යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සිදු කළ ජත්‍යන්තර විමර්ශනයෙන් තමාට විඳගැනීමට සිදු වූ අවමානය හා නින්දාව වෙනුවෙන් එක්සත් ජාතීනගේ සංවිධානය ලිඛිතව සමාව ගත යුතු බවට වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා අද(23) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
නීතිඥ කපිල ගමගේ මහතාගේ මාර්ගයෙන් ගොනු කළ එම පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස එක්සත්ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක සුබිනේ නන්දි මහතා නම් කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ එම විමර්ශනය නීත්‍යනුකූල නොවන බවත්,එමගින් පැමිණිලිකරු ගේ සුරක්ෂිතභාවය ,සිතේ සැනසිල්ල හා ජාතික ආරක්ෂාව පිළිබඳ හැඟීම් කඩාකප්පල් වී ඇති බවත් ප්‍රකාශ කළේය.
2014 මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යොජනාවක අනුව ක්‍රියාත්මක වන මෙම විමර්ශනය ලංකා රජය බැහැර කළද ඒ වෙනුවෙන් ගිය රජය ගත් පියවර කිහිපයක් වෙනුවෙන් මහජන අරමුදල් වලින් රුපියල් මිලියන 135 වැය කරමින් සිදුවු මුදල් පාඩුව මහජනයාට දරන්නට සිදුවඇති බවද පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ජාත්‍යන්තර අධිකරණයටනේ අරන් යන්න ඕන. (බ)
පිස්සු වැඩිවෙලාද (බ)
ස්තුතියි ආචාර්යතුමනි! මේ සඳහා පෙළගැසිය යුත්තේ අපේ රණවිරුවෝ හා ඔවුන්ගේ පවුල් වල උදවියයි. මොකද වේදනාව දන්නේ තුවාල තිබෙන කෙනා මිස තුවාලය දකින හෝ ඒ ගැන අහන කෙනා නොවේ. (නි)
එලොවට යන්න පින් අතේ වැඩක් කර ගත්තොත් හොඳ නැද්ද ? (බ)
මේ නඩුවට කතාකරන්න ගම්මන්පිලට භාර කරලා සාක්ෂි වශයෙන් විමලේ,දිනේෂ් වාගේ කට්ටිය යැව්වනම් මරු. බාහුගේ ප්‍රතිපත්ති එක්ක එයාට යන්න බැහැනේ. (බ)
අපගේ ප්‍රණාමය ......! (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ප්‍රියන්ත සිරිවර්ධන, ශ්‍රී වික්‍රම ලට දැනුමක් නැති අය රට පාවා දෙන්නෝ යූඑන්ඒ අපට සහ ඇමරිකාවට නීති දෙකක් අනෙක අපේ රටේ ස්වෛරීභාවය රැකගත යුතුයි (බ)