ජපාන අගමැති ෂින්සෝ අැබේ අද කටුනායක ගුවන් තොටුපොළින් මව්බිමට සැපැත් විය.
ජනපති මහින්ද රාජපක්ෂ ඔහු පිළිගත්තේය.
කටුනායක ගුවන්තොටුපෙළ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරමින් සමරුඵලකය නිරාවරණය කිරීමට ජපාන අගමැති බොත්තමක් තද කළ විගස දැවැන්ත නෙළුම්මලක් පිපුණේය.
කටුනායක ගුවන්තොට ද ඔහු කැඳවාගෙන ආ ගමන් මග ද දෙරටේ ජාතික කොඩිවලින් සරසා තිබිණි.
තොරණ කිහිපයක් ද ඉදි කර තිබිණි.
කටුනායක ප්‍රභූ පර්යන්තයේ රතු පලස එළ පිළිගැනුණු ජපාන අගමැතිට මල් මාලාවක් ද පැළැඳැවිණි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ඉහල පිළිගැනීමක්. ලංකාවට අවංකවම ආඩාර කරන රටක්. ජපන් මිත්‍රත්වය සදාකාලිකයි. (අ)
හොඳ දෙයකි. (නදී)
මේ වගේ පිළිගැනීම් ඉතාම වැදගත් අපේ මවුබිමට. (නදී)
නය ගන්න කරන ගොන් ජෝක් (නදී)
ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජයට ශක්තිය ලබේවා ! ජපානය තමයි අපිට ආධාර සහ උදව් කරන ප්‍රදාන රට. සුනාමි වියසනයේදී පවා මුලින්ම මුදලින් උපකාර කරේ ජපානයි. දෙවන ලෝක යුද්දයේදී ඇමරිකාව සමග නැවත යුද්දයට පැටලීමට යාමේදී ජපානය සාම මාවතට කැදවාගෙන අාවේ ශ්‍රී ලංකවේ හිටපු ජනාදිපති ජේ ආර් ජයවර්දන මහතා විසිනි. එදා සැලකීම අද වෙන තුරු එලෙස පවත්වාගෙන යයි. ජපානය ලෝකයේ දෙවනි ආර්ථික බලවතා උනේ එදා ජයවර්දන ශ්‍රී මතාගේ නුවනින් රට බෞද්ධ චින්තනයට යොමු කිරීම නිසාවෙනි. ඒ බැදිම තව තවත් සක්තිමත් කිරීමට ගරු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාට සක්තිය ලැබේවා! (නදී)
ජපානය අපිට හොද ආදර්ශයක් ,දැන් වත් අපේ අඩු පාඩුකම් තේරුම් අරගෙන වැඩ පටන් ගන්න, තවම ප්‍රමාද නැහැ.එතුමාගේ සංචාරය ඉතාම අගය කරනවා. අපේ හිතවත් කම් තව තවත් වැඩි දියුණු කර ගතු යුතු මොහොතක් (අ)
ජපානය ජේ.ආර්.ජයවර්දන මහතාගේ කාලයේ පටන් අද දක්වා අපරටට කර ඇති සේවය ඇති මහත්ය.ජපන් තාක්ෂණය ,න්‍යෂ්ටික බලය ,ආයෝජන,වගේම ලාංකිකික ශ්‍රමිකයින් නීත්‍යානු කුලව ජපානයට ලබාදීමට අවස්තාව ප්‍රයෝජනයට ගන්නේ නම් ලොකු ජයග්‍රහණයක් ! (අ)
මෑත ඉතිහාසයේ රාජ්‍ය නායතයෙක් ලංකාවේ ගත කළ කෙටිම කාලය මෙයයි. මෙයා ආවේ ජේ.ආර් ජයවර්ධන මහතාට ගරු කිරීමක් වශයෙන් (නදී)
මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පිළිගැනීමක්. අබේ ජපානයේ අගමැති මිස අදිරාජ්‍යා නොවේ. මින් සිදුවන්නේ රට බාල්දු වීම පමණි. (නදී)
ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)
මත්තලින් ආවේ නැත්තේ මොකද දන්නෙ නැහැ (නි)
ඉතාම හොද ප්‍රවනතාවයක්. තව තවත් ආයෝජන අවස්ථා ඇති කරන්න, (අ)
ලංකාවට ජපානයෙන් උපකාර තිබෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ (නි)
මොකද හදිස්සියේම එක එක රටවල නායකයන් එන්නේ (අ)
කටුනායක ගුවන්තොටුපොළ වහනවා කියපු අය කෝ දැන් (නදී)
ජපානය අපේ අතීතයේ සිටම මිතුරෙක් වාගේම අද දක්වාම අපට අවංකව ආධාර කරන රටක් , ඉහලම උත්තමාචාරය ඔවුන්ට ලැබිය යුතුය (නදී)
ජපන් අගමැතිට මේ පිළිගැනීම දෙන්නම ඕනෑ. (නි)
රාජ තාන්ත්‍රික පිළිගැනීම් අතින් අපේ රට ඉහලයි. (නදී)