IMG-LOGO

ජපන් යන අයට භාෂා පුහුණුව දෙන්න වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩි දියුණු කර රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා පැවසීය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ මහත්වරුන් කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී  සේනානායක මහතා මේ බව කීය.

ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකඟතාව පළ කළේය.

මෙම අවස්ථාවේදී තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානය බලා පිටත්ව ගිය පුහුණුලාභීන් 12 දෙනකු සඳහා සහ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ අගෝස්තු 3 වැනිදා  විදේශ ගතවීමට නියමිත රැකියා ලාභීන් 8 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය. 



අදහස් (2)

ජපන් යන අයට භාෂා පුහුණුව දෙන්න වැඩක් අරඹයි

විපරමා Tuesday, 29 July 2025 02:25 PM

ළාමක ටින් ටින්ට කිව්වානම් වැඩේ ගොඩ.ඉස්කෝල ගානේ ගිහින් ජපන් බාසාවෙන් කතා කරපු හැටි මතක ඇතිනේ?

:       1       0

පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 02:38 PM

අපි වගේ ජරා ජාතියකට දියයුත්තේ හැදියාව පිළිබදව පුහුණුවක්….

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site