සිසු පිරිසකගේ පන්ති තහනම් කිරීමට විරෝධය දැක්වීමට සහ නේවාසික පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඒ සඳහා සිසුහු දහසක් පමණ සහභාගී වූහ.
සිසු පිරිසකගේ පන්ති තහනම් කිරීමට විරෝධය දැක්වීමට සහ නේවාසික පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඒ සඳහා සිසුහු දහසක් පමණ සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි දරුවෝ විතරක් නෙමෙයි ආචාර්ය මහාචාර්ය වරුත් උගුලට ලස්සනට අහුවෙලා. සමහර අයට ඕනා සරසවි සඳහා යන වියදම අඩුකරලා පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා ඇති ඉල්ලුම වැඩි කරන්න. ඒ සඳහා සරසවි තුල නැති ගැටළු ඇති කරනවා. සරසවි පාලනය කරන්න මේ අය හෙන්චයියල පත් කරන්නේ ඒකයි. දරුවන් සමග සාකච්ඡාවක්වත් කරන්නේ නැතුව පන්ති තහනම් කරන්නේ මේ පෙළඹවීමට. මෙහෙම කරලා සරසවි ටික වහල දැම්මම ඔක්කොම හරි. ආණ්ඩුවට අවශ්‍ය විදියට බුරුවො රැලක් ගානට ජනතාව පාලනය කරන්න ලෙහෙසියි. උගත් මිනිසුන් ඉන්න රටක එහෙම අමාරුයි. දැන්නම් නියමෙට ආණ්ඩුවේ ප්ලෑන් එකට සියල්ල යනවා. බුදුසරණයි ලංකාවට.(නදී)
මෙහෙමත් ළමයි! (නි)
දැන් බලනකොට ලංකාවේ කැම්පස් එකකින් එලියට එන ඉන්ජිනේරුවෙකුට වඩා හොද මොලයක් කම්මල් බාස් කෙනෙකට තියෙනවා (නි)
රටට සත පනහක වැඩක් නැහැ උගත් මෝඩයන්ගෙන්.නිදහස් අද්‍යාපනය නැති කළා නම් ඔය එක ඉල්ලිමක්වත් නැහැ. (නි)
අසේල කියන්නේ සම්පුර්ණ ඇත්ත. මම 100% එකග වෙනවා. (නි)
දැන් දැන් සරසවි සිසුන්ගෙ උද්ඝෝෂණ ජනතාවට විහිළුවක් වෙලා ඉවරයි (නි)
පොදු ජනයා අනුමත නොකරන, පිළිනොගන්න,ඉවසන්න හා දරාගන්න අකැමැති විප්ලවයක් සාර්ථක නැහැ. ඒක තේරුම් ගන්න සාමාන්‍ය දැණුම තියෙන්න ඕනෑ. (නි)
විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි හැමතැනම අරාජික වෙලා. ප්‍රචන්ඩත්වය උත්සන්න වෙලා. සමාජ පීඩනය දරාගන්න බැරි නිසයි මේ හැම දෙයක්ම. කිසි කෙනෙකුගේ ප්‍රශ්ක වලට විසදුමක් නැහැ. විසදුම් දෙන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට දෙන්නත් බැහැ. සමාජය තුලින් පෙන්වන්නේ මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. නැත්නම් රට අරාජික වෙනවා. ඒකට වගකියන්න ඕනේ පීඩනයට පත් සිසුන්, ගොවීන්, භික්ෂූන් වහන්සේලා, කම්කරුවන් නෙමෙයි පාලකයෝ. ප්‍රශ්න වලට විසදුම් නැති වුනාම අනිවාර්‍යෙයන්ම පාරට බැහැලා උද්ඝෝෂනය කරන්න වෙනවා. ඔය ප්‍රතිචාර දාපු සුරන් කියන හාදයා මේ ලෝකේ කෙනෙක් නමි නෙවෙයි වගේ.(නදී)
යන එන මං නැතුව අගුපිල්වල ලගිමූ සොච්චම් මුදල බෝඩිංවල දිය කරමු රජුන් ඇමතියන්හට බැණ අඩ ගසමු උන්ගේ මව් පියන් නිති සිහිපති කරමු.(නදී)
විශ්වවිද්‍යාල සිසුන් අවමානයට ලක් කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. (නදී)
ඉල්ලීම් දිනා ගන්න මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කලානම් සමාජයේ විහිළුවට සහ හෑල්ලුවට පාත්‍ර වෙන්නේ නැහැ මේ අය. ඉගනගත්ත සහ ඉගන ගන්න පිරිස විදියට මොවුන් බුද්ධිමත්ව කටයුතු කලයුතුයි. උද්ගෝෂණ පෙළපාලි දැන් යල්පැනගිය විසඳුම් ක්‍රමවේදැයි.(නදී)
අසේල ඔබ කියන කතාව හරියට හරි. උද්ඝෝෂණ වලට යොමු කරන ශිෂ්‍ය නායකයෝ හරිම කුහක අනෙක් ශිෂ්‍යයන්ට ඉගන ගන්න දෙන්නේ නැති රස්තියාදු කාරයෝ ටිකක් .(නදී)
අපේ රටට අවශ්‍ය කරන පුරවෙසියන් මේ සරසවි වලින් බිහිවන්නේ බොහොම කලාතුරකින් . අනික ඉගෙන ගන්න කාලේ බංකොලොත් දේශපාලන කරුවන් වෙනුවෙන් කඩේ ගොස් තමන්ගේ ඉගෙනීමට තිබෙන වටිනා කාලය අපතේ හැර ගනී . උපාදිය කියා අන්ත්ට්ටුවක් ඔලුවේ ගෙන එලියට ආපසු මේ බංකොලොත් දෙසපලුවෝ ආපසු මොවුන් නොමග යවති . තමන් ආපු ඉලක්කය සපුරා ගන්නේ බොහොම ටික දෙනාය (අ)
සරසවි සිසුන්ගෙ උද්ඝෝෂණ ජනතාවට විහිළුවක් වුනේ අවශ්‍ය අනවශ්‍ය හැමදේටම උද්ඝෝෂණය කිරීම නිසයි. ඇමරිකාව ඉරාකයට පහරදීමට විරුද්ධව එසේ කල උද්ගෝෂණය ඒකට උදාහරණයක්. නමුත් තමුන්ගේ නේවාසිකාගාර පිලිබඳ ගැටළුවක් වගේ දේකට සිසුන් උද්ගෝෂණය කිරීම යම් තරමක සාධාරණ දෙයක්. අනික ආචර්යවරු සිසුන් කරන ඉල්ලීම් ගණන් ගන්නේ නැහැ. දියව් දියව් කියල පාරට බහිනකන්ම ඉන්නවා. එක වතාවක් ළමයි බොහොම ගරුසරුවෙන් ඉල්ලීමක් කලා. ඒත් දියව් කියනවා වගේ ඒවා ගණන් ගැනෙන්නේ නැහැ. ඒ නිසා මම ආචර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ළමයි ඔබේ දෙපා මුලට ඇවිත් කරන සාධරණ ඉල්ලීම් වලට සවන් දෙන්න. එලවගන්න එපා. එතකොට එයාලව දෙෂ්පාලකයන්ට බිලී බාගන්න පුළුවන්. පිටරට විශ්විද්යාලවල ඉන්න ඔබ තුමාලගේ ළමයි වගේම ළමයි තමයි ඔය ඉන්නෙත්. (නදී)
මේ ලමයි කෑගහන්නේ රෑට ක්ලබ් යන්න සල්ලි ඉල්ලලා නෙවෙයි. ඉන්න හොස්ටල් එකක් ඉල්ලලා. ජපුරේ පිරිමි ළමයින්ට තියෙන්නේ හොස්ටල් 2යි. ළමයි ඉන්නවා 6000 විතර. පිරිමි ළමයින්ට හදපු යුරෝ ලංකා නේවාසිකාගාරයත් ගෑනු ලමයින්ට දුන්නා. මෙතන අදහස් කරන සමහරු සරසවියේ තියා ඉස්කෝලෙවත් ගිහින් තියෙනවද කියලා පේනවා දාන ඒවයින්. පිටරට සරසවිවල උද්ඝෝෂන දැකපු කෙනෙක් මෙව්වා ප්‍රචණ්ඩ විදිහට කියන්නේ නෑ.(නදී)
සරසවි සිසුන් දෙස ද්වේශ සහගතව බලන්න එපා. අද ඉන්න උසස් අධ්‍යාපන ඇම්තිතිත් එදා ජ'පුර ශිෂ්‍ය නායකයෙක්. ව්ශ්ව විද්‍යාල තුල අද පවතින්නේ ඉතා දරුණු පාලනයක්. ඉතාම සුළු දෙකට පවා පන්ති තහනම් කරන ආණ්ඩුවට කඩේ යන උප කුලපති වරුන් ඉන්නේ. නිදහස් අධ්‍යාපනය නැති කරන්න තියෙන ප්‍රධානම භාදකය තමයි සරසවි සිසුන්. සරසවි සිසුන් කෙරෙහි ජනතා වයිරය ඇති කිරීම ගොඩක් සාර්ථකයි කියලා මේ කමෙන්ට්ස් බැලුවම පේනවා. නිදහස් අධ්‍යාපනය තමයි මේ රටේ බහුතරයක් ජනතාවගේ දරුවන්ට ගොඩ එන්න තියෙන එකම ක්‍රමය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නොතිබුනා නම් මෙතන කමෙන්ට්ස් දාපු කාටවත් එක කරන්න වෙන්නේ නැහැ. අවේග ශීලීව ඔබ කරන්නේ මේ රටේ අනාගත පරපුරට නිදහස් අධ්‍යාපනය නැති කරන එකට නොදැනුවත්වම දායක වීමයි. අධ්‍යාපනය සදහා වියදම් දිගින් දිගටම අඩු වෙන බවත් නිදහස් අධ්‍යාපනය වැනසීමේ කුමන්ත්‍රණයක් ක්‍රිරියාත්මක වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයත් කියනවා. (අ)
උගත් බූරුවෝ (අ)
කාටද ඉතින් මේ කඩේ යන්නේ. පහුවෙන කොට කරපු ගොන්කම් තේරෙයි.(නදී)
බොහොමයක් විශ්ව විද්‍යාල සිසුන් හා ගුරුවරු නිරන්තරයෙන් උද්ඝෝෂණ කරන ප්‍රදේශ ලෝකේ වෙනම තිබෙනවා. ඒ නිසා දැන් ඉතින් මේ වැඩ වලට වඩාත් සුදුසුම ලතින් ඇමෙරිකාව. (නදී)
මොන්ටිසෝරියේ සිටන්ම ටියුෂන් මාස්ටර්ලා පස්සේ බඩගගා කිසිම ප්‍රායෝගික අධ්‍යාපනයක් නැතුව ළමයි හදපුවහම අන්තිමේ ඕවා තමයි වෙන්නේ (නි)
රට , විශ්ව විද්‍යාල හදන්න පෙර තමන් හැදිලා ඉන්න , අපිත් (ලංකාවේ) විශ්ව විද්‍යාල වලට ගිය කාලේ රැල්ලට ඕවට ගියා. අපිව උද්ඝෝෂණ වලට යොමු කරපු ශිෂ්‍ය නායකයෝ හොරෙන්ම තමන්ගේ අනාගතය හදාගත්තා. අද ඒ අය තරම් කුහක මුදල වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරන මිනිසුන් කොහේවත් නැහැ. ඒ අය හොඳට ගෙවල් හදාගෙන වාහන තියාගෙන ඉන්නවා. සිසු නායකයන්ගේ කතා කරට අරගෙන වැඩ කරපු අපේ අනෙක් සිසුවෝ අද රැකියා නැතිව , කිසිම හැකියාවක් නැතිව පාරේ රස්තියාදු වෙනවා. අපිට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිටතින් කෝස් කරලා දැනුම වැඩි කරගෙන පස්සේ පිටරට විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියකට එන්න පුළුවන් උනා. ඕවා කරට අරගෙන අධ්‍යාපනය කාලකන්නි කර ගත්තේ නැති නිසා. මම ඉන්න පිටරට විශ්ව විද්‍යාලේ සිසුන් කරන්නේ ඉගන ගන්න එක ,ඒ අයගේ ස්කිල්ස් වැඩි දියුණු කරන එක. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් වෙන භාෂාවක් ඉගන ගන්න පරිගණක දැනුම ලබා ගන්න උනන්දුවක් නැහැ. පෝස්ටර් ගහ ගහ , පාරවල් වල උද්ඝෝෂණය කරන්න කැට හොල්ලන්න නම් දන්නවා. මේ අයට වැඩ බැරි නිසා පුද්ගලික අංශයේ කිසිම කෙනෙක් රැකියා දෙන්න කැමති නැහැ. අන්තිමේදී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියට කිසිම තැනක් නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ.(නදී)
යන එන මන් නැති බකොලොත් දේශපාලන කරුවන් සරසවි සිසුන් නොමග යැවීමක් . දුප්පත් දෙමව්පියන් සේසත විකුණා උගන්න සරසවි එව්වට පස්සේ බංකොලොත් විප්ලවවාදීන්ට නයට කඩේ යාමක් මේ තුලින් දකින්නේ.(නදී)