක් අය කුහකකමට එහෙම කරන්නේ. (නි)
මෙතැනදී නම් තදබල අතරමංවීමක් සිදුවී නැහැ කියලයි මම නම් කියන්නේ. හැබැයි, වැඩිදෙනෙක් තමන් විශ්ව විද්‍යාලයට ආවේ ඇයි කියන එක අමතක වීමෙන් බරපතල විදිහට අතරමං වෙන බව බොහෝ විට පෙනෙනවා. (නි)
කෙල්ලෝ ඉන්න තැන වල නම් කොල්ලෝ පාර දන්නවා වුනත් දන්නේ නැහැ වගේ ඉන්නවා මම දැකල තියෙනවා..(දිල්)
කොහොම හරි ආවා නම් සතුටුයි. පාඩම හරියට ඉගෙනගෙන ආවා නම් ඊටත් වඩා සතුටුයි. මේකත් එක මතකයක් විතරයි මලේ. (නි)
ෂේන්. විශ්ව විද්‍යාලයට ගිය අය ආවේ මොකටද කියලා දන්නේ නෑ. ඊටත් වඩා ප්‍රශ්නය, නොගිය අය ඒක මොකක්ද කියලවත් දන්නේ නැති ඒක.(නදී)
මමත් කට්ටියක් එක්ක හන්තානේ ගියාම වැස්සා. ආපහු ආවේ මඩ නාගෙන.(නදී)
ආරියසේන මහත්තයෝ දුෂ්කර පළාත් වල අඩු ලකුණු ගන්නේ හැම දෙයක්ම දුෂ්කර හින්දා .කොහොම ආවත් ඒ ගොල්ලෝ දක්ෂයෝ. දුෂ්කර පැතිවල ඉන්නේ ඕන කන්දක් නැගලා බහින්න දන්නා කට්ටිය.(නදී)
මඩටත්, ගොඩටත්, උඩින් මම ඉන්න බව නම් බොහෝ අය දන්නවා. ඔයාලා ගොඩ හිටියත් ඒක මඩගොඩක් බව ඔයාලට තේරෙන්නේ නැහැ. ෂේන් ගේ උත්තරය කියවා බලන්න, ඒක තමයි ඇත්ත. (ස)
සදුනි, සමන්, ඔයාලා දෙන්න විශ්ව විද්‍යාලයේ ගියාද කියා මම දන්නේ නැහැ, එත් ඔයාල දන්නේ කොහොමද මම විශ්ව විද්‍යාලයේ ගියේ නැහැ කියලා. මගේ පම්පෝරිය මෙතන කියනවා නෙවෙයි, මම ලංකාවේ විශ්ව විද්‍යාලය තුන කත්, එයින් එකකට අනුබද්ධ පශ්චාත් උපාධි ආයතනයකත්, විදේශීය රටවල සරසවි දෙකකත් අධ්‍යාපනය කර ඇත, දැනට විදේශයක විශ්ව විද්‍යාලයක ඉගැන්වීම කරමි. මෙවෙනි දේවල් ගැන දන්නා නිසාත්, බහුතරයක් සිසුන්ගේ ක්‍රියාකලාපයන් දන්නා නිසාත් ලීවෙමි, ඉරිසියාව, ක්‍රෝධය මට නැත, එහෙත් ඇත්තේ ලොකු දුකකි, කනගාටුවකි. (නදී)
හන්තානේ ගිහින් අතරමං උනාට ජිවිත තක්ෂිලාවේ අතරමං වෙලා නැහැ. ඔය අවුරුදු 4 තමා ජිවිතයේ ලස්සනම කාලෙ. හන්තානේ මතකය සිහිනෙන් ගෑ සුවඳක් වගේ.. (ස)
මේක සාමාන්‍ය සිදුවීමක්. ජොලියට කරන වැඩ. විශ්ව විද්‍යාලයකට යන්න බැරි උන හේමන්තලා වගේ අය ඉරිසියාවට කැම්පස් වල ළමයින්ට බනිනවා. කොහොම උනත් උන් දක්ෂයෝ කියලා අමතක කරන්න එපා.(නදී)
දන ගියොත් කතරගම,නොදැන ගියොත් අතරමග .ජීපීඑස් එකක් අරන් ගියා නම් පාර හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. (අ)
එකත් තමන්ගේ විෂයයට අදාළ විය හැකි කොටසක් වෙන්න ඇති. (අ)
හන්තානේදී හිතලම අතරමන් වුණාවත්ද ? (අ)
රෑ වෙනකල් හිටියනම් හන්තානට පායන හඳත් බලාගෙනම එන්න තිබිණ. (නදී)