ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න ගැන ශ්‍රී ලංකා නව රජය ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් හඳුනාගෙන තිබීම ගැන ශ්‍රී ලංකා රජය ඔහු පසසයි.
මානව හිමිකම් මහ කොමසාරිස්ගේ සොයාගැනීම් හා නිර්දේශද අනුගමනය කළ යුතු යැයි දක්වා ඇති නව යාන්ත්‍රණයද රජයේ අදාළ බලධරයන්ගේ අවධානයට යොමු වන බව ලංකා රජය නිවේදනයක් මගින් කියයි.
ප‍්‍රකාශයට පත්වූ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන් ගේ විමර්ශන වාර්තාව මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
බදාදා (16) ප‍්‍රකාශයට පත්වූ එම වාර්තාව සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිචාරය සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාට හා ඔහුගේ කාර්යාලයට ලිපියක් යවමින් විදේශ අමාත්‍යාංශය මේ බව කියා සිටී.
එම ලිපියෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ, යෝජිත නව ආයතනවල සහ අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කරන බවය.
එසේම මානව හිමිකම් මහකොමසාරිස්වරයා එම වාර්තවෙන් ජනවාරි 8 වැනිදායින් පසුව ලංකාවේ නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා යුක්තිය තහවුරු කිරීම ආදී සිදුවූ වෙනස්කම් පිළිබඳ දක්වා ඇති ධනාත්මක ප‍්‍රතිචාරය පිළිබඳව සතුට පළ කරන බවද අමාත්‍යාංශය එම ලිපියෙන් පෙන්වා දී ඇත. තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද එහි සඳහන්ව ඇත.
නව රජය මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති ප‍්‍රතිචාරය පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යාංශය සතුට පළ කරන බවද එහි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචන, හොඳ අදහසක්. (නි)
අපට නාමල් සහ පනාමල් එකිනෙක වෙනකොට හඳුනා ගතහැක.(ම)
අපේ හමුදාව තමයි දැන් බලනකොට මේ හැමදේටම වැරදි. අනේ අම්මපා මෙහෙමත් දේවල්? (නි)
අබුදස්ස කාලේ සිංහයෝ නැති තැන නරි රජවෙනවලු. (අ)
හරියට හරි සරත් (බ)
මේ ජිනීවා කට්ටියට අපිව අමතක කරන්නම බැරි හැටි? (නි)
කොතනද වැරැද්ද (ම)
නාමල් ඔබ හිතන පතන ආකාරය ගැන හරි පුදුමයි (ම)
හසාන් හමුදාවේ වුණත් වැරදි කළ අය ඉන්නවා නම් ඔවුන්ව බේරන්න කාටවත් අවශ්‍ය නෑ.(අ)
සිංහයෝ නැති තැන නරි රජවෙනවලු. මෙහි කිසිම තැනක ශ්‍රී ලංකාවේ අභිමානය දක්වන ප්‍රතිච්රයක් නොමැත. අපි ආයිත් සැරයක් කොටි සහ බටහිර ත්‍රස්තවාදයට ඉඩදෙන පාටයි. අපේ හිටපු ජනපති තුමා දැන් ගෞරවයෙන් සිහි කරමු. (අ)
නාමල් පරෙස්සම් වෙන්න වෙන කවුරු හරි බැනුම් අහයි (අ)
මේක උගුලක්. (හේ)
කාංචන, මෙතන ප්‍රශ්නය යුද්ධය නෙමෙයි. යුද්ධය අතර වූ මානව හිමිකම් කඩවීම්. වෙනස තේරුම්ගන්න (නි)
සිංහලකම ගැන රට ගැන කට්ටියම බොහොම ආදරෙන් කතාකරන එකට ස්තුතියි. මම කියන්නේ දේශීය යාන්ත්‍රණයක් තුළ පරීක්ෂණ කරලා වාර්තාවක් දෙන්න ඕනෑ. ඒගොල්ලන්ගේ වාර්තාවට අපිට ඇඟිලි ගහන්න බැහැ වගේම අපේ එකට එයාලට ඇඟිලි ගහන්නත් බැහැ. (නි)
සාක්ෂි කරුවන්ගේ නම් හෙළි නොකරන, සාක්ෂි වල සත්‍යතාවය සොයා නොබලා පිළිගෙන , විත්ති කරුවන් කවුරුද යන්න නම් හෙළි නොකරන, තනි තීරණ මත නිගමන කරන, මේ වාර්තාව පිළිගන්නවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලාංකිකයෙක් වෙනු නොහැක. (හේ)
ගණන් ගන්න එපා . මේ පටන් ගත්ත විටරයි. සීපා ත් දීල තලෙයි මන්නාරමේ පාලම ගැහුවාම ඔක්කොම හරි යාවි . ටිකක් ඉවසල දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ඉමු. (ම)
අපි වරදක් කරලා නැත්නම් අපි මොකටද බයවෙන්නේ? (නි)
මේ සිංහල නම් වලින් පෙනී සිටින උදවිය ගේ අදහස් දකින රණ විරුවෝ යුද්දේ දී වෙඩි වැදුන නම් මීට වඩා හොදයි කියල හිතෙනවා ඇති (බ)
