දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී වාහන ලියාපදිංචි ය 42% කින් පහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම දෙපාර්තමේනතුවේ දත්ත වලට අනුව පසු ගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මෝටර් රථ පමණක් ලියාපදිංචිය 52% කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනූව පසුගිය දෙසැම්බර් මාසයේදී 7177 ක් වූ මෝටර් රථ ලියාපදංචිය ජනවාරි මාසයේ දී 3480 ක් දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම වාහන ලියාපදිංචියේ දී පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වාහන 62423 ක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.
එම ප්‍රමාණය පසුගිය දෙසැම්බර් මාසය වන විට 57356 ක් ලෙසත් ජනවාරි මාසය වන විට 32801 ක් ලෙසත් පහළ ගොස් තිබේ.
ජනවාරි මාසයේ පමණක් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙන් 22225 ක් යතුරුපැදි වන අතර මෝටර් රථ 3480 ක්. ත්‍රී රෝද රථ 3405 ක් වශයෙන් ලියාපදිංචි කර ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
පසුගිය කාලයේ වාහන මිල ගණන් වල සිදු වුණු උච්චාවචනය මෙසේ වාහන ලියාපදිංචිය අඩු වීමට බලපාන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන සිහිනය ආණ්ඩුව බොඳකළානේ (නි)
ඒ වුණාට වාහන තදබදයේ කිසිම අඩුවක් නැහැ. වාහන ගෙන්වන එක අඩුකරන්න. (නි)
රන්මලී කියන විදියට මිනිසුන් අඩුකිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකිවෙනවා ඇත (නි)
අපි කරන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන එක. පුද්ගලික වාහන ප්‍රමාණය අඩු කිරීමෙන් ඉන්ධන ගෙන්වීම සදහා යන විදේශ විනිමය ප්‍රමාණයද වාහන ගෙන්වීම සදහා යන විදේශ විනිමය ප්‍රමාණයද අඩු කල හැක. (ම)
දැන් ඉතින් වාහන ආනයනය කරන අයත් පාරට බහීවි උද්ඝෝෂණය කරන්න. කොහොම වුණත් ටිකක් හරි පාරවල් හිස්වේවි මේ නිසා .... (නි)
පසුගිය චන්දෙන් පස්සේ බයිසිකලයෙන් ගිය අය කාරයෙන් ගියාට පස්සේ තමයි මෙහෙම තදබදයක් ඇතිවුනේ . (හේ)