IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු යැයි   ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ උතුරේ දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සංවාදයට උතුරේ දේශපාලනඥයන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ආනන්දි ශෂීදරන් , එම්.කේ සිවාජීලින්ගම්,  උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු වන ගජේන් පොන්නම්බලම් එක් වූ අතර වගවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි ඔවුහූ   පැවැසූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ රටවල මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ නව ආණ්ඩුව මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව, බෙල්ජියම, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයෝ ප‍්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූහ.  

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී විදෙස් රටවල නිත්‍ය නියෝජිතයෝද , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝද අදහස් දැක්වූහ.

යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුවීදැයි සෙවීමේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දැක්වෙන යෝජනාව පිළිබඳ විවාදය අද (30)   එම කවුන්සිලයේදී සිදු කිරීමට නියමිතව තිබුණද සිදුවූයේ නියෝජිතයන්ගේ අදහස් දැක්වීමක් පමණි. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට නියමිතව තිබූ නමුත් එය ද සිදු නොවිණි. සැසිවාරයේ කටයුතු බ්‍රහස්පතින්දාට (1) කල් තැබිණි. 

 



අදහස් (0)

ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති

යාපා Thursday, 01 October 2015 06:37 AM

කවුරු මොනවා කිවුවත් ත්‍රස්තවාදය නැතිකළ අපේ රට ගැන මට තියෙන්නේ පුදුමාකාර ආඩම්බරයක් (නි)

:       0       0

මහින්ද Thursday, 01 October 2015 07:10 AM

කවුරු ගියත් කමක් නැහැ සාධාරණ තීන්දුවක් ලැබෙනවා නම් (නි)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 08:20 AM

ඇවිලෙන ගින්නට පිදුරු දාන්න නම් එපා (නි)

:       0       0

වසන්ජය Wednesday, 30 September 2015 08:45 PM

එල්ටීටියෙන් බැටකෑ අරන්තලාවේ භික්ෂු ඝාතන වැනි සිංහලයට සිදුවුණ මානව හිමිකම් උල්ලංඝනය ගැන කතා කරන්න කෙනෙක් නැද්දෝ? (නි)

:       0       0

දම්මික Wednesday, 30 September 2015 09:33 PM

මේවා ගොඩක් හොඳ වැඩ. එහෙත් මේ රජයට තිබෙන ලොකුම අභියෝගය 100% ක් මන්දපෝෂණය දුරලීමේ සටන ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ශක්ති Thursday, 01 October 2015 12:24 AM

ඇයි දකුණෙන් ගිහින් කොටින්ගෙන් අපිට වුණ හානි ගැනත් කියන්න.දකුණේ සිටින අපේ සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව කොපමණ විනාශ වුණාද? (නි)

:       0       0

නෞෂි Thursday, 01 October 2015 02:19 AM

සැමට සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site