තාවකාලිකව නතරකර ඇති ද්විත්ව පුරවැසිභාවය ලබන වසරේ ජනවාරි මාසයේ පටන් නව නීතිමය පද්ධතියක් යටතේ නැවත ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ ජනපති උතුරු ඉතාලියේදී කීවේය.
ඉතාලියේ මිලානෝ නගරයට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු වශයෙන් ප්‍රථම වතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාව ඇමතීය.
ද්විත්ව පුරවැසිකම අත්හිටවුයේ මීට වසර දෙකකට කලිනි.
එසේම ශ්‍රී ලාංකික බැංකුවක් ඉතාලියේ ස්ථාපිතකරණ බවත් , මිලානෝ නගරයට කොන්සල් කාර්යාලයක්ද ලබා දෙන බව ජනපති කීවේය.
දැනට ඉතාලියේ සේවය කර විශ්‍රාමලබා ඇති ශ්‍රී ලාංකිකයකුට තම විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගැනිමට ඉතාලි රජයත් සමග සාකච්ඡා කර නීතිරීති සම්පාදනය කිරිමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දුන් බවද පැවසීය.
පිටරටක සේවය කරන කෙනකු ලංකාවට වාහනයක් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් ලාංකිකයෙක් ප්‍රශ්නයක් ඇසුවාය ,මහින්ද චින්තනයේ අනූනව වැනි පිටුවේ ඇති පරිදි ශ්‍රීලංකාවට නීත්‍යනුකූලව මුදල් එවන ප්‍රමාණය අනුව වාහන ගෙන්වා ගැනීමේ බලපත් ලබාදෙන බව ජනපති කීවේය.
මිලානෝ සහ ඒ අවට නගරවල ශ්‍රී ලාංකිකයන් එහි වුහ. නරඹන්නන් 1200 පමණ අසුන් ගතහැකි ශාලාව සම්පූර්ණයෙන්ම පිරීතිබිණු අතර තවත් විශාල ජනතාවකට ශාලාවට ඇතුළු වීමට නොහැකි විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ බයිලා අහලා ඇතිවෙලා ඉන්නේ. (නදී)
ද්විත්ව පුරවැසි බව දෙන්න එපා. ද්‍රවිඩ බෙදුම්වාදින් හිටු පිනුම් ගහවී නැවත දුන්නොතින්. නැවත කොටි සංවිධානයත් මේ රටේ හදාවි. (නදී)
දැන් මොකද්ද ගිහාන් මගේ තිබෙන කුහකකම ? ලංකාවේ ඉඳගෙන රජය අපහසුතාවයට පත් කරමින් අත්‍යවශ්‍ය සේවා වර්ජනය කරමින් පඩි මදි කියල පිකටින් වර්ජන කරන උදවිය ගැන ඔබ මොනවද කියන්නේ ? ඒ ගොල්ල ගුණවන්තයින්ද ? අපි හොඳ දේවල් වලට හොඳයි කියල කියනවා. හැබැයි මෙතන ස්තුති කතාවල් වලට අපිට නිකම් මහන්සි වෙන්න දෙයක් නැහැනේ. ඔයගොල්ලන් වගේ වන්දි භට්ටයන් ඉන්දෙද්දී (නදී)
අඩුම තරමින් රේගු බද්දෙන් 50% කින්වත් වාහනයකට සහනයක් ලබාදෙන්න (නදී)
ඔන්න අපේ උන්දැටත් ඒ පාර ලැම්බෝගිනියක්න් ඕන කියනවා (නදී)
ජයන්ත ඔන්න මම මුලින්ම අදහස් ලියපු කෙනා මිසක් ඔයාට ආඩපාලි කියපු කෙනා නෙවෙයි. ඒ ගිහාන් මෙතන කතෘ කම බලන් ඉන්න කෙනෙක්ද කොහෙද ? අපි මෙතන ලියන දේවල් වල ගුණාත්මක භාවය තීරණය කිරීම එයා පැනල භාර අරන්. (නදී)
