2010 - 2014 කාලයේ වත්කම් ප්‍රකාශ නොකළැයි හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (15) නඩු 5 ක් ගොනු කළේය. ඔහුට එක් නඩුවකට රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නියම විය.
1975 අංක 1 දරණ වගන්තිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම පිළිබඳව ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා තිබූ අතර නඩු විභාගය 2016 අප්‍රේල් 27 වැනිදාට කල් තැබූ බව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2012 සිට 2014 දක්වාම නොගෙවා ඇත්නම් එය හිතාමතාම පැහැර හැරිමකි. රටේ පවතින නීතියට අනුව කටයුතු නොකරන අයෙක් මෙසේ නිතිය පනවන ආයතනයක් නියෝජනය කිරීමද ගැටලුවකි. (බ)
මේ පොඩි මැස්සෝ අල්ලාගෙන වත්කම් හොයනවා, ඒ වුනාට රටේ වත්කම් පුද්ගලික කරණය කරපු රාජාලියෝ යහතින් වැජඹෙනවා. (බ)
ඇප දෙන්න මෙයාව අත්අඩංගුවට ගත්තද..? ගත්ත ගමන් අැප දිලාත් ඉවරයි (ම)
නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක කළයුතුය (නි)
අපි වෙනුවෙන් අපි. (ම)
දිල්කි සමඟ මමත් එකඟයි (නි)