ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් ජ‘පුර ජනමාධ්‍ය මණ්ඩලය ඉකුත්දා පිහිටුවා ගනු ලැබීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ මහා සභා රැස්වීමේදී සම්මත කරන ලද යෝජනාවකට අනුව ජ‘පුර මාධ්‍ය මණ්ඩලය පිහිටුවා ඇත.
ජ‘පුර ජනමාධ්‍ය මණ්ඩලයේ අනුශාසකවරුන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු පත්කර ගනු ලැබූහ.
නිලධාරී මණ්ඩලය මෙසේය.
සභාපති - නිලාර් එන්.කාසිම් (ජාතික රූපවාහිනිය)
ප්‍රධාන ලේකම් - අජන්ත කුමාර අගලකඩ (ලංකාදීප)
සම ලේකම් - ශ්‍යාම් නුවන් ගනේවත්ත (දිවයින)
උප සභාපති - රමේෂ් වරල්ලේගම (රිවිර)
සංවිධායක - බණ්ඩාර විජේරත්න (දෙරණ)
මෙයට අමතරව සියලුම මාධ්‍ය ආයතන නියෝජනය වන අයුරින් 20 දෙනකුගෙන් යුත් විධායක සභාවක් ද පත්කර ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපි හැකිලෙස උදව් කරන්නම්. ඔබට මගේ උපහාරය! (නි)