මොකද මේ සමහරු ත්‍රස්තවාදීන් මතක් කරකර බයේ ගැහෙන්නේ? ඔහොම පුලුවන්ද රට සංවර්ධනය කරගන්න. ඕස්ට්‍රේලියාව වගේ රටවලටත් දැන් ත්‍රස්ත තර්ජන තිබෙනවාලු. දැන් එහෙම කියලා ඒ රටේ ද්විත්ව පුරවැසිකම නවත්වලාද ? (නි)
විවිධ කාලෝචිත අදහස් සහ යෝජනා ගොඩක් හොඳයි. එ්ත් ලංකාවේ නොමිලේ ඉගෙනගෙන, ටික දෙනෙක් පිටරට ගිහිල්ලා ඩොලර්, යුරෝ, ඩිනාර්, රියාල් වලින් හම්බ කරලා. එයාලටම "ඩියුටි ෆ්‍රී" වාහන පර්මිට් සහ සියලුම පහසුකම් දෙන්න ඕනා. ඒත් ලංකාවේ ඉගෙන ගෙන, දුප්පත් ලංකාව දාල යන්නේ නැතිව, ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට සේවය කරගෙන, ගොඩක් අපහසුතාවයන් මධ්‍යයේ ලංකාවේම ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම සාධාරණයක් නැද්ද? පිට රට ඉන්න අය ලංකාවට විදේශ විනිමය එවනවා තමයි. එත් අද ලංකාව ජීවත් වෙන්නේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් රජය අයකරන බදු සහ ඩියුටි වලින් විතරක් බවත් මතක තිය ගන්න එක හොඳයි. පාරවල්, ගුවන් තොටුපොළවල්, වරායවල් හැදුනට රටේ දල ජාතික නිෂ්පාදනය ඉතාමත් අඩුවෙලා. මේක ඉරිසියාව නොවෙයි අපට පිටරට යන්න බැරි උනාට. හිතලම බලන්න. අනිත් මිනිස්සු ගැනත් චුට්ටක් හරි හිතන්න. (නදී)
රෝහණ මහත්තයෝ ඉරිසියා හිතන්න කල් වැඩියි. ඔය කියන එක දෙයක්වත් වෙන්නේ නැහැ. කොහොම නමුත් රටේ ඉගෙන ගෙන කරන්න දෙයක් තියෙනවා නම් මේ වගේ ඇවිත් දුක් විදින්න ඕනද? ගෙයක් දොරක් හදාගන්න දරුවන්ට උගන්නගන්න මෙහෙ ඇවිත් දුක් විදිනවා මිසක්. මේකත් ජීවිතයක්ද දරුවෝ. (නදී)
අපේ එක්කෙනා කොල් කරලා කීවා සල්ලි එවපු කොළ ඔක්කොම පරිස්සම් කරගන්නවලු ලංකාවට ආපුවාම ඩිමෝ බට්ටෙක් ගෙන්නා ගෙන පොලෙන් පොලට වෙළදාමේ යමුලු. (නදී)
බොහොම හොඳ ආරංචියක් (නි)
බොහෝ විදෙස් රැකියා වල නිරත වන්නන් අදාල වෘත්තියේ නිපුනතාව ලබාගැනීම සඳහා ලංකාවේ පාසැල් හෝ සරසවි, නිදහස් අධාපනයෙන් පමනක් සීමානොවී, වැඩිදුර අධයාපනය, ඇවැසි වෘත්තීය සුදුසුකම් ආදී දෑ, තමන් ගේ වියදමින් සරි කරගනිති. කිසිදා රටට බරක් නොවී, උපයන දෑ, මව්රට පෝෂනයට, ආයෝජනය කරති. උපයන මුදල් මෙරටට ඇදගැනීමට ඔවුන් තවදුරටත් දිරිගැන්විය යුතුය. විගමනිකයෙකුගෙන් නියත කාලයකදී මෙරටට ලැබෙන විදේශ විනිමයට සමානුපතිකව, තීරුබදු නිදහසක් ලබාදීම මගින්, ඉපැයීම් මෙරටට එවීම දිරිගැන්විය හැක. තමන් උපයාගන්නා තීරුබදු නිදහසේ වටිනාකමට වාහනයක් මිලදී ගැනීමට උවද භාවිත කලහැකි වියයුතුය. (නදී)
