ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කලාපයේ ගණිත උපදේශකවරියකි.
මාසයක නිවාඩුවක් සඳහා මසාහිකෝ මහතා අම්පාර නගරයට පැමිණ සිටි. සිය බිරිඳ සේවයට ගිය පසු මසාහිකෝ මහතා පාපැදියෙන් අම්පාර නගරයේ සැරිසරයි.
නගරයේ වඩාත් පි‍්‍රයතම ස්ථානය අම්පාර වැව අසල උද්‍යානය බව ඔහු කියයි. එහි යන එන්නන් උයන අපිරිසිදු කර තිබෙන ආකාරය පටු මසාහිකෝ දිපතාම උදැසන එහිදී බීර ටින් හිස් බෝතල් ප්ලාස්ටික් බෝතල් ඉවත් කරයි.
අම්පාර නගරය හරිම ලස්සනයි. මේ වැව ළඟ හරිම සුන්දරයි මම මෙම ස්ථානයට හරිම කැමැතියි. නමුත් සමහර අය හැමදාම මේ ස්ථානය අපිරිසිදු කරනවා. එහෙම කළාම පරිසරයට හානි වෙනවා ඒ නිසා මම මේ ස්ථානයට එන අයගෙන් ඉල්ලා සිටිනවා. තමන් ඉවතලන දේවල් මේ ස්ථානයේ තිබෙන කුණු දාන්න තිබෙන භාජනවලට දාන්න කියලා.


![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/711.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/518.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/417.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අගේ නැති පිට රටට අගේ ඇති ශ්‍රී ලංකාව ඇයි අපිටත් මෙහෙම හිතලා වැඩකරන්න බැරි ඒ රටවල් දියුණුවෙන්නෙත් අපි එක තැන සිටින්නත් හේතුව එකද ???(ම)
උදාර මිනිසෙක් .(ම)
ජපානේ කියන්නේ ලෝකේ තිබෙන පිරිසිදුම රටක් ! (බ)
හැමතැනකම මේවගේ කාපු බීපුව දාලා යනවා ,මේකට මේවා හදන ආයතනත් යම්කිසි දුරකට වග කියන්න ඕනේ (බ)
මේ ලංකාවේ පින්තුරද මේ හොද පාරවල් ? (බ)
අනේ මසාහිකෝ මහත්තයෝ අපේ සම- හරක් උන් හදන්ඩ බැහැ . ජානවලම ප්‍රස්නයක් . ඔබතුමාට බොහොමත් ස්තුතියි අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නුවාට (බ)
දීයුණු ආකල්ප ඇති මිනිසුන් කුඩා මං මාවත් හයිවේ බවට පත් කරන අතර හයිවේ එයාපොර්ට් වලින් පමණ දීයුණු ආකල්ප ඇති මිනිසුන් ඇතිවීමට හේතු නොවන බවට කදිම උදාහරණයක්. (බ)
ඔබ හොඳ පරිසරවේදියෙක්.......පරිසරය විසින් ඔබව සැමදා රකිවී....(බ)
අපේ අයට කොහොමත් සරල සිංහල තේරෙන්නේ නැහැ. (නි)
හිතවත් ජපන් මිතුරාණනි ඔබගේ නිහතමානී සේවය ඉතා අගය කරමි. මමත් නිහතමානී අයෙකි. (බ)
හොද වැඩක්.අපේ අයට හොද ආදර්ශයක්.(හේ)
දවසක් සීගිරියේදී දැක්ක විදේශිකයෙක් (ජපන් වගේ) අපේ හරක් විසිකරපු කුණු ඇහිලා කුණු බක්කිවලට දානවා (බ)
අපේ හරක් හදන්න තද නීති ඕනේ. ගෝඨාබය මහත්තය කළා වගේ (බ)
ඒ වගේ උතුම් හිතක් අවශ්‍ය නම් ඉස්සරලම, අනෙක් ආගම කෙරෙහි ද්වේශ සිතුවිලි ඉවත් කරගන්න (බ)
හදලා දුන්න දේ රැකගන්න බැරි මිනිස්සු මේකෙ ඉන්නේ. මේකටත් සමහරු බනින්නේ පාර හදපු අයට. (නි)
මෙතන තියෙන්නේ අපේ අයට මූලික අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් . මොන්ටිසෝරියේ ඉඳලා මේවා ගැන දැනුවත් කළා නම් හරි.(හේ)
අනේ අපේ පැත්තෙත් එන්නකෝ ඔබතුමා (හේ)
අම්පාර ලස්සන පළාතක් තමයි.ටිකක් රස්නේ වැඩියි.(හේ)
පරිසරයට ප්‍රේම කරන්නා ලෝකේ කොහේ සිටියත් තමන් සිටින පරිසරය සුරැකි.ඔබ පරිසරයට ආදරය කරන්නනෙකු වන්න .ඔහුට මගේ ප්‍රණාමය ! (බ)
සිංහල අපි අපේ ජාන වලට හදවතට හිතට ඇතුළු කරගන්න ඕනෑ මෙවැනි සිතුවිලි හැඟීම්. එහෙම වුණා නම් අපේ රට ගොඩක් සුන්දර ලස්සන රටක් වේවි. (නි)
අපේ සමහර මිනිසුන්ගේ තියෙන වඳුරු ගති නිසා මෙවැනි දේවල් සිදුවෙනවා. ලොකුම විහිළුව තමයි මෙමෙ ස්ථානය පිරිසිදුව තබා ගනිමු කියන බෝඩ් එක ඉස්සරහම කුණු පුරවන එක. (ම)
මේවා උගන්වන්න පටන්ගන්න ඕනෑ පාසලෙන් සහ ගෙදරින්.මේවට ඇත්තටම වැරදිකාරයෝ දෙමව්පියෝ.තමන්ගේ දරුවන්ට සිරිත් විරිත් උගන්වන්නේ නැහැ පොඩි කාලේ ඉඳලම (නි)
අපේ රටේ ඉන්න හරක් රැල කවදා මේවා ඉගෙන ගනීද මන්දා? එත් කතා කලොත් ලෝකේ ඉන්න හොදම ජනතාව ඉන්නේ මෙහෙ???? (ම)