ජපන් අගමැති ෂින්සෝ ඇබේ අද උදෑසන 8.30 ට පමණ කැලණි රජමහා විහාරයට පැමිණ රත් පියුමින් බුදුන් පිදීය. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද, කැලණිය විහාරවාසී දෙනියායේ පඤ්‍ඤාලෝක හිමියන් හා බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා ඇතුළු පිරිසක් ද හමුවිය. හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් ජපාන අගමැති නැරැඹීය. මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ සධාතුක කරඬුව ජපන් අගමැතිගේ හිසේ තබා සෙත් පැතූහ.
2025 දෙසැම්බර් මස 18
263
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් අගමැති කැලණි බිතු සිතුවම් බලයි
ගාමිණී සිරිවර්දන Monday, 08 September 2014 04:54 AM
" උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ "ජපන් අගමැති තුමාටත් ,මැතිණියටත් බුදු සරණයි ! (නදී)
සුගුනවති Monday, 08 September 2014 04:35 PM
මට පුදුමේ අර මර්වින් සිල්වා උන්නැහෙත් ඔතෙන්ට බඩගෙව නැති එක ෆොටෝ එකකට පෙනී හිටින්න (අ)
සුදත් Monday, 08 September 2014 07:00 AM
අයියෝ ඒ පාර ජපන්නු. චීන රූමතියන් ගියා විතරයි දැන් ජප්පු (නදී)
සිල්වා Monday, 08 September 2014 09:50 PM
මොකෝ සුදත්, දුකද ඔයාට? (නි)
සනුකි Wednesday, 10 September 2014 02:50 AM
සිසිර කියන දේ හරි . අපේ ආශ්චර්ය කොපි කරන්න දෙන්න හොද නැහැ. ඕකට කොපි රයිට්ස් ගන්න ඕනේ. (ස)
වසන්ත මුනිච් Monday, 08 September 2014 08:05 AM
ජපන් අගමැති හොඳ බෞද්ධයෙක්. ජපානය තවත් දියුනු වේවා! ලංකාවට හොඳ මිතුරෙක් වේවා! (නදී)
ඉසුරන්දි Monday, 08 September 2014 08:12 AM
රටේ සුබ සිද්දියට විදේශ රටවල බලදරයන්ගේ පැමිණීම ඉතා වැදගත්. (නදී)
සිල්වා Monday, 08 September 2014 09:13 AM
ඉතාම ලස්සන ඡායාරූප ටිකක්. අපේ ඉතිහාසයට එක්වෙන මොහොතක්. ජපන් අගමැතිතුමාටත් ,මැතිණියටත් බුදු සරණයි! (නි)
සිසිර සමරකෝන් විද්‍යා පදනම Monday, 08 September 2014 11:28 AM
මම හිතන්නේ ලංකාව වගේ දියුණු රටක් දිහා බලල ආදර්ශ ගන්න වෙන්න ඇති එතුමා එන්න ඇත්තේ ජපානයත් ආශ්චර්යයක් කරයිද දන්නේ නැහැ අපිව කොපි කරලා (නදී)