මොනවද මේ නව නීතිරීති? (නි)
ද්විත්ව පුරවැසි බාවය ලබන්නට කෙනෙකු ශ්‍රී ලංකා රජයට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ගෙවිය යුතුයි. පවුලේ සාමාජිකයන් බිරිඳ හෝ දරුවන් ඔහු සමග ඉල්ලන්නේ නම් රුපියල් ලක්ෂයක් සෑම සාමාජිකයකු වෙනුවෙන් ගෙවිය යුතුය. එසේ ගෙවීමට මුළු පවුලම එකවර ද්විත්ව පුරවැසි භාවය ඉල්ලිය යුතුය. වෙන වෙනම ඉල්ලුවොත් කෙනෙකු වෙනුවෙන් ලක්ෂ 3ක් අනිවාර්ය ගෙවුම වේ (නදී)
එහෙනම් ජනපතිගේ විතරක් නෙවෙයි අපෙත් ගුරු උච්ච වෙලා ජනවාරියෙන් පස්සේ . මට නම් ඔය අට මගලේ තිබුනත් නැතත් එකයි. මේ විදියට වසරක් ගානේ ඇවිල්ල අසල් වාසීන්ටත්, පවුල් වල අයටත් හැකි පමණින් උපකාර කරනවා. අපි රට ගැන හිතනවා . ගණන් වැඩිය දීල ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමා සැමදා තෝරා ගන්නේ. (නදී)
ද සිල්වා බර්ලින්, කරුණාකර ඔබතුමා නොදන්නා කරුණු ගැන නොලියා ඉන්නවද? ඔබතුමා ඔය කියන සරල ක්‍රමයට විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගන්න පුළුවන් නම් ලංකාවේ මිනිසුන්ට බුද්ධිය නැහැ කියලා හිතනවද? ඉතාලිය තුළ ස්ථිර පදිංචිය නොමැති විදේශිකයෙකුට නොකඩවා මාස් පතා බැංකු ගිණුමට මුදල් බැර කිරීමට තරම් යුරෝපීය පාලකයින් මෝඩයින් කියා ඔබතුමා හිතනවද? නිවාඩුවකට මසකට දෙකකට ලංකාවට ගිහින් ටේලර් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ සරල ක්‍රමය මේ විශ්‍රාම වැටුපත් එක්ක පටලාගන්න එපා මහත්තයෝ. ඔබතුමා පදිංචි ලංකාවේ තියන ඔය කියන "බර්ලින්" අයත් වෙන්නේ මොන පළාතටද කියලා අපිව ටිකක දැනුවත් කරනවද? (නි)
හැබැයි කවදාවත් අපිට බදුරහිත වාහන ගන්න නම් ලැබෙන්නේ නැහැ. (නි)
හරිම සතුටුයි! (නි)
රෝහණ මහත්මයා, ඔබතුමාගේ අදහස වඩාත් නිවැරදිවීමට නම් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු සහන ගැනත් සඳහන් විය යුතුය. විදෙස් රටවල සේවය කරන අය වැඩිපුර මුදලක් සොයාගනු ලැබුවත් විඳින දුක් දන්නේ ඔවුන්ය. (නි)
මොනදේ කළත් අපි අපේ ජාතියට ආගමට ගරුකරන්න, සිංහලකම අගය කරන්න ඕනෑ. (නි)
ඇත්තටම අපි අපේ රටට ආදරෙයි (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඔය කියන නීතිරීති මොනවද කියලා අපි දැනගන්න කැමතියි. අපි මේ පිටරට ගියේ ලංකාවේ ලැබෙන සොච්චම් පඩියෙන් දෙමව්පියන්ට සළකලා නංගිලා බන්දලා දීලා, දැන් දරු පවුල් නඩත්තු කරන්න තිබෙන අමාරුවට මිසක් කැමැත්තකින් නෙමෙයි. දරුවන්ට උගන්වන්න සල්ලි ටිකක් ඉතිරි කරලා මට නම් ඕනෑ නැවත ඇවිල්ලා පිනක් දහමක් කරගෙන ලංකාවේ ජීවත්වෙන්න. හැබැයි දැන් මේ ද්විත්ව පුරවැසිභාවය ගත්තා කියලා මගේ ඊළඟ පරම්පරා හතකට ණය ගෙවන්න සිද්ධ වෙනවා නම් මම මේ ඉන්න තැනම ඉන්නම්. සාධාරණ ගාස්තුවක් අය කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
