“මේ ආණ්ඩුව ජිනිවා සමුළුවේදී රටත් ජනතාවත් පවා දුන්නා. ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට කටයුතු කරනවා. පිටරට නිතිඥයන් සිටින යුද පරික්ෂණ කමිටුවක් දේශිය යාන්ත්‍රණයක් වෙන්නේ කොහොමද ? සමහර ඇමැතිවරුන් වාචාල කතා කියනවා . ඇමරිකාවේ උවමනාවට අනුව මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරන බවද කියන්න ඕනෑ. මොන ආණ්ඩුවක් තිබුණත් මානව හිමිකම් චෝදනා වෙනස් වෙන්නේ නැතැයි දේශ හිතෛෂි ශ්‍රී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අද (01) නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක දී පැවසුවේය.”
ඡායාරූප - ලහිරු හර්ෂණ
වීඩියෝ - ලහිරු හර්ෂණ සහ ශාන්ත සෙනෙවිරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
මේ රටේ සංඝයා වහන්සේලා දැන් කිසිම සද්දයක් නැහැ. අපි වෙනුවෙන් සටන් කල සෙබළුන්ට මගේ ආචාරය.(අ)
අනේ ඉතින් මෙයාලට වෙන වැඩකුත් තියෙන්න ඕනෙනේ. (ර)
තවම සිහින කුමාරයෙක් ගැන හිතනවද ? (ම)
අපිට ඉතින් මේ කතා එකපාරටම බැහැර කරන්නත් බැහැ (නි)
අන්ත දෙකේම සිටින අය භූමිතෙල් ගෑවුණ ගැරඬින් වගේ දඟලලා හරියන්නෙ නැහැ. එසේ කරන්නේ රට ගැන සිතාද? නැත්නම් තම තමන්ගේ දේශපාලන අනාගතය ගැන ඇති වූ බිය නිසාදැයි දෙයියෝ පමණක් දනිති. අපි නොදනිමු (නි)
පැරණි රසාංග ඇසීමේ නිදහස සෑම කෙනෙකුටම ඇත. (නි)
මේකේ ඉන්න ලොක්කන් ටික රට ප්‍රසිද්ධ වෙන්දේසියේ දාල විකුණුවත් ඒකත් දෙකට නැමිලා පිළිගනීවි ඒකතමයි යහපලානේ කියල.(අ)
මොනාහරි කලොත් රට පාවා දීමක්.අනේ හැබැටම මෙහෙමත් මිනිස්සු.මේ යෝජනාවලියෙන් සම්මත වෙලා නැහැනේ රට දෙකඩ කරනවයි කියලා.මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂණයක් කරන එක ගැනනේ මේ දෙයින් කියවෙන්නේ.එහෙව් එකේ කොහොමද රට පාවා දුන්නයි කියන්නේ.(හේ)
මේ නඩේ කඩේ යන්නේ කා වෙනුවෙන්ද කියල අපි දන්නවනේ. (අ)
ලංකාවේ අහන නඩු වලටත් බැරිද දන්නේ පිටරට අයව දාන්න.(අ)
මේ කට්ටිය ගැන මුළු රටම දන්නවා. ඔය විරුද්ධත්වය පෙන්වන මෙම කණ්ඩායම යහපත් හෝ අයහපත් හෝ කිසිම යෝජනාවක් එදා ඉදිරිපත් කළෙත් නැහැ. අද ඉදිරිපත් කරන්නෙත් නැහැ. (නි)
මේ වගේ කතා ගැන ඔලුවක් තිබෙන මිනිස්සු කලබල වියයුතු නැහැ. (නි)
කොහොමද එහෙම කියන්නේ? (නි)
කලබල වෙන්න අවශ්‍ය නැහැ ඔයාලා කවුරුවත්. ඔය කතා ටික දවසයි (නි)
මෙයාලට වෙන වැඩක් නැද්ද හැබෑට? (නි)
පිවිතුරු යහපාල උන්නැහේ, පහුගිය කාලේ හිටපු කට්ටිය දැනටමත් රට විකුනලා විතරක් නෙමේ රටේ මිනිස්සුන්වත් උගස් තියලයි තියෙන්නේ. දැන්වත් බේර ගන්න හදන එක නරකද? (බ)
නිකන් බොරුවට කාලය නාස්ති කරන්න එපා. (නි)
දැන් බලන්න මෙතුමා සක්විති එකේ ඉඳල හොඳට හම්බ කරගත්ත .අර අහිංසක මිනිස්සු තාම දුක් විදිනවා.සල්ලි දුන්නේ නැතිව.මෙයාල එළියේ ඉදන් පිස්සු නටනවා. (බ)
ඒක වෙන්න බෑ.(හේ)
වාසි බලාගෙන ඉඳලා නොලැබුණු නිසා දුකට අඬන උදවියත් ඉන්නවා. කට්ටියම එකතුවෙලා යෝජනාවක් හදන්නකෝ මෙන්න මේකයි අපේ අදහස මේක එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ඉදිරිපත් කරන්න කියලා. එහෙම දෙයක් කරන්නේ නැහැ හැම එකටම අපි විරුද්ධයි කියන්න තමයි ඉන්නේ. (නි)
දැන් මේවා ලෝකෙත් එක්ක කතාබහ කරලා විසඳාගන්නකොට සමහරු නලියනවා. දහ අටවෙනි සංශෝධනය ගෙනෙනකොට මොකුත් කතා නැහැ. (නි)
