ජපානයේ  රජ කුමරියක වන ත්සුගුකෝ තකමඩෝ(27)     කුමරිය සිව් දින නිළ චාරිකාවක් සඳහා  දිවයිනට පැමිණියාය. 

 දිවයිනට පැමිණි ත්සුගුකෝ  කුමරියව  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් විසින්  ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබූහ.

දින හතරක් මෙරට රැදී සිටින කුමරිය  ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමට  නියමිත අතර  මහනුවර  පෙරහැර නැරඹීමටද,  අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල සංචාරය කිරීමටද නියමිතය.