ද සිල්වා බර්ලින්...මේ ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් වල කිසිම ධනාත්මක භාවයක් නැහැ. හැමදෙ ගැනම හිතන්න පුරුදුවෙලා ඉන්නේ 'නොකෙරෙන පැත්තට'. පෙන්ෂන් එකක් කෙලින්ම යන්නේ බැංකු ගිණුමකට. එම පුද්ගලයා ගෙදර ඉන්නවද කියල බලන්න කවුරුත් එන්නේ නැහැ. අනික පෙන්ෂන් ගිය පුද්ගලයකුට ලෝකේ කොහේ හෝ සැරි සැරීමට රිසි අයිතියක් තිබෙනවා. විශ්‍රාම යාමේ අර්ථයද එයයි. එය බැංකුවට එවීම නවතින්නේ එම පුද්ගලයාගේ මරණය ලියාපදිංචි වූ විටයි. විකුම් වැනි බහුබූත හීන දකිමින් ඉතාලියේ ජීවත් වන බොහෝ දෙනා කරන්නේ 'අත යටින්' මුදල් ගන්න රැකියා. මේ යට කොහොමවත් පෙන්ෂන් එකක් ලැබෙන්නේ නැහැ. (ස)
මීළඟ ජනාධිපතිවරණය තියද්දි ඉතාලියේ ඉන්න අපටත් ඡන්දෙ දාන්න අවස්ථාව ලැබුනොත් ඒ ඡන්ද වලින් 75% ක් ඔබතුමාට. පිටරට වල ඉන්න ලංකාවේ අය ජනාධිපතිතුමාට ආදරෙයි. මොකද නිවාඩුවට ඇවිල්ලා යන්නවත් රටක් ඉතුරු කරලා දුන්නේ ඔබතුමා නිසා. (නි)
අපි පිටරට ඇවිල්ලා ගතකරන්නේ කෝටිපති ජීවිත නෙමෙයි. පඩිය මදි, උසස්වීම් නැහැ, රස්සා නැහැ කියලා රජයට බැන බැන ලංකාවේ කල් මරනවාට වැඩිය උගත් දෙයින් ප්‍රයෝජන අරගෙන රටට ලෝකයට බරක් නොවී ජීවත්වෙන්න ඕනෑ නිසයි පිටරට ආවේ. එම නිසා මේ කියන නීතිරීති සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු ඒවා වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. (නි)
දැන් මේක ගන්න ගිහිල්ලා අපිට මොන මොන කරදර වලට මුහුණදෙන්න වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් මම නම් එකපාරටම විශ්වාස කරන්නේ නැහැ. වඩාත්ම වැදගත් වෙන්නේ ඔය කියන නව නීතිරීති මොනවාද හරියටම දැනගෙන ඉල්ලුම් කරන එකයි. (නි)
නිපුල්ගේ අදහස වැදගත්. උගතුන් රට හැරයන්නේ රට ගැන තිබෙන ඇල්ම අඩු නිසා නෙමෙයි. සෑහෙන පිරිසක් කැමතියි තමන්ගේ අදාළ ඉලක්ක සම්පුර්ණ කරගත් පසු නැවත ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න. (නි)
සාධාරණ ගණනක් අයකළාට අපේ අකමැත්තක් නැහැ. (නි)
ද්විත්ව පුරවැසිකම සරණාගතයින් හැටියට ගිය කට්ටියට දෙන්න එපා. ඒ ගොල්ලෝ ලංකාව ගැන හරිම නරක දේවල් කියලා තමයි වෙන රටවල පුරවැසිකම් ගත්තේ (නි)
ජයන්ත, අතිගරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය පැහැදිලියි. මුලින්ම ඒ ගැන එතුමාට ස්තුතිය පළකරමින් ඔබේ අදහස ඉදිරිපත් කිරීම නේද හොඳ? දැන්වත් කුහකකමින් මිදී ගුණවන්තයෙක් වෙන්න. (නි)
මේක හොඳ ආරංචියක් (නි)
ඉතාලියෙත් ඡන්ඳෙට කැම්පේන් ගිහින් වගේ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ, ඔබ ඔබගේ පෙන්ෂන් එක ඒ විදිහටම අරගන්න. හරක් එක්ක වාද කරන්න මම තවම ඉගෙන ගෙන නැහැ. ඔබ පදිංචි මිලානෝ, පිහිටලා තියෙන්නේ ලංකාවේ මොන පළාතේද කියල කතාවෙන්ම හිතාගන්න පුළුවන්. බකපඬිතයෝ "පොරවල්" වෙන්න හරිම හපන්නු. ඉතාලි පාලකයින්ගේ ඔලු ගෙඩියත් ඔබගේ ඔලුගෙඩියට සමානයි කියල හිතුවට, ඔලුව ඇතුලේ තියන අවයව වෙනස් වගේම ඔවුන්ගේ මොලේ පිහිටලා තියන තැනත් ඔබට වැඩිය ගොඩක් වෙනස්. (ස)
පද්මිණි,මටත් දැනගත යුතු කරුණු ටිකක් තමයි ඔබ අසා ඇත්තේ.නමුත් හරි පිළිතුරු නැහැ.හිටිගමන් නීති වෙනස් කරනවා.අලුත් නීති මාධ්‍ය මඟින් හෝ ප්‍රසිද්ධ කිරීමක් සිදුවන්නේ නැහැ. (නි)
වැදගත් තීරණයක්. අපි වගේ අයට ගොඩක් වටිනවා. නීති පොඩ්ඩක් ලිහිල් කර අපිට වැදගත් වනසේ සහයෝගය දෙන්න. ජනාදිපතිතුමනි, මොකද අපි අපේ රටට ගොඩක් ආදරෙයි. සොයන මුදල් කොහේ හිටියත් එවන්නේ අපේ රටට නිසා මේකරන දේ ශ්‍රී ලාංකිකයන් වන අපට කරන ලොකුම උපකාරයක්. ඔබ තුමා ගන්න යහපත් තීරණ නිසා ඉදිරියටත් රටේ නායකයා වී ධර්මිස්ටව රට පාලනය කරන්න. අධර්මිස්ට අය ඔබේ පාලන දාමයෙන් ඉවත් කරන්න. රටට බොහෝ සෙත සැලසේවි (නදී)
මට නම් කාර් එපා. රට සල්ලි ටික මාරු කරලා හදාගත්ත බැංකු තැන්පතුවට දුන්න සියයට 14 ආයෙත් දෙන්න. පිටරට සල්ලි ලංකාවට ගේන්න උනන්දු කලාට වැඩක් නැහැ එ්කට හරි ආදායමක් නැත්තම්. (නදී)
ද්විත්ව පුරවැසි භාවය ලැබුනහම ලංකාවට ඇවිත් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්නේ. (නදී)
තව ටිකක් පැහැදිලි වුනා නම් හොඳයි. මොනවද මේ නව නීති කියල එහෙම (නදී)
ශ්‍රීලංකාවට නීත්‍යනුකූලව මුදල් එවන ප්‍රමාණය අනුව වාහන ගෙන්වා ගැනීමේ බලපත් ලබාදීම සාධාරණයි. ද්විත්ව පුරවැසිභාවය ගැන නම් මා කතා කරන්න කැමති නැහැ.(නදී)
ද්විත්ව පුරවැසි භාවය දෙන නැකත තියෙන්නෙත් ජනවාරි වලින් පසුවද ? (නදී)
පිටරට ඉදන් ඡන්දෙ දාන්න පුලුවන් විදිහක් හදලා දෙනවා නම් හොඳයි ඇමරිකාවේ වගේ (නදී)
පසුගිය අවුරුදු 25 කාලයට එක එක දේශපාලුවෝ ඇවිල්ල බොරු බයිලා කියල යනවා. මෙතෙක් කරපු කිසි දෙයක් නැහැ. (නදී)
කඩවුණු පොරොන්දු සහ කඩවෙන පොරොන්දු. (නදී)
