දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී වාහන ලියාපදිංචි ය 42% කින් පහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම දෙපාර්තමේනතුවේ දත්ත වලට අනුව පසු ගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මෝටර් රථ පමණක් ලියාපදිංචිය 52% කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනූව පසුගිය දෙසැම්බර් මාසයේදී 7177 ක් වූ මෝටර් රථ ලියාපදංචිය ජනවාරි මාසයේ දී 3480 ක් දක්වා පහළ ගොස් ඇත.
එමෙන්ම වාහන ලියාපදිංචියේ දී පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වාහන 62423 ක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.
එම ප්‍රමාණය පසුගිය දෙසැම්බර් මාසය වන විට 57356 ක් ලෙසත් ජනවාරි මාසය වන විට 32801 ක් ලෙසත් පහළ ගොස් තිබේ.
ජනවාරි මාසයේ පමණක් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙන් 22225 ක් යතුරුපැදි වන අතර මෝටර් රථ 3480 ක්. ත්‍රී රෝද රථ 3405 ක් වශයෙන් ලියාපදිංචි කර ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
පසුගිය කාලයේ වාහන මිල ගණන් වල සිදු වුණු උච්චාවචනය මෙසේ වාහන ලියාපදිංචිය අඩු වීමට බලපාන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනවාරියේ වාහන ලියාපදිංචිය අඩුවෙලා
සලීම් Thursday, 04 February 2016 06:12 PM
වාහන සිහිනය ආණ්ඩුව බොඳකළානේ (නි)
රන්මලී Friday, 05 February 2016 01:29 AM
ඒ වුණාට වාහන තදබදයේ කිසිම අඩුවක් නැහැ. වාහන ගෙන්වන එක අඩුකරන්න. (නි)
අනුර Friday, 05 February 2016 02:47 AM
රන්මලී කියන විදියට මිනිසුන් අඩුකිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකිවෙනවා ඇත (නි)
තිලකසිරි Friday, 05 February 2016 03:07 AM
අපි කරන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන එක. පුද්ගලික වාහන ප්‍රමාණය අඩු කිරීමෙන් ඉන්ධන ගෙන්වීම සදහා යන විදේශ විනිමය ප්‍රමාණයද වාහන ගෙන්වීම සදහා යන විදේශ විනිමය ප්‍රමාණයද අඩු කල හැක. (ම)
නන්දලාල් - ප්‍රංශය Thursday, 04 February 2016 01:01 PM
දැන් ඉතින් වාහන ආනයනය කරන අයත් පාරට බහීවි උද්ඝෝෂණය කරන්න. කොහොම වුණත් ටිකක් හරි පාරවල් හිස්වේවි මේ නිසා .... (නි)
අමා Friday, 05 February 2016 06:19 AM
පසුගිය චන්දෙන් පස්සේ බයිසිකලයෙන් ගිය අය කාරයෙන් ගියාට පස්සේ තමයි මෙහෙම තදබදයක් ඇතිවුනේ . (හේ)