ජපානයේ රැකියා දෙන බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරුණයන් රවටා රුපියල් 75000 බැගින් ගත් බව කියන පියකු පුතකු සහ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලිසිය කියයි. දැනට වාද්දූව පොලිසිය මේ සම්බන්ධයෙන් පැමිණිලි 53ක් ලැබී ඇති බවත් විවිධ ප්‍රදේශවල 300කගෙන් පමණ මෙසේ මුදල් ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි. මුදල් ලබාදුන් කියන පිරිසක් අද පෙරවරුවේ සැකකරුවන්ගේ නිවස වටලා ඔවුන් තිදෙනා අල්ලාගෙන විත් පොලිසිය බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුත් ඕක කරලා මාට්ටු වෙලා තිබුනේ.(නදී)
විදේශ රැකියා සම්බන්දයෙන් තාමත් අපේ හුගක් අය දැනුවත් නෑ. ඒක නිසා හුගක් අය මෙවැනි හොර මිනිසුන්ට රැවටෙනවා. වැඩිපුරම ගම්වල අය. නිතිය කෙසේ ක්‍රියාත්මක උනත් මේ වගේ හොර ජාවාරම් දැන් එන්න එන්නම වැඩියි. හුගක් පරිස්සම් වෙන්න.. (නදී)
ජපානයේ රස්සාවල් වලට යන්න එහෙම තොග ගණන් විසා දෙන්නේ නැහැ ..විශේෂිත රැකියා වර්ග කීපයකට පමණක් බොහොම සුළුවෙන් දෙනවා .. එත් තානාපති කාර්යාලෙන් හොඳට හොයල බලල තමයි දෙන්නේ ..විශේෂයෙන්ම ජපානයේ රැකියා වලට යනවා නම් ජපන් කතා කිරීමේ හැකියාව වර්තමානයේ තිබිය යුතුමයි ..පළමුවෙන් ඔය රස්සාවල් දෙනවා කියන අයගේ ජපන් සම්බන්දතා හොයල බලන්න වෙනවා . සල්ලි ගෙවන්න කලින් තානාපති කාර්යාලෙනුත් අහල බලන එක ඉතා හොඳයි .. එහෙම නැතුව හොරෙන් කරන දේවල් නම් ඉතින් තමන් වගකීම අරගෙන කරගත්තට කමක් නැ..(අ)
ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් මිනිස්සු යැවූ ජාවාරම්කාරයින්ගේ වැඩේට දෙවැනි වෙන්නේ නැහැ මේ වැඩෙත්. බෝට්ටු වලින් ගිය අයට, තමන් දීපු සල්ලිත් නැහැ, ඕස්ට්‍රේලියාවේ නවතින්නත් නැහැ. අත් දෙක වන වනා ආපහු ගුවන් යානයකින් ලංකාවට ඒම පමණයි සිද්ධ වුණේ. (නි)
මාධ්‍ය දැනුම්වත් කලත් අපේ අය මෝඩයි. අපරාදේ දුක්මහන්සිවෙලා හම්බකරන සල්ලි.(නදී)
අද මෙවැනි හොර ව්‍යාපාර ලෝකය පුරාම තියෙනව ඒ නිසා පරෙසමන් ! (අ)