සංවත්සරය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකි. එතැන සියල්ලම සිදුවනුයේ විනයක් ඇතිවය. ඒ නිවස්නයේ සම්ප්‍රදායයි. රාත්‍රී භෝජනයේ නියමිත ඇඳුමද එහි කොටසකි. මහා ලේනා හා බිරිය ආරාධිතයෝය.
ආරාධිතයාත් ඔහුගේ බිරියත් ආහ. නිවස්නයේ ලොක්කන් මුහුණෙන් මුහුණ බලාගත්තේ ඒ දෙදෙනා ඇතුළු වද්දීය. හේතුව පැහැදිලිය. අනාරාධිතයට එම නිවස්නයට ඇතුළු විය නොහැකිය. මහ ලේනාගේ දෝණිය ඔවුන් සමගය. ඔවුන් මුහුණ පෑ ප්‍රශ්නය දෝණිය අනවසරයෙන් පැමිණීමම නොව ඇගේ ඇඳුමයි.
ජීන්ස් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය ඒ රෑ කෑමට කිසිසේත්ම නොගැලපෙන බව බූට් සපත්තු ගැටුණු හඬින් පමණක් නොව ඔවුන්ගේ මුහුණු වලින්ද පැහැදිලි විය.
ඒත් කළ හැකි දෙයක් නොවීය. නිවස්නයේ රාත්‍රී භෝජනයේ ඇඳුමේ නීතිය එදා අමු අමුවේ ඉවත් කිරීමට කාට කාටත් සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලොකුම ප්‍රශ්නය රෑ කැමට ඇඳපු ඇඳුමද? (නි)
තැනට සුදුසු විදියට ඇදගෙන ගියානම් ප්‍රශනයක් වෙන්නෑනේ ....(ම)
ගොඩක් අයට මේ ප්‍රවෘතිය තේරිලා නැහැ . (අ)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
ඇඳුම කියන දේ මෙච්චරටම බලපෑමක් කරනවද? (නි)
තරුණ ළමයින්ගේ ඇදුම් ගැන මොකට වද වෙනවද (බ)
නොගැලෙපන අයට අාරාධනා කළ කෙනා නේද වැරදි (බ)
හොඳයි කවුද කියමු බලන්න මේ? (නි)
මම ආසම පත්තරය ලංකාදීප. (නි)
ඇත්ත නේ .. ඔය ජීන්ස් කියන එක අැන්දම සවුත්තුවට පේනවා ඇති එ්කය් .. ඉතින් කෑම කන්න ආපු අයට කෑම එපා වෙන එක අහන්න දෙයක් ද (බ)
ලේන්නු කොහොමත් ඔහොම තමයි. අහිංසක පෙනුමට හිටියට කිසිම චාරයක් නැහැ නොවැ (නි)
ඇඳුම කුමක් වුණත් ඇඳගෙන රෑ කෑමට ගිය එක ලොකු දෙයක්. (නි)
ඉංග්‍රීසි ක්‍රමය නොදන්නා අයට මේවා මහා ප්‍රශ්න. ආහාර වේලකට ගියත් එකේ ක්‍රමයක් පිළිවෙලක් තියන බව අපේ සිංහලයන්ට තේරෙන්නේ නෑනේ. (අ)
කොටට කොටේ ගවුමක් ඇඳගෙන එනවට වැඩිය,දිගට දිගේ ජීන්ස් එකක් ඇඳගෙන ආ එකම කොයිතරම් හොඳද? (නි)
මම හිතුවේ කොටම කොට රෙදි කැල්ලක් ඇඳන් ඉඳල කියල. ජීන්ස් අද කවුරුත් අඳිනවා. හැබැයි ඇඟට ඇලිල අඳින ඒවගේ නම් විලි ලැජ්ජයි. (බ)
දන්නේ නැති නිසා අහන්නේ. නිවස්න හා ලේනා ගැන වැඩි විස්තර කියන්න දන්නා කෙනෙක් ඉන්නවද? (නි)