(අංජුල මහික වීරරත්න)
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
ජනාධිපතිවරයා මෙහිදී කීවෙි නව කර්මාන්ත සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජපාන ව්‍යාපාරිකයෝ ජනපති හමුවෙති
යෝගා Wednesday, 11 January 2023 07:35 PM
කුරුවල් වෙච්චි රජයේ සේවකයින් සෙට් එකම වගා කරන්නයි, මාලු අල්ලන්නයි දාලා මුළුරටම අවුරුදු 100කට ජපානෙට බදු දෙන්න බැරිද..?
Bamunuarachchi Friday, 13 January 2023 10:31 AM
වැඩේ කෙරෙන්න ඕනේනම් ඔයගමන් නිමල් සිරිපාලද සිල්වා හමුවෙන්න.