ජනාධිපතිවරණය දැන් ළඟ එනවා නේද. 2008 දීත් මේ වගේ කතාවක් කිව්වා වගේ මතකයක් තියෙනවා. කොහොම උනත් බදු රහිත වාහනයක් ගන්න පුළුවන් උනොත් අපට ලොකු සහනයක් දැනේවි. (නදී)
ජනවාරි වෙනකොට තව ගොඩක් දේවල් අපිට ලැබයි. කරුණාකර සියලු දෙනාම මතක තබාගන්න පවුලේ සියලු දෙනා ඇමෙරිකානු පුරවැසියන් බව. (නදී)
තව කල් නොයවා , මෙවෙලේම නව නිති මොනවද කියලා සියලු තොරතුරු එළිකරන්න. වසර දෙකක්ම කල් මැරුවා ඇතිනේ අයකරන මුදල ගැනත් දෙවරක් හිතන්න. රට විරුවෝ කියල බෙල්ල තදින්ම මිරිකන්න එපා. රන් බිජු දමපු කිකිලියට වුනු දේ දන්නවනේ. ඉදිරි අලුත් විස්තරත් මේකත් පලකරන්න (නදී)
කාලෝචිත යේජනාවක්. ලංකාවට නීතියානුකූලව එවන විදෙස් මුදල් වලට සමානුපාතිකව තමන් ගේ පුද්ගලික පරිහරනය සඳහා විදෙස් නිමැයුම් භාණ්ඩ (වාහනයක්) ආනයනය කිරීමට බදු සහන දෙන ක්‍රමයක්, හෝ නිවෙසක් ඉදිකරගැනීම් ආදී දෑ වලදී බදු සහන මත අමු ද්‍රව්‍ය මිලයට ගැනීමේ ක්‍රමයක්. නිසැකවම රටට නීත්‍යානුකූලව ලැබෙනවා විදෙස් මුදල් ප්‍රමානය වැඩිවෙනවා. විදෙස් රැකියා ප්‍රවර්ධනය ආයාසයකින් තොරව සිදුවේවි. මෙම ක්‍රමය විදෙස් ශ‍්‍රමිකයන් බහුලව සිටින තුන්වනි ලෝකයේ රටවල ඉතා සාර්ථක වූ ක්‍රමයක්. (නදී)
නමුත් මේ මුවාවෙන් ත්‍රස්තයින් ඉබේම ප්‍රයෝජන ලබන්නත් වැඩි ඉඩකඩක් තිබෙනවා. අනික මේ ගැන වපර ඇසින් බලන සිංහලයිනුත් ඉන්නවා. (නි)
ඉතාලියේ විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වාගන්න ඔච්චර දඟලන්න අවශ්‍ය නැත. වැටුප ඉතාලියේ බැංකු ගිණුමට බැර උනාට පස්සේ ඉන්ටෙර්නෙට් බෑන්කින් ක්‍රමය භාවිතා කර ලංකාවට ගෙන්වාගත හැකිය. එහෙමත් නැත්නම් ඉතාලියේ බැංකුවට මාස් පතා යම්කිසි මුදලක් ලංකාවේ බැංකු ගිනුමක බැර කරන ලෙස ස්ථාවර නියෝගයක් දෙන්න. එහෙමත් නැත්නම් ඉතාලියේ බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එක භාවිතා කර එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් ලංකාවේ ඒ.ටී.එම් යන්ත්‍ර වලින් ලබාගත හැක (නදී)
නිති සේවයේ යෙදෙන දන්නා කෙනෙක් කරුණාකර පහදා දෙනවද ද්විත්ව පුරවැසිකම නොමැති නම් ලංකාවෙන් අපිට අහිමි විය හැකි දේවල් මොනවද? දේපළ, වත්කම්, මිලදී ගැනීම හෝ පරම්පරාවෙන් ලැබුණු දේපොළ ගැන. (නදී)
නිලුපුල් ඔයාගෙ යෝජනාව වටිනවා. බ්ලූ පර්මිට්, ගිෆ්ට් පර්මිට් කියල ක්‍රම දෙකක් තිබුනා. දැන් ඒව නෑ. තියන කාලෙ උනත් ගන්න ගියහම පුදුම රස්තියාදුවක් තියනවා. කරනාකරල, රටේ ආර්ථිකයට දායක වෙන අපිට සහනයක් දෙන්න. (නදී)