එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මතවූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේදී විදේශීය නීතිඥවරු විනිසුරුවරුන් සහභාගී වන බවත් මානව හිමිකම් කොමසාරිස් කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව කී වීරවංශ මහතා පක්ෂ පාට බේද නොසලකා එයට විරුද්ධ වන ලෙස ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි ජනමත විචාරණයෙන් රටේ ජනතාව 50% ට වැඩියෙන් ' නැහැ ' කිවොත් බලවත් රටවල් ඒක අසාවිද..?ඒගොල්ලෝ කරන්නේ ඒ අයට ඕන එක මිසක් අපිට ඕන එක නොවෙයි. (ර)
කියන්නෙම මේවගේ වැඩක් නැති කතා. දැන්වත් ටිකක් කට පියා ගෙන ඉන්නකෝ . (අ)
මේකට හේතුව ඉතින් මේක ලංකාවේදී ජනමතයෙන් පරාජය කළේ මම තමයි කියන්න මිසක් මේකෙන් ලැබෙන තර්කානුකුල ප්‍රතිපලයක් නැහැ. අනිත් එක තමයි මේ ජනමත විතාරණ වලට සල්ලි හොයන්නේ කවුද කියන එක. අන්තිමට පැරදුණාම එකටත් ලංකාවේ සිංහලයන්ටම බනීවි භයානක කම තේරුනේ නැහැ එකෙන් රට බාල්දු වුණා කියල.(අ)
ජනමත විචාරණයක් තිබිය යුතුයි. (ර)
තර්කානුකූලව කතාකරන්න. කොකාකෝලා, ගූගල් ගැන කතා නොකර, මහින්දගේ කාලේ වගේ නැතුව, හොඳ ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් යෝජනා කරන්න. (නි)
මෙයාල කවදත් දැන දැන උගුරට හොරා බෙහෙත් කන, නැහැ බැහැ, විරුද්ධයි කියාගෙන, මේ ලෝකේ නැති කුමන්ත්‍රණ මවාපාමින්, මහජනතාව නොමග යැවීමට උත්සහ කරන, විහිලු කථා කියාගෙන බෙරිහන් දෙන අනුන්ගේ පහනෙන් එලිය " පෙන්වන" අය නේ. රැවටිලා , වැරදිලා මේ ගොල්ලන්ට ඡන්දය දීපු අයට හිතෙනවා ඇති කරගත්තු ගොන්කමක් කියලා. තව දවස් 1782 නේ , ඊට පස්සේ ෂුවර් එකට ගෙදර. අර හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත් හුටපටය යට ගහන්න බැරි වුණොත් ඊටත් කලින් ගෙදර තමයි. එතකොටවත් කනක් ඇහිලා ඉන්න පලුවන් වෙයි. (අ)
දැන් ඔය ජනමත විචාරණය පවත්වන්න කියන්නේ කාගේ මුදල් වලින්ද? (නි)
අපි වෙනුවෙන් කතාකරලා ඔය යෝජනාවල වැරදි පෙන්නන්න විපක්ෂයක් නැති නිසා ජනමත විචාරණයක් තියන්න . අපිට අපේ මතේ කියන්න. ඔය එල්ලුම් ගහටත් ජනමත විචාරණයක් තිබිය යුතුයි. (ර)
ජනමත විචාරනෙට ගෙවන්නේ කවුද? (ර)
මේ වගේ අය, නමුත් මෙයා ඡන්දයේ 01, ඉතින් රටේ ඊට වඩා මෝඩයන් ඉන්නවා (අ)
විමල් සහෝදරයාගේ වැසිලා තිබුන හොරනවා, නැත්නම් යකඩ කට ඇරගන්න හොඳ "ටොපික්" එකක් එයාට ලැබුණා වගෙයි.(අ)