(යොහාන් භාසුර)
එළඹෙන වසරේ ජනවාරි මස සිට මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) විදුලි බිල දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේ වන විට ඒ සඳහා යාවත්කාලීන කරමින් සිටින බවත් ජනවාරි මස සිට විදුලි බිල්පත දුරකථනයට යොමු කිරීමේ ක්‍රියාවලිය නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් අපිට අතට බිල්පත ලැබුනත් ෆෝන් එකටත් ලැබෙනවා හැබැයි මෙවර ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව අපිට බිල් ගණනය කරන්න බැහැ තවමත් පැරැණි ගාස්තුව තමයි ගණනය වෙන්නෙ මනුකියවීමට පැමිණීම ප්‍රමාද අවස්ථාවල නිවෙස් හිමියන්ටම බිල් ගණනය කර ගෙවීමට ක්‍රමයක් හදන්න බැරිද ඇමතිතුමා
බිල එන්නෙ එස් එම් එස් ද කොලෙද කියල අදාල නෑ.. හැබැයි පුතො ගාස්තු වැඩි කරල මිනිස්සුන්ට අසාධාරන කරලා නම් ආයෙමත් දියවන්නාවට එන්ඩ හිතන්න වත් එපා.. මිනිස්සුන්ගෙන් හුරගෙන කන්න කලින් ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න බිල් නොගෙවපු නම්බුකාර හොරුන්ගෙ හිඟ මුඩල් අය කරගෙන ඉන්නවද කරුනා කරල?
මේක හොඳ ක්‍රමයක්... මනු කියවීම සිවයංක්‍රීයව කරන්න උත්සාහ කරන්න.
ඔන්ලයින් බිල ඊමේල් කරනවා කියලා තියෙනවා... ඒකට රෙජිස්ටර් වුණා... නමුත් තවමත් දෙන්නේ කොළය විතරයි. කොලය දීලා සතියක් ගියත් ඔන්ලයින් බිලක් ලැබෙන්නේ නෑ. ඔන්ලයින් දෙන එක විදුලිබල මණ්ඩලයටත් වාසියි.. පාරිභෝගිකයාටත් ලේසියි... අවශ්‍ය වෙලාවට ලේසියෙන්ම පරණ බිලක් සොයාගන්නත් පුළුවන්...
ලංකාවේ භාගයක් මිනිස්සු මීටරේ වෙනස් කරලා හොරට ලයිට් ගන්නවා. මේක හදන්නේ නැතිව මොනවා කළත් වැඩක් නෑ...
SMS එකෙන් බිල දැක්කම අතට පේනවට වඩා බය හිතෙනවා අඩුයි. ගාස්තු දහස් ගානකින් වැඩි කරලත් නියම විදිහට බිලක් දෙන්න බැරි නං එකේ ඇති වැඩේ මොකද්ද? මේ හොර ලෙඩේ බැංකු, දුරකථන සමාගම් වලටත් තියෙනවා. ලාවට ගහන මාටියා විද්‍යුත් බිලකින් අහු වෙනවා අඩුයි.