සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවට අදාළ සංශෝධිත චෝදනාපත්‍රය කියවා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නඩු විභාගය ලබන සැප්තැම්බර් මස හය වැනිදා තෙක් කල් තැබීය.
ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් සංශෝධනය කර ලබාදුන් චෝදනා පත්‍රය අධිකරණ භාෂා පරිවර්තක සුරාජ් කාරියවසම් මහතා කියවා දෙනු ලැබීමෙන් පසු එම සියලු චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවට ඔහු කීවේය.
එම චෝදනා සම්බන්දයෙන් හිටපු ඇමැතිවරයා නිවැරදිකරු ලෙස සදහන් කළ බැවින් එම නඩු විභායග ලබන සැප්තැම්බර් හය වැනි දා තෙක් කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් එදිනට පැමිනිල්ලේ පළමු සාක්ෂියට නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd