(ප්‍රියන්ත දසනායක)
ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශීලසමාදාන වැඩසටහනක් ඇතුළු පිංකම් මාලාවක් සංවිධානය කර ඇත.
පිළියන්දල ශ්‍රී විද්‍යා ශාන්ති පිරිවෙන් මහා විහාරය හා ජපානයේ ශ්‍රී බුද්ධ ශාන්ති භාවනා මධ්‍යස්ථාන විහාරයන්හි උභය විහාරාධිපති පූජ්‍ය වැල්ලවත්තේ පඥඥාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාධිකාරී මාවතුරේ චන්දිම හිමියන් හා ජපානයේ රැකියාවල නියුතු තරුණ පිරිසක් එක්ව සංවිධානය කළ බව ජපන් ලංකා නුවන් ට්‍රේඩින් සමාගමේ හිමිකරු ව්‍යාපාරික නුවන් ගමගේ මහතා "ලංකාදීප" යට කීය.
වෙසක් ශීල සමාදානයට සමගාමීව වෙසක් කූඩු ප්‍රදර්ශනය, මහා බත් දන්සැල, සල් උයන, පහන් අලෝක පූජාව, බෝධි පූජාව ආදී පිංකම් මාලාවක් ද සංවිධානය කර ඇත.
ශීලසමාදානයට ජපන් ජාතික බෞද්ධ උපාසක උපාසිකාවන් සමග ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පිරිසක් එකව සිටීම විශේෂත්වයක් බවත් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන් දැක බලා සිත් පහදවා ගන්නටත් දන්සැල් වැදපුදාගන්නටත් ජපන් ජාතිකයෝ විශාල පිරිසක් එක් වී සිටි බව විහාරාධිපතිහිමියෝ පැවැසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපානයෙත් වෙසක් මහ ඉහළින් සමරති
sisil Monday, 16 May 2022 11:14 AM
බොහොම සතුටුයි ලස්සනයි