‘ජනසතු සේවා’ විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ අද (8) පැවැති කාන්තා කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී ප‍්‍රවීණ ක‍්‍රීඩිකාවන් වන තිළිණි ජයසිංහ සහ චන්ද්‍රිකා ද සිල්වා පරාජය ලැබුහ. ඔවුන් මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටි ප‍්‍රවීණම ක‍්‍රීඩිකාවෝ දෙදෙනා වුහ. චන්ද්‍රිකා ද සිල්වා තරග වට 2/1 කින් පරාජය කිරීමට ලාබාල ක‍්‍රීඩිකා ඕෂදී කුරුප්පු සමත්වුවාය. කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි ඕෂදී හමුවේ චන්ද්‍රිකා පරාජය වුයේ 21/16, 13/21, 21/7 ක් ලෙසිනි. යළිත් වරක් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ආසන්නතම දස්කම් දැක්වු ක‍්‍රීඩිකාවක වු තිළිණි ජයසිංහ අද නදීශා ගයන්ති හමුවේ පරාජය වුවාය. නදීශා 21/12, 13/21, 21/14 ක් ලෙස තියුණු තරගයකින් පසුව ජය ගත්තාය. නදීශා තරගාවලියේ කී‍්‍රඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවුවාය. ජනසතු සේවා බැඞ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය හෙට (10) අවසන්වීමට නියමිතය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd