ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.10ට පමණ සම්මත විය.
ඡන්ද විමසීමක් අවශ්‍යදැයි සභාපතිවරයා විමසූ විට සභාව නිහඬවී සිටියේය.
යෝජනාව පිළිබඳව එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා යෝජනාව සම්මතවීමට පෙර කථාකරමින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහාවන සංහිඳියාව, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.
දකුණු අප්‍රිකා නියෝජිතයා කථා කරමින් ශ්‍රී ලංකාව ස්වයං විවේචනයක යෙදෙමින් අතීත සිද්ධි ගැන පරීක්ෂණයක් කිරීමට එකඟවීම අගය කරන බවත් එවැනි දේ ගැන බොහෝ අත්දැකීම් ඇති දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට හැම සහායක්ම දෙන බවත් පැවසීය. 13 වැනි සංශෝධනය අර්ථවත් ලෙස පනවා බලය විමධ්‍යගත කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාවේ හඬද මේ ප්‍රශ්නය විසඳීමේදී වැදගත් සාධකයක් බවත් දකුණු අප්‍රිකාව කියා සිටියේය.
ඝානා නියෝජිතයා කියා සිටියේ පසුගිය මාස 9 දී ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය 1815 උඩරට ගිවිසුමක් නොවේවා! එතිහාසික වැරදි නැවත සිදුවීමක් සිදු නොවෙයි කියා ප්‍රර්ථනා කරමි! (ර)
රටට අවැඩක් නොවෙන ඕනෑමදේකට අපි කැමතියි (නි)
තිත්ත ඇත්ත! (නි)
රනිල් ,මෛත්‍රී කොන්දක් නැති නායකයින් බව මින් පැහැදිලි වේ ?මේවට වගකියන්න ඕන මහින්ද මහත්තය,ඒ වැරදි නිසා නිවටයින් රජවුණා (බ)
ඉතා විශිෂ්ට ජයග්‍රහණයක්. යම් වරදක් කළ අය සිටිනම් සොයාබලා සුදුසු දඩුවම් දී රටේ කීර්ති නාමය රැකගැනීමට මේ අවස්ථාවේදිවත් පියවර ගත්තොත් රටේ නිර්දෝශී භාවය අපිට චෝදනා කරන අයට පෙන්වන්න පුළුවන්. (බ)
රත්නායක, ඔයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. මහින්ද මහත්තය බැන්කී මූන් එක්ක පරීක්ෂණයක් කරන බවට අත්සන් කරල ඒක නොකරපු නිසා තමයි මේ ප්‍රශ්නෙ මෙච්චර දුර ගිියේ. (බ)
නිදහස් රටක් තුළ සිදුවිය හැකි වැරදි එම රටම විසඳා ගැනීම ශිලාචාර වැඩක්. කෙසේවෙතත් වත්මන් රජය මෙම විෂය සම්බන්ධයෙන් ගත් ප්‍රවිෂ්ටය නිවැරදියි (නි)