ගෙවුණු දස වසරක් පුරා පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් විපරීත වූ සමාජය පිළිසකර කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (01) අරලගංවිල ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය.
පසුගිය ජනවාරි අට වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් බවට පත් කිරීම එතරම් පහසු නොවන බවත් දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමේ දී එම සමාජ පෙරළිය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකා කටයුතු කළ යුතු බවත් දයා ගමගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමනි, රටේ මන්දපෝෂණය නැති කිරීමට එකාවන්ව කටයුතු කරන්න. ගොවීන්ට පොහොර ,බීජ නොමිලේ ලබාදෙන්න. ගොවි උපකරණ, යන්ත්‍ර සුත්‍ර නොමිලේ දෙන්න. එතකොට නිකම්ම බඩු මිල අඩුවේවි. (නි)
පෙරළි ගැන කතා කළා ඇති. දැන් වැඩ කරලා පෙන්නුවා නම් හොඳයි (නි)
පහසුයි කියලා හිතන්න එපා. ඒක ගොඩක් අමාරු දෙයක් (නි)
හිත ඇත්නම් පත කුඩාද කිවුවලු (නි)
ඉදිරියට යෑමට සුබ පැතුම්! (නි)
කරලා බලමු. අපිත් සහයෝගය දෙන්නම් (නි)
මොන වගේද වෙනස් කරන්න යන්නේ ධර්මිෂ්ට සමාජය වගේද ? (බ)
මොකද්ද ඉතින් වෙච්ච පෙරලිය? ඇමෙරිකාවට ඉන්දියාවට අවශ්‍ය විදියට රුකඩ පාලනයක් ඇතිවීම තමයි පෙරලිය? (අ)
අනේ මෙහෙම කතාවක්. (අ)
ජනතාවගේ සැබෑ ප්‍රශ්න ජනතාවගේ ඇසින් බැලීමට ඔබතුමාලා සුදානම් නම් සමාජ පෙරලියක් කරන්න අපහසු නැහැ. තමන්ගේ මුදල් පසුම්බිය ටික කලකට හෝ වසා තබන්න. (අ)
කොහොමටත් දැනටමත් සමාජ පෙරලියක් වෙලා නොවෙද තියෙන්නේ ? (ර)
ජනවාරි 8 වැනිදාට ඉස්සෙල්ලානම් කිව්වේ ඕව නිකන් ටොයිස් වැඩ කියල. (බ)
මෙතුමා හොඳ කෙනෙක්. එතුමාට සුබ පතනවා (නි)
ඔබතුමාගේ කතාව හරි (නි)
ලොකුම අභියෝගය තමයි බඩු මිල අඩුකිරීම (නි)