නාමල් අසරණ ළමයෙක් වගේ. (හේ)
අපි බඩගින්නේ මැරුණත් අපේ රණවිරුවන්ව පාවා නොදෙමු යුද්දෙදි එකෙක් දෙන්නෙක් මැරෙන්න ඇති එක යුද්ධයක සාමාන්‍ය සිදුවීම් (හේ)
කාංචන මහතා හරියටම හරි. නමුත් කාටද කියන්නේ? මෙතන ඉන්න උදවිය දෙකට තුනට බෙදිලා තමාගේ පක්ෂය වෙනුවෙන් කතා කරනවා. තව සමහරු විවිධ නම් වලින් අදහස් දානවා. ජාතික ප්‍රශ්නයක්වත් තේරුම් ගන්න බැරිකම සිංහලයාගේ අවාසනාව තමා. (නි)
අපිට ලෝකය එක්ක හැප්පෙන්න බෑ.. ඔවුන් කියන විදිහට අධිකරනයක් පිහිටුවලා යුද හමුදාවේ අපරාද කළ සුළු පිරිසට දඩුවම් දී මේක ඉවරයක් කරන්න (ම)
ප්‍රසන්න මහත්ම අපි මොනව කරන්න ද මෙතන අදහස් දානවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නැහැ . වේදිකා ගානේ මේ ගැන කිව්වා කටේ කෙල හිදෙනකන්. (අ)
දැන් ඉතින් තුම්මුල්ලේ විමලේ දගලන්ඩ ගනී ආයිත් (බ)
නාමල්ට අමාරු ඇති යුද්ධ කරලා. මේ චෝදනා ලබා ඇත්තේ අපේම අය. ඔක්කොම බේරාගන්න බලන්නයි ඕනෑ (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නාමල්, මට නුඹ ඉන්නා තැනක් කියන්න (නි)
සිංහල අපි නිවට ජාතියක් නිසා......ඔවුන් කියන දෙයක් කරලා, බඩ කට පුරවා ගන්න විදිහක් බලමු. (අ)
දන්නේ නැති නිසා i අහන්නේ. නාමල් මහත්තයාගේ මව්පියන් දෙන්නෙම සිංහලද..?(අ)
වරදට දඩුවම් දීම නිවට කමක්ද? වැරදිකරුවන් රැකීමයි නිවටකම (අ)
නාමල් සිංහල නමින් ඔයා පෙනිහිටියට මොන ජාතියද කියල හිතා ගන්න අමරුයි මොනවා වුණත් රටක් වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් ජිවිතේ පරදුවට තියල නිදහස් රටක් කරපු විරුවන්ට ඔබගේ අදහස් අවමානයක් (අ)
එතකොට කොටිත් වැරදි කරලා තියෙනවා ඒවාට කාටද දඩුවම් දෙන්නේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු මරපුවට . රටේ දේපොළ විනාශ කරාට .දැන් කොටි සංවිධානය වෙනුවෙන් අඩන අයට ද ?(අ)
මේ මොන කරදරයක්වත් නැහැනේ, රාජපක්ෂ මහත්තය යුද්දේ ඉවර නොකර අපේ මේ ගුණමකු ජාතියට ත්‍රස්තවාදීන්ගෙන් විඳව විඳව ඉඳ ඉඩ හැරියානම්. (අ)
ඔබට රට බේරාදුන් එක තමයි කරලා තිබෙන පළමු වැරැද්ද. නැත්තම් අද මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. (නි)
අපි සැලෙන්නේ නෑ.(හේ)
නාමල් කියන්නේ ඇත්ත.. යුද්ධ කරපු රණවිරුවෝ හැමෝටම චෝදනා නෑනෙ... හමුදාව ඇතුළෙත් අපරාදකරුවන් ඉන්න පුලුවන් (අ)
මේ වෙලාවේ අපි සේරම අපේ රණවිරුවන් බේරාගන්න ක්‍රමයක් හොයනවා මිස, අනවශ්‍ය කතා වලින් වැඩක් නැහැ. (අ)
යුද්ධ කලේ දමිල ත්‍රස්ථ වාදීන්ගෙන් රට ජාතිය ආගම් බේරාගැනීමට මිස දමිල ජනතාවට විරුද්ධව නොවන බවත් කාගේවත් පෞද්ගලික කාරණා ඉටුකරගැනීමට නොවන බවත් මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම කිසිම පාට පක්ෂ ආගම් බේධයකින් තොරව පිළිගතයුතු සත්‍යකි. යුදුධයක් පවතිනවිට ත්‍රස්තවාදීන් හා හමුදාව පමනක්නොව සාමාන්‍ය ජනතාවද මිය යෑම මේ ලෝකයේ කාටවත් නොනැනවත්විය හැකි දෙයකි. ලෝකයේ බලගතු රටවල්(අමෙරිකාව,යුරෝපයේ) යුද්ධ කළ රටවල කොයිතරම් සාමාන්‍ය වැසියන් මිය ගියාද? මේවට කථාකරන මානවහිමිකම් කවුසල කෝ? යුද හමුදාවේ එකම එක සෙබලෙකුවත් එය මෙහෙයවූ එකෙකුවත් යුද අධිකරණ වලට යැවිය යුතු නැහැ. ත්‍රස්තවාදයට විරුද්ධ සිංහල දමිල මුස්ලිම් සෑම පුරවැසියෙක්ම ජාතියක් වශයෙන් හඬගා කිවයුත්තේ මෙය උවද දමිල හා මුස්ලිම් ජාතිකයන් මේ සඳහා හඬක් නොනගන්නේ මන්ද යන්න මට ගැටළුවකි. (හේ)
ඇයි මේ රණවිරුවන් මේ විදිහට චෝදනා වලට ලක්කරන්නේ? අපේ මවුබිමට කෙළින්ම හා වක්‍රව විරුද්ධව ක්‍රියාකළ දේශද්‍රෝහින්ව විනාශ කළ නිසාද? ඇයි මේ? කාව සනසන්නද? මේ අදහස් දාන සමහර උදවිය ශ්‍රී ලාංකිකයන්ද කියන ප්‍රශ්නය අහන එක සාධාරණයි (නි)
ජාතියක් මරණයෙන් මුදාගත් -සංහිඳිය නිර්දේශ නිසි කල නොකළ වරද (බ)