
(ගයාන් සූරිය ආරච්චි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඒ් අනුව ඔහු සතුව AF 408 – 9mm cz 75, AHIBT 219 – 9mm Glock, ESM 893 – 9mm Glock, 24SLG2-0002 – 12Bore Repeter, 24SLG2-0151 – 12 Bore Repeter, 24SLG2-0010 – 12 Bore Repeter, 7000482/240888 – 12 Bore Repeter, 15333989 – 12 Bore Repeter යන ගිනි අවි 8 ක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණි.
මීට අමතරව, ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගිය නිශ්ශංක සේනාධිපතිද ද පසුගිය රජයන්ගෙන් ගිනි අවි 9ක් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
පිස්තෝල 7ක් (මි.මි 9) සහ බෝර රිපීටර් 2ක් එම ගිනි අවි අතර වෙයි.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය පෙරේදා (04) තීරණය කර තිබුණා.
ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම්ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් 07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම් දී තිබුණි.
පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂද වෙයි. ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.
2025 දෙසැම්බර් මස 30
32
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
Priyantha Dissanayake Sunday, 06 October 2024 04:18 PM
මෙයාලා මහජන නියෝජිතයෝ නොව ඒ ඒ ප්‍රදේශ බාර සෙන්පතියෝ... ඉතිං ඒ විදිහට හැසිරෙන්න ඒ ආකාරයේ අවි ආයුධ තිබෙන්න ඕනැනේ. මිනිස්සුන්ට චන්ඩිපාට් දාගෙන වැජඹෙන්න...
රම්බොඩ Sunday, 06 October 2024 04:39 PM
මෙයාලා යුද්ධයකට ගිහින් වගේ. අපි දන්නෙත් නැතිව...
කසිප්පු ජොනීSunday, 06 October 2024 07:23 PM
ඇත්ත යුද්ධයක් නම් නැට්ට කකුල් හතර අස්සේ ගහගන්න මේ චන්ඩි වැඩ පෙන්නන්නේ නිරායුධ සාමාන්‍ය ජනතාවට. සුනඛයින් (ඇත්ත සුනඛයෝ සමාවෙත්වා) තමන්ගේ සීමාවේදි සිංහයො වගේ හැසිරෙන්නේ.
priyanka Sunday, 06 October 2024 07:25 PM
මේවා ගන්න ඇත්තේ පිටි කොටන්න වෙන්න ඇති...
පිටරටවැසියා Sunday, 06 October 2024 11:56 PM
මේකාගේ අවිය සමිතා ගාවනේ. ඒක වෙන්න ඇති අමතර අවි ආණ්ඩුවෙන් ගන්න ඇත්තේ...!
Kumar Monday, 07 October 2024 12:15 AM
තුවක්කු තිබුණාට ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වන්න ඕනේ. අත් දෙකට තුවක්කු දෙකක් නේද අවශ්‍ය...? ලංකාවේ ඉන්න දේශපාලකයෝ වැඩිදෙනා නිවටයෝ වගේ...
පැරකුම් Monday, 07 October 2024 02:37 AM
වංචා, දූෂණ, අක්‍රමිකතා කරන පාලකයින් උඩ තියාගෙන ආවඩන දූෂිත නිලධාරීන් විඳින සැප කොතෙක්ද? ඒ ගැන කවුරුත් කතා නෑ...