අජිත් කරුණාරත්න, දන්නෙ නැති දේවල් කියන්න එපා. (නි)
සරත් පොන්සේකා හිරේ දාල එවකට ජනාධිපති කිව්වේ මොකක්ද? "කව්රු වුණත් වැරද්දක් කළොත් නීතියෙන් දඬුවම් විඳිය යුතුයි". ඒ කලේ මේ සෙට් එක කට ඇරියේ නැත්තේ ඇයි. සරත් පොන්සේකා රණ විරුවෙක් නොවෙයිද? සරත් පොන්සේකාට විතරද නීතිය. කුමක් හෝ පැමිණිල්ලක් තියනවනම් ඒ ගැන පරීක්ෂණයක් කරන්නේ නැතිව අහවල් දෙයක් කරන්නද? මිනුස්සුන්ගෙන් වැරදි වෙන්න පුළුවන්, එහෙම අතලොස්සක් වැරදි වෙලා තියනවනම් ඒ ගැන පරීක්ෂණ කරලා සමස්ත රණ විරුවන්ට වෙන්න යන අවමානයෙන් ගැලව ගන්න ඕනි. (අ)
අජිත් කරුණාරත්න දන්නෙ නැති දේවල් කියන්න එපා .අපේම යාන්ත්‍රනයක් ලෙස එක්සත් ජාතීන්ගෙ උපදෙස් අනුව තමයි උගත් පාඩම් කොමිෂය ක්‍රියාත්මක කෙළ්. ඒ එක්කම මේවනවිට අතුරුදහන් අය සොයන කමිටුවත් දිගටම ක්‍රියාත්මකයි. ඒඅය සාක්ෂි විමසීම දිගටම කරනවා -යුද්ධයෙන් පස්සෙ උතුරට ඡන්දයක් තියලා බලය දුන්නා. -නිවස සහ ඉඩම් ලබා දුන්නා -දහස් ගනනක් පුනරුත්තාපනය කරල දෙමාපියන්ට බාරදුන්නා -පාසල් පාරවල් පාලංවික හදලා යටිතල පහසුකම් දියුණු කළා.-බිම් බොම්බ ඉවත්කරල විශාල ඉඩම් 90% ඒ අයටම දුන්නා. මේ වැඩපිළිවෙල සාර්ථක බව බොහෝ රටවල් පිළිඅරන් තිබුනෙ එකයි ඇමරකාව පසුගිය වතාවල ලංකාවට විරුද්ධව ගෙනාව යොජනාව පරාද වුනේ තුන්පාරක්ම. මේ අනුව ඕන මෝඩයකුට තේරෙනව නේද ලංකාව ඇතිවු තත්වයන්ට විසදුම් යෙදීමට යම් වැඩපිළිලෙක් දිගටක ගෙනගොස් ඇති බව. ඉතින් මොකටද මේ අලුත් යෝජනා. මේක තේරුම්ගත යුතුයි අපිට ආදරේට නෙවෙයි මේවා මේඅය කරන්නෙ කියලා. (බ)
මේ අභයාරාම කල්ලිය (බ)
ජය වේවා! නියම කතාව (නි)
අභයාරාමයේ මාධ්‍ය හමුවක් පවත්වන හැම වෙලාවෙම යම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනාවක් ඉදිරිපත් නොකොට ලොවටම ඇසෙන්න " අපි විරුද්ධයි විරුද්ධයි විරුද්ධයි විරුද්ධයි විරුද්ධයි ........." කියමින් එකමදේම පැවසීම වැරදියි නේද? (නි)
සමහරුන්ට නම් පොඩි ගැටළුවක් තියෙනවා වගෙයි (නි)
පසුගිය ජනවාරි 8 වෙනිදායින් පසුව මේ අයගේ අදායම් මාර්ග නැවතුනා.ඒ දුකටයි මේ කැගහන්නේ.(ම)
දැන් එතකොට මොකද කරන්න ඕනි ? (හේ)
ඔබතුමා ඉඳහිටලා මෙහෙම මාධ්‍ය හමුවක් තියලා මොනවා හරි කිව්වේ නැතිනම් අපි හැමෝටම ඔබතුමා කව්ද කියලා අමතක වෙනවා. (ර)
යල් පැනගිය සටන් පාටයක්. (ර)
එම් ෆොන්සේකා ඔබ හොඳ යෝජනාවක් කරන්නේ. මේගොල්ලෝ බයිලා ගැහැව්වට අපේ නීති පද්ධතිය ගොඩ නැගිලා තියෙන්නේ රෝම ලන්දේසි නීතිය (විදේශීය) පදනම් කරගෙන. කව්රු මොනවා කීවත්, අපේ නීති විසදීම ගැන අපිට එකඟ විය හැකිද? අද අපි ළමා අපචාර, මිනීමැරුම් ගැන උද්ගෝෂණ කළාට, මීට යුක්තිය ඉටු වේවි කියන්න අපිට පුලුවන්ද? මතුගම සමන් කුමාර මරාදමුවනට මොකක්ද ලැබුණු දඬුවම? නාලන්ද එල්ලාවල මහතාගේ මිනීමරුවන්ට මොකද වුනේ? මේක නීතිය පසිදලීම ගැන තියෙන ප්‍රශ්නයක් නෙවේද? අලුතින් හිතල ලෝකේ අන් අයගෙන් නැවත ඉගෙන ගන්න පුලුවන්නම් හොඳ නැද්ද? ඒ නිසා අපේ අනෙකුත් නඩුත් පිටරැටියන්ගේත් සහයෝගය ගෙන යුක්තිය ඉටුවන අවසානයක් කරා යනුද කුමට අපි කුහක නොවිය යුතු නොවේද? මේ දූපත් (කුහක) මානසිකත්වය පිළිකුලෙන් හෙලා දකිමු. (බ)
විදුලි පුටුව ඉස්සරහට දාලා ජාතිවාදය කතාකරමින් අරගල කළ අයට ජිනීවා ජයග්‍රහණය මරු පහරක් (නි)