
(රෝෂන් තුෂාර)
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය.
තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ මුදලට රෝගීන්ට ලබාදීම අරමුණු කරගෙන මෙසේ මියගිය රෝගීන්ට පවා ශල්‍ය කර්ම සිදු කර ඇති බවත්, මරණ පරීක්ෂණය අනුව මොලය මියගොස් දින පහකට පසුව රෝගියාගේ හදවත යන්ත්‍රයක් උපයෝගී කර ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය.
ශල්‍ය කර්ම සිදු කර ගැනීමට ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වන රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ සිය පුද්ගලික ආයතනය මගින් මිලදී ගැනීමට සලස්වමින් රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් රෝගීන්ට සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න,වෛද්‍යවරියගේ ආයතනයක සේවය කළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා රෝහලේ කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික , නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාර වෛද්‍යවරිය රාජ්‍යචක්‍ර ලේඛන උල්ලංඝනය කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව රෝහලට ශල්‍ය උපකරණ මිලදී නොගෙන ශල්‍ය උපකරණ විකිණීමට ආයතනයක් පිහිටුවාගෙන එම ආයතනය මගින් රෝගීන් තුන්සීයකට පමණ ශල්‍ය උපකරණ මුදලට ලබා දී ඇති බවට මෙතෙක් කරුණුවලින් හෙළ වී ඇති බව පැවසූ අල්ලස් කොමිසම රෝගීන් අතරින් 77 දෙනෙකුට මෙම අලාභය සිදු කර ඇති බවත් තවත් රෝගීන් 92ක් දුරකථන මගින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාරිත්වය මෙම විශේෂඥ වෛද්‍යවරියගේ කටයුතු පිලිබදව නොදැන සිටියේද ? වෛද්‍යවරුන් විසින් කරනාවූ ශල්‍යක-රමයක් අවසන් වීමෙන් පසු ඒ පිළිබද යම් අධීක්ෂණයක් රෝහල් අදිකරින් විසින් සිදුකරන්නේද
සමස්ත වෛද්‍ය කණ්ඩායමම ඉතා කලකිරීමට පත් කරන සහ නින්දිත ක්‍රියාවක්
නම සූරසිංහලු නේද? හැබෑවටම සූරසිංහ කෙනෙක්ම තමා. මේ අම්මන්ඩි වෛද්‍යවරියක් කිරීමට ගිය අනේ අපේ සල්ලි. කරන කලට පවු මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ.
හොඳම විහිළුව ජනාධිපති උපදේශක නීතිඥ සාලිය පෙරේරා ඇය වෙනුවෙන් පෙනී සිටීමයි.
තිරිසන් ආත්ම දොස්තරලා උනාම මෙහෙම දේවල් කරන්න පුළුවන් මුදල් කෑදර කමට . ඒ උනත්, එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නවා, පාරේ තිබිලා අහුලපු මුදල් පසුම්බිය හිමිකරුට දෙන්න භාර දෙන
සමස්ත වෘත්තියටම අගෞරවයක් මේ වගේ ගෑණු නිසා දෙවිවරුන් වගේ ඉන්න වෛද්‍යවරුන් පිලිබඳවත් වැරදි වැටහීමක් එනවා. උපරිම දඩුවම් දෙන්න
උල් තියලා දඬුවම් දෙන්න
මේ මනුස්සයත් ගල් ගහලා මරන්න ඕනි
මෙවැනි අපරාධ(ඵ් ඵ් අය තමන්ට කරන්න පුලුවන් ආකාරයට) කරන රටේම මිනිස්සු අනිත් අයට ඇඟිල්ල දික් කරනවා.ගොවි කම්කරු ගුරු දෙගුරු රාජ්‍ය සේවකයන් පෞද්ගලික සේවකයන් ස්වයං රැකියාවන් කරන අය වගේම සියලුම ආගම්වල පූජකවරුන් බහුතරයක් හා අනෙකුත් රැකියා කරන හෝ නොකරන බහුතරක් කුමන හෝ හොරකමක් වංචාවක දුෂණයක යෙදෙනවා යෙදෙනවාමයි.වහ වහා ධර්මය අවබෝධ කරගන්ට.තෙරුවන් සරණයි
මෙයා අධිකරණ වලට දීපු වෛද්‍ය වාර්තා ද හොයන්න.
ඇස්......
මේ අයගේ උගත්කම කුමටද , සල්ලි වලට මලමිනී ඔපරෙෂන් කරලා, මෙයා මීරිගම පැත්තේ ප්‍රසිද්ද දේශපාලකයෙකුගේ දුවෙක්ලු
කිසිම කෙනෙකු සාධාරණ නඩු විභාගයකට පෙර වැරදිකරුවන් නොකරන්න . සමහරවිට මේ කියන දේවල් බොරුවක් විය හැක. ඒකටයි උසාවිය තියෙන්නේ.
මියගිය අයට සැත්කම් කරලා සමහර විට නැවත පණ දෙන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න ඇති, එහෙව් දොස්තරව රිමාන්ඩ් කෙරුව එක කැතයි හොඳේ !
මේ අර ජනාධිපතිතුමා කිව ජාතියේ අල්ලස් දුෂණ පොකුරක ලොකු පුරුකක්, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තු, පාස්පෝර්ට්, හැඳුනුම්පත්, රේගු, ආදායම් බදු, පොලිස් මේ හැම දෙපාර්තමේන්තුවක, අල්ලස්, දූෂණ පොකුරු, ආණ්ඩු මාරු කලා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ නිලධාරින් ටික නිසි ආකාරයට පාලනය කරගන්න පුළුවන් ආණ්ඩු යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් පැන නැගී ඇත. නිලධාරීන්ට ඕනේ ඕනේ විදිහට නීතියට පිටින් වැඩ කරනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය නැත.
රට බංකොළොත් වුණ එක අහන්නත් දෙයක්ද? රාජ්‍ය නායකයාගේ ඉඳලා පහළටම තිබිලා තියෙන්නේ බොරුව, හොරකම සහ වංචාව.
අපි කතාවට කියනවා “මේ කරන අපරාධ වලට හෙන ගහන්න ඕනෑ” කියලා. මෙන්න ඒකට හොඳම උදාහරණය. ඒ වගේම මේ ගෑනු දොස්තර පන පිටින් අපායට යන්න ඕනෑ.
සහගහන අපරාධ. වෛද්‍ය සේවයටත් නින්දාවක්. නොමැරී ජීවත්වෙන කෙනෙක් කියලා හිතාගෙන ඇති.. පව්කාර වැඩ වලින් සල්ලි හම්බ කරලා වැඩක්ම නැහැ.
මෙයා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය ගත්තු කෙනෙක් වෙන්න ඇති. අපේ රජයේ එකෙන් මෙහෙම අය පිටවෙන්නේ නැහැ.
මේ වංචාක්‍රියා වෙනුවෙන් පෙනී සිටින්නේ නීති සංගමයේ සභාපති සාලිය පීරීස්. එතකොට හිතාගන්න පුළුවන්ද මෙවැනි වැඩවලින් කොච්චර ප්‍රමාණයක් හම්බ කරලා තියෙනවද කියලා? සල්ලි දෙනව නම් ඕනේ ජරාවක්.
මෙය තිරිසනුන්ටත් නිගා දෙන ම්ලේච්ඡ අපරාධයක් මේ සියලු වින්දිතයින්ට වන්දි ගෙවිය යුතුයි ..! උපරිම දඩුවම් දීම නීතියේ හා අධිකරණයේ කාර්යයයි.. ඒත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස එනවාමයි..!
මහන්සිවෙලා කැපවෙලා ඉගෙනගෙන අන්තිමට තමන්ගේම ජීවිතයත් මුදල් තණ්හාවට විනාශ කර ගන්නවා. කෙනෙක්ට මේතරම් මෝඩ වෙන්න පුළුවන්ද? දුක් විඳලා හදලා වඩලා උගන්නලා මෙයාව මේ තැනට ගේන්න කැප වුණු දෙමව්පියෝ හරිම පව්...
අපේ රටේ බොරු හැම එකකටම ඔහේ ලියන්නේ නැතුව පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න. මොලයේ ශල්‍ය කර්මයක් තනිවම ඒ දොස්තරට කරන්න බැහැ දොස්තරලා කී දෙනෙක් මේ සඳහා උදව් කරනවාද? ලෙඩා සිහි නැති කරන වැඩේ පවා වෙනම අය කරන්නේ.... වෙනම කෙනෙක්... වාට්ටුව බාර දොස්තර දන්නවා ලෙඩා මැරිලාද නැද්ද කියලා. එහෙම කෙනෙකුට ශල්‍ය කර්මයක් කරන්න හැකියාවක් නැහැ.