( තිළිණි ද සිල්වා )
මෙවර ජපානයේ ටෝකියෝහිදී පැවැති 2020 ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවීමෙන් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූණවර්ධන මහතා හමුවී සඳහන් කළේය.
ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍යවරයා හමුවූ අතර එහිදී තානාපතිවරයා මේ බව කියා සිටියේය.
මෙහි දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ජපන් තානාපතිවරයාට පවසා සිටියේ කොව්ඩි 19 වසංගතයෙන් ශ්‍රි ලාංකික ජනතාව මුදවා ගැනීම සදහා ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයා ගෙන් ඉල්ලීම අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.45 ක් පරිත්‍යාග කිරිම පිළිබදව ශ්‍රි ලංකා රජයේ මෙන්ම ජනතාව ගේ කෘතඥතාව ජපාන රජයට මෙන්ම එරට ජනතාවටද හිමි වන බවය.
ශ්‍රි ලංකාවට පරිත්‍යාග කළ එන්නත් ඉතා කඩිනමින් ජනතාවට ලබා දීමට ශ්‍රි ලංකා රජය ක්‍රියාත්මක කළ ක්ෂණික වැඩ පිළිවල සම්බන්ධයෙන් ජපාන රජය බලවත් සේ සතුටු වන බව මෙහිදී ජපාන තානාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථිපත්තියක් හැටියට තමාගේ පැවත්ම උදෙසාම දේශපාලනය කළ කෙනෙක් ඇත්නම් ඒ ඔබයි. නිර්ලජ්ජිතව හිටපු බොහෝ ඔසරිවල එල්ලුණු ඔබ අද දිවි බේරාගන්නේ සාටකයක එල්ලීමෙනි.. සාරි පොටවල්වල එල්ලුණු ඔබට සාටකවල එල්ලීම කජ්ජකි. එයාර්පෝර්ට් එකේ මැෂින් හයිකර ඇති නිසා කෝවිඩ් විෂබීජය ලංකාවට එන්නේ නැහැ කිව්වේ ඔබයි. ඔබගේ සාමන්‍ය දැනීම ගැන මැනීමට එයම ප්‍රමාණවත්...
ඔබලාගේ ස්තුතිය පිලිබදව අප සතුටු වන්නෙමු. පොඩි අතමාරුවක් කරගන්න බැරිවෙයිද ඔයගොල්ලන්ගේ රටේ නායකයා ගෙන් අහල බලන්නකෝ. මේ අපේ දියවන්නාව පට්ටියේ ඉන්නවා හාරත බුරුවො ටිකක් රථගාය උපරිමයටම හැදිලා ඒවුනාට රථයක් තියා පුෂ් බයිසිකලයක්වත් ගන්න ඒ හිගන්නන්ට අතේ සතේ නැහැ. ඇත්තම කියනවා නම් අපිටත් එහෙම තමා ඒවුනාට අපි මීට පෙර ඉදලම ලැගල ඉන්න නිසා පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව "මහජනතාවගේම" සල්ලිවලින් අලුත්ම අලුත් පතෝල මැසි ටිකක් ගත්ත. ඒ නිසා දැනට අපිට ඕන නැහැ මේ අපේ අනිත් හිඟන හැත්ත ගැන පොඩ්ඩක් බලනවද තානාපති මහත්තයෝ...????
ක්‍රීඩකයෝ 9යි නිලධාරීන් 60 යි ඇමතිවරු 4යි විනෝද සවාරියක් ආවටද ස්තූති කරේ?
එසේ මෙසේ රටක්යැ .ජපානයට ආඩම්බර ඇති .ඒකයි
ඇත්ත ඕනවටත් වඩා යවලා උපරිමයෙන් සහයෝගය දුන්නා
චීනා තරහා වෙයිද දන්නේ නැහැ !
ඒකනේ කියන්නේ .මොකද අපි නාවනම් ඒගොල්ලන් කොහොමද ඔලිම්පික් දුවන්නේ .අපි වගේ බලගතු රටවල් නැතිනම් ජපානේ අද මුහුද යට
ලංකාව කියන්නේ පවුල් සමාගමක් රජකරන රටක්නේ? එහෙව් රටක් ලෝකෙම නැතුවා. ජපානෙටත් මොනතරම් ආඩම්බරයක් ඇත්ද. ස්තූති නොකර ඉන්